(තුසිත කුමාර ද සිල්වා)
කෝවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අද (28)සුවය ලබා බේරුවල සිය නිවස වෙත පැමිණ ඇති බව රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීහු පවසති.
රාජ්‍ය අමාත්‍යවරයා සමග කෝවිඩ් ආසාදිතව කොග්ගල ප්‍රදේශයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාගේ බිරිඳ ද අද සුවය ලබා පැමිණ ඇත.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 18 වැනිදාය.
සබැඳිය - රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත දවස් 10න් ගෙදර යයි
Kasun Thursday, 28 January 2021 12:16 PM
කොරෝනාව ගරානාවක් කරගත්තු ජාතියකින් තව මොනවා බලාපොරොත්තු වෙන්නද?
Wasu Thursday, 28 January 2021 01:11 PM
මේක මොන නීතියක්ද? හැදුණෙත් නැති අපේ මිනිස්සුන්ට දවස් 14ක්... මේ අයට හැදිලත් දවස් 10යි.
siri Thursday, 28 January 2021 01:19 PM
"එකම රටක් එකම නීතියක්" නියමෙට ක්‍රියාත්මක වෙනවා වගෙයි. 69 ලක්ෂයට දැන් හරි සනීපයක් දැනෙනවා ඇති. මේ දවස්වල ඒ කවුරුවත් හොයාගන්න තියෙන අපහසුවයි අවුල.
De Thursday, 28 January 2021 02:04 PM
අපරාදේ...!!!
banda Thursday, 28 January 2021 09:54 PM
රට විරුවෝ කිසිම රෝගයක් නැතිව දින 14ක් හෝටල්වල තියාගෙන ඉන්නවා. මෙයා දින 10න් ගෙදර යනවා. එකම රටක නීති 2ක් කියන්නේ මේකට තමයි.
Saman Friday, 29 January 2021 05:04 AM
මෙයා දවස් 10 ක් හිටියා. ඒත් අර නුවර වසන්ත බණ්ඩාර එක දවසයි හිටියේ නිරෝධායනයේ. ඒකටත් මොකක් හරි දේශපාලන හේතුවක් කියන්නකෝ...
wicky Friday, 29 January 2021 05:53 AM
විදේශගත අයටත් රටට එන්න පහසුකම් නැහැ. ඒ ආවත් දින 14ක් හෝටල්වල... තව දින 14ක් ගෙදර... එතැනම මාසයකට ළඟයි. මෙයාලාට දින 10යි. මේ අයට නම් විකාර... කෝ මේවා බාරව ඉන්නවා කියන අය..?