නිහඬ කාලයේ දී මැතිවරණ නිති උල්ලංඝණ 45 ක් මැතිවරණයේ නිහඩ කාල සීමාව තුළ එනම් 7 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට අද (9) උදෑසන තෙක් කාලය තූල නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඇතුළු මැතිවරණ නීති උල්ලංඝණයන් පිළිබඳ පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. 09 February 2018
නියඟය අායෙමත් ඔරවයි වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 85,999කට අයත් 2,71,960 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 February 2018
ශ්‍රී ලංකාව ගැන පැමිණිලි කරන්න උතුරේ ඇමැතිවරු ජිනීවා යති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වී ශ්‍රීලංකාවට එරෙහිව කරුණු කීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මැති ඇමැතිවරුන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු මුල් සතියේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටව යාමට නියමිතය. 09 February 2018
ලක්ෂ 24 ක රන් කුට්ටි 4ක් සමඟ කතක් දැලේ රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා රත්තරන් කුට්ටි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය. 09 February 2018
ඇලොසියස් - පලිසේන දෙදෙනාගේ ඇප නියෝග 16 දා බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය. 09 February 2018
දඹුල්ල නගර මධ්‍යයේ මළ සිරුරක් දඹුල්ල නගර මධ්‍යයෙන් ප්‍රධාන මාර්ගය අභියස මිය ගොස් වැටී තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම සොයා ගත් බව දඹුල්ල පොලීසිය කියයි. 09 February 2018
2022දී ගෙවීමට ඇති ණය සේවා පිරිවැයවල වටිනාකම ඩො.බි. 21 - අගමැති වසර 2022 වනවිට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය සේවා පිරිවැය වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21ක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පැවසීය. 08 February 2018
රාජ්‍ය ණය සම්බන්ධයෙන් මහ බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක් මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව යැයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයනක් නිකුත් කරමින් කියා සිටී. 08 February 2018
සියලුම පාසල් හෙට නිවාඩු ලබන 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (09) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 08 February 2018
කුවේටයට ගිය ලාංකිකයන් 151ක් එරට සිරගෙවල්වල විදෙස් රැකියා සඳහා කුවේටයට ගිය ලාංකිකයන් 151 කට අධික පිරිසක් එරට සිරගෙවල්වල දඬුවම් විඳින බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. 08 February 2018
හොරෙන් ඉන්දියාවට ගිය ලාංකිකයන් 4දෙනා අත්අඩංගුවට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයින් සිව්දෙනෙකු එරට මුහුදු ආරක්ෂක අංශ අද (08) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 08 February 2018
අල්ලස් ගත් බීට්ටු නිලධාරියා අත්අඩංගුවට වව්නියාව නැදුන්කර්නි ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක ගස් කපා ශූද්ධ පවිත්‍ර කිරීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකිරීමට පුද්ගලයකුගෙන් රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් නැදුන්කේනි අඩවි වන කාර්යාලයේ බීට්ටු නිලධාරියකු අද (08) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව අත්අඩංගුවට ගනු ලැබීය. 08 February 2018
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත් යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව යුරෝපා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය අද (08) වාර්තා කළේය. 08 February 2018
ශ්‍රී ලංකාවේදී මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07ක් අත්අඩංගුවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (08) නාවික හමුදා භාරයට ගත් අතර උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. 08 February 2018
විල්පත්තුවේ අනවසර ඉදිකිරීම් නවත්වන්න ගොනු කළ රිට් පෙත්සම කල් යයි විල්පත්තු රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නැවත විභාගයට ගැනීම ලබන ජූනි 05 වැනි දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය. 08 February 2018
පවුල් ආර්ථිකයට විසඳුම් දෙන නව ඒකකයක් පවුලේ ආර්ථිකය පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීම සඳහා නව ඒකකයක් පිහිට වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී පැවසීය. 08 February 2018
ඡන්ද පොළ නිරික්ෂණයට 13000 ක් පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරීම සඳහා දේශිය නිරික්ෂණ සංවිධාන විසින් නිරික්ෂකයන් 13000 කට අධික පිරිසක් යෙදවීමට නියමිතය. 08 February 2018
පැමිණිල්ල විභාග කරන්න ගිය කොස්තාපල් කාන්තාවට අතවර කරලා පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිවැසි කාන්තාවකට ලිංගික අතවර කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අද (8) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 08 February 2018
ගාල්ල රබර් කම්හලක ගින්නක් ගාල්ල බෝගහගොඩ පිහිටි රබර් කර්මාන්තශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 08 February 2018
හිටපු කොමදෝරුගේ නඩුව කල් යයි කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 ක් පැහැර ගැනීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.පි දසනායක මහතා ඇතුළු නාවික නිලධාරින් 9 දෙනාගේ නඩුව ලබන 22 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 08 February 2018
හිටපු ජනපති අතිරේක ලේකම්ට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගෙන රජයේ මුදල් ලක්ෂ 175 ක් වංචා කිරිමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී.ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 08 February 2018
මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට සිරදඬුවම් මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට මැතිවරණ නීතිය යටතේ වසර 3 ක උපරිම සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා දඩයක් මැතිවරණ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ලබාදීමට කටයුතුකළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසීය. 08 February 2018
අධිකරණ නියෝගයෙන් ඉබ්බන්ට අභයදානය ආඩිගම - තිඹිරිගොල්ල, වන්නියාකුලිය වැවෙන් අල්ලන ලද බව කියන කිරි ඉබ්බන් 04 දෙනෙකු සහ ගල් ඉබ්බන් 08 දෙනෙකු ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මියගේ නියෝග අනුව විල්පත්තුව වනාන්තරයට මුදා හැර ඇත. 08 February 2018
බි්රගේඩියර් ප්‍රනාන්දුට එරෙහිව පරීක්ෂණයක් නෑ - හමුදාපති බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ලංකාදීපයට පැවසීය. 07 February 2018
පාප් වහන්සේ සිය ජීවිතයේ අවසන් සමය ගත කරන බව කියයි තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය යැයි හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබේ. 07 February 2018
බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන දිවයිනට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 07 February 2018
උමා ඔය වන්දි ගෙවා අවසන් බව නීතිපති කියයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවා අවසන් බව අද (7) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 07 February 2018
ජනපති නියමයෙන් බි්රගේඩියර් පි‍්‍රයංක යළි සේවයේ බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන රාජකාරි කටයුතු වලින් ඉවත්කර සිටි ශි‍්‍ර ලංකා 07 February 2018
මීනගයා දුම්රිය හෙට සිට යළි ගමන් අරඹයි දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ- මඩකලපුව හා මඩකලපුව - කොළඹ දුම්රිය චීන මැදිරි වෙනුවට රූමේනියන් මැදිරි යොදවා හෙට (8) සිට නැවත ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 07 February 2018
හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ - විදේශ අමාත්‍යංශය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි 07 February 2018
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026