(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකින් කොරෝනා රෝගීන් විශාල වශයෙන් හමුවීම නිසා එම ඇඟළුම් කම්හලේ සියලුම සේවකයින්ට පෙබරවාරි මස 01 වැනිදා තෙක් නිවාඩු ලබාදෙන ලෙස උපදෙස්දී ඇතැයි පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා අද(28) ප‍්‍රකාශ කළේය.
එම නිවාඩු කාලසීමාව තුල 400 දෙනෙකුගේ පමණ පී.සී.ආර් පරීක්‍ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා කීය.
මෙම ඇඟලුම් කම්හලේ සේවකයින් 40 දෙනෙකු මේ වනවිට අවස්ථා කිහිපයකදී සිදුකල පී.සී.ආර්.පරීක්‍ෂණවලදී කොරෝනා ආසාදිතයින් බව තහවුරුවී තිබීම හේතුවෙන් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මේ පියවර ගත් බව වෛද්‍ය කුමාරවංශ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ කොරෝනා සමාජගත වෙලා අවසන්ය. දැනට 5%ක් සමාජය තුළ දෛනිකව කෝවිඩ් ධනාත්මක වෙනවාමයි. මාස 02ක කාලයක් පමණ වනවිට ලංකාවේ සියලු දෙනාටම කෝවිඩ් ධනාත්මක වී අවසන් වනු ඇත. මෙයින් 90% කම රෝග ලක්ෂණ නොපෙන්වයි. එමනිසා කිසිඳු අගුළු දැමීමක් හෝ ආයතන වසා දැමීමක් නොකරන්න. මන්ද මෙය පැතිරීම අපට කිසිසේත් වැළැක්විය නොහැකි දෙයක් නිසායි. හුදකලා කිරීම්, නිරෝධායන ක්‍රියාවලිය මගින් මෙය පාලනය කිරීමට කිසිසේත් නොහැකි වනු ඇත. ස්තුතියි..!!!.