IMG-LOGO

කෝට්ටේ මහනගර සභාවේ ඉංජිනේරු අංශය වහයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ඉංජිනේරු අංශය වසා දැමීමටත්, සේවා සැපයුම් අංශය වෙනම කාර්යාලයක් විවෘත කර ජනතා සේවය සැලසීමට පියවර ගත් බවත් කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතා අද (28) පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු (එ.ජා.ප) සහ ඉංජිනේරු අංශ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ මේ පියවර ගත් බව ඒ මහතා පැවසීය.

නාගරික මන්ත්‍රීවරු දෙදෙනා ඔබේසේකරපුර පදිංචිකරුවන් වන අතර එම කලාපය රෝගීන් විශාල වශයෙන් පසුගිය කාලයේ වාර්තා විය. නුගේගොඩ මහජන සෞඛ්‍ය වෛද්‍ය අංශය විසින් රතු කලාපයක් ලෙස එය නම් කර තිබූ බවද සෞඛ්‍ය අංශ කියාසිටී.

එක් මන්ත්‍රීවරයෙකු කොළඹ ජාතික රෝහලේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළි වී ඇත. ඔහුගේ ආශ්‍රිතයකු ලෙස සිටි මන්ත්‍රීවරුන් 10දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර්  පරීක්ෂණවලින් තවත් මන්ත්‍රීවරයෙකු ආසාධිත තත්වයට පත් වී ඇති බව අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ කීය.මන්ත්‍රීවරු දෙදෙනකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගැනුණු 50දෙනකුට පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මන්ත්‍රීවරුගේ පවුල් ආශ්‍රිතයන් ද ස්වයං නිරෝධානයට ලක්කළ බව සඳහන් කරන සෞඛ්‍ය අංශ සදුදා වන විට කෝට්ටේ මහා නගර සභාවේ මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන් සියලු දෙනාටම පී.සී.ආර්   පරීක්ෂණ කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසිය.

රෝගීන් මෙසේ වාර්තාවීමත් සමග පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සඳහන් කළ ඒ මහතා සදුදා වන විට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 200ක් පමණ මන්ත්‍රීවරු ඇතුළු නිලධාරීන්ට සිදුකිරීමට සැලසුම් කර ඇති බවද පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාලන අංශයේ සේවා සැපයුම් ලබා ගැනීමට අත්‍යවශ්‍ය වූ කාරණයකට පමණක් පැමිණෙන්නේ නම් එය වඩා වැදගත් වන බව ද පුරපතිවරයා වැඩිදුරටත් පැවසීය.ඉදිරියේදී එම කාර්යාලය විසබීජහරණය කර ඉංජිනේරු අංශය නැවත සේවා සැපයීම සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

කෝට්ටේ මහනගර සභාවේ ඉංජිනේරු අංශය වහයි

ලලිත් පුෂ්පකුමාර Friday, 29 January 2021 12:58 AM

කෝවිඩ් දෙවැනි රැල්ල සමාජයේ ව්‍යාප්ත වෙන්න ගත්ත කාලේ ඉඳලා නගර සභාවෙන් ඉල්ලීමක් කරනවා. නගර සභාවේ සේවකයන් pcr කරන්න කියලා මේ වෙනකම් පියවර අරගෙන නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site