(තුසිත කුමාර ද සිල්වා)
කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28)සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීහු පවසති.
රාජ්‍ය අමාත්‍යවරයා සමග කෝවිඩ් ආසාදිතව කොග්ගල ප්‍රදේශයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාගේ බිරිඳ ද අද සුවය ලබා පැමිණ ඇත.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 18 වැනිදාය.
සබැඳිය - රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාව ගරානාවක් කරගත්තු ජාතියකින් තව මොනවා බලාපොරොත්තු වෙන්නද?
මේක මොන නීතියක්ද? හැදුණෙත් නැති අපේ මිනිස්සුන්ට දවස් 14ක්... මේ අයට හැදිලත් දවස් 10යි.
"එකම රටක් එකම නීතියක්" නියමෙට ක්‍රියාත්මක වෙනවා වගෙයි. 69 ලක්ෂයට දැන් හරි සනීපයක් දැනෙනවා ඇති. මේ දවස්වල ඒ කවුරුවත් හොයාගන්න තියෙන අපහසුවයි අවුල.
අපරාදේ...!!!
රට විරුවෝ කිසිම රෝගයක් නැතිව දින 14ක් හෝටල්වල තියාගෙන ඉන්නවා. මෙයා දින 10න් ගෙදර යනවා. එකම රටක නීති 2ක් කියන්නේ මේකට තමයි.
මෙයා දවස් 10 ක් හිටියා. ඒත් අර නුවර වසන්ත බණ්ඩාර එක දවසයි හිටියේ නිරෝධායනයේ. ඒකටත් මොකක් හරි දේශපාලන හේතුවක් කියන්නකෝ...
විදේශගත අයටත් රටට එන්න පහසුකම් නැහැ. ඒ ආවත් දින 14ක් හෝටල්වල... තව දින 14ක් ගෙදර... එතැනම මාසයකට ළඟයි. මෙයාලාට දින 10යි. මේ අයට නම් විකාර... කෝ මේවා බාරව ඉන්නවා කියන අය..?