IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වනජීවී ඇමැති කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනය වෙයි

(රංජිත් රාජපක්ෂ)                         

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බි.රත්නායක මහතා යළිත් ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ  අද (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත.

පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යය අරුන්ධික ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 වයිරසය අසාදනය විම නිසා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා අමාත්‍යය සි.බි.රත්නායක මහතා ස්වෙච්ඡාවෙන්ම ස්වයං නිරෝධානයට යොමු වි ඇත.

වලපනේ ප්‍රදේශයේ කිතුල් ක්ෂෙත්‍රයට අදාල නිෂ්පාදනකරුවන් වෙත භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් අමාත්‍ය සි.බි.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යය අමාත්‍යය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් 24 දින වලපනේ ප්‍රදේශයේදි පැවැත්විණ.

එම උත්සවයට වලපනේ ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්දු හිත්තැටිය ඇතුළු පිරිසක් සහභාගි වි ඇති අතර, එම පිරිස නිරෝධායන උපදෙස් වලට අනුකුලව උපකරණ ලබාදිමේ උත්සවයට සහභාගි වි සිටි බවත් , එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාගෙන තිබු බව වලපනේ ප්‍රාදේශිය සභාවේ නිලධාරියෙකු කියා සිටියේය.

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාටද මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා අමාත්‍ය සි.බි.රත්නායක මහතා එම සභාපතිවරයා තලවකැලේ ලිදුල නගර සභාවේ පැවති උත්සවයෙදි ළගම ආශ්‍රිතයෙකු විම නිසා අමාත්‍යවරයා ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වි ස්වයං නිරෝධානයේ සිට සිදු කරගත් පි.සි.ආර් පරික්ෂණ වාර්තා දෙකෙන්ම අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.
 



අදහස් (5)

වනජීවී ඇමැති කැමැත්තෙන්ම ස්වයං නිරෝධායනය වෙයි

Nuwan Wednesday, 27 January 2021 10:22 AM

එහෙම ඇමැති කෙනෙක් ඉන්නවද? රට පුරා වනාන්තර සමතලා කරනවා. අලි ගම්වැදිලා මිනී මරනවා.

:       0       15

Puppa Wednesday, 27 January 2021 11:17 AM

සිරගත වූවා නම් රටට බරක් නැති වෙනවා.

:       0       11

Don perera Wednesday, 27 January 2021 10:41 PM

තාම පාර්ලිමේන්තුවෙන් සුබ නිවුස් එකක් ආවෙ නැහැ. බලමු කවුද කියලා..?

:       0       0

puppa Thursday, 28 January 2021 12:40 AM

මේවත් ප්‍රවෘත්තිද?

:       0       0

සිරි Thursday, 28 January 2021 05:07 AM

ස්වයං වාරණය වෙනවා කියලා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගැනීම ඉන්නවද? නැද්ද? කියලාවත් දන්නේ නැති දේශපාලකයන්ගේ අලුත්ම උපාය වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site