IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කෑගල්ල ඇටෝරැවාව ග්‍රාමයට සංචරණ සීමා

(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයට අයත් සමගිගම ඇටෝරැවාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (30) පැවසීය.

සමගිගම ඇටෝරැවාව ප්‍රදේශයෙන් කෝවිඩ් 19 වයිරසය ආසාදිත පුද්ගලයන් 04 දෙනෙකු හඳුනා ගැනීමත් සමග පවුල් 15ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඵම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටසෞඛ්‍ය අංශ සහ පොලිසිය ඵක්ව කටයුතු යොදා ඇත.

ඇටෝරැවාව ප්‍රදේශයේ පුද්ගලයන් 65දෙනකු සඳහා පී.සී.ආර්. පරික්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ඊයේ (29) කටයුතු යොදා තිබිණි.

එහිදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයෙන් කෝවිඩි 19 වයිරසය අසාදිත පුද්ගලයන් 04දෙනකු හඳුනාගෙන ඇති අතර පී සී ආර් ප්‍රතිඵල දින 03කදී ලැබිමට නියමිතය.

මෙදින හඳුනාගත් ආසාදිතයන් සහ කලින්  මෙම ප්‍රදේශයේ වාර්තා වූ රෝගීන් ගණන 08 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිත පොකුර  ප්‍රදේශයේ සූදු පිටියකින් ඇරඹූ බවත් ඵම නිවසේ උපන්දින සාදයක් පැවැත් වූ බවටද මේ වනවිට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා මරණ 12 ක් වාර්තා වී ඇති අතර වයිරසය ආසාදිත පුද්ගලයන් 2022 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, මේ වනවිට සුවය ලැබූ පිරිස 1285 දෙනෙකු බවත්, පුද්ගලයන් 4711දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු යොදා ඇති බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.



අදහස් (0)

කෑගල්ල ඇටෝරැවාව ග්‍රාමයට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31519 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13855 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11069 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 154 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site