(ඉන්දිකා රාමනායක)
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ අද (27) දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 62 දෙදෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මොවුන්ගේ ආශිතයන් 400 ට ආසාන පිරිසක් අද පස්වරුව වනවිට හදුනාගෙන ඇති බවද එම අංශ සදහන් කරයි.
ආසාදිත පිරිස අතර ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන් පවුල් සෞඛ්‍ය සේවිකාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.
තෝරාගත් පිරිසක් හා රෝගීන්ගේ තෝරාගත් ආශ්‍රිතයන් 255 දෙනකු තෝරාගෙන ඊයේ (26) දින පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බවද, එම වාර්තාව අනුව මෙම රෝගීන් 62 දෙනා හදුනාගත් බවද සෞඛ්‍ය අංශ පවසයි.
කොහිලවත්ත, අංගොඩ, ගොතටුව, මාදින්නාගොඩ, මෙගොඩ කොලොන්නාව, බෝපැත්ත, මහබුත්ගමුව යන ප්‍රදේශ වලින් මෙම ආශ්‍රිතයන් වාර්තා වී ඇති බවත් ඔවුන් ඊයේ පස්වරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.
ඉකුත් ඔක්තෝබර් මස සිට මේ දක්වා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශිය සභා බල ප්‍රදේශය තුළ 800 ට ආසන්න රෝගීන් සංඛයාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොටිකාවත්තෙන් අද කොරෝනා රෝගීන් 62 ක් හමුවේ