ලංකාවත් කෙන්යාවේ සෝමාලියාවේ තත්ත්වයට පත්වීමේ අවදානමක් රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය උත්සුක නොවන බැවින් එය තව තවත් වර්ධනය වෙමින් රට කෙන්යාව, සෝමාලියාව වැනි තත්වයට පත්වීමේ අවදානමක් ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද (5) පැවසීය. 05 December 2018
බස් ගාස්තු අඩු කරනවාද නැද්ද යන්න තීරණය 21 වැනි දා ඩීසල් අඩුවීම පමණක්ම පිළිබඳ නොසිතා තවත් කරුණු 12 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ලබන 21 වැනි දා බස් ගාස්තු අඩු කරනවාද නැද්ද සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 05 December 2018
ජන බල මෙහෙයුමේ සංවිධානයට මන්ත්‍රීවරුන් ගමට යවයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දෙන ලෙසට බල කරමින් කොළඹට එන ජන බල මෙහෙයුමේ සංවිධාන කටයුතු සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් මේ සති අන්තයේ තම මැතිවරණ බල ප්‍රදේශවල සංවිධාන කටයුතුවල නිරත වන ලෙස දැනුම් දී ඇත. 05 December 2018
වික්‍රම වීරසූරිය සමුගනී රාජ්‍ය තාන්ත්‍රිකයකු, සිවිල් නිලධාරියෙකු සහ නීතීඥයකු වන ආචාර්ය වික්‍රම වීරසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. 05 December 2018
කරාපිටිය රෝහල් රථගාලේ වෛද්‍යවරු ගහගනිති කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු අද (05) දහවල් රෝහල් පරිශ්‍රය තුළදී ම තවත් වෙද්යවරයෙකුට පහරදී තිබේ. 05 December 2018
ජනපති ඝාතන කුමන්ත්රණයේ සැකකරුවෝ යළි රිමාන්ඩ් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට සැලසුම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඉන්දීය ජාතික මර්සලීන් තෝමස් සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අයවලුන් ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 05 December 2018
ප්‍රධාන ඖෂධ 100 ක හිඟයක් ප්‍රධාන පෙළේ ඖෂධ 100ක හිඟයක් ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. 05 December 2018
‘නේවි සම්පත්’ යළි රිමාන්ඩ් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් ලබන 19 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (5) නියෝග කළේය. 05 December 2018
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳලා නම් ගතයුතු ක්‍රියාමාර්ගය ඒකෙම තියෙනවා - නීතිපති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්,එබැවින් මෙම පෙත්සම් 13 විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 05 December 2018
මන්නාරම් සමූහ මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 250 ඉක්මවයි මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ අද (05) දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිස් ඇටසැකිලි සිරුරු 252 ක් හමුවූ බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 December 2018
‘එජාප නායකත්වය සමඟ මටත් බරපතල ගැටුමක් තියෙනවා’ දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 05 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමට අදාළ පෙත්සම් විභාගය දෙවැනි දිනටත් ඇරඹේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) දෙවැනි දිනටත් විභාගයට ගැනීම ආරම්භ කළේය. 05 December 2018
මහින්ද පාර්ශ්වය පාර්ලිමේන්තු නොඑති අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු තවමත් පැමිණ නැත. 05 December 2018
පාර්ලිමේන්තුව කල් තැබෙයි කල් තැබීමේ විවාදයෙන් පසු පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනි බදාදා පස්වරු 01 තෙක් කල් තැබිණි. 05 December 2018
යුද්ධය හා ත්රස්තවාදයක් එපා කියමින් මුලතිව්හි පෝස්ටර් යුද්ධය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් ’නැවත යුද්ධයක් හෝ ත්රස්තවාදයක් රට තුළ ඇති වීමට ඉඩ නොදේවා!’ යනුවෙන් සඳහන් කරමින් මුලතිව් දිස්ත්‍රික්කයේ අද (05) අලුයම් කාලයේදී පෝස්ටර් අලවා ඇති බවට මුලතිව් වැසියෝ කියා සිටිති. 05 December 2018
ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා බඳවාගෙන ඇත්තේ සම්මත ක්‍රමවේදයෙන් බැහැරවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු අධ්යක්ෂ තනතුර සඳහා කර්නල් මංජුල කාරියවසම් මහතා බඳවා ගත්තේ සම්මූඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ගැසට්පත්‍රයේ පළ කිරීමෙන් හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීමකින් තොරව බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකදී අනාවරණය වෙයි. 04 December 2018
සිසුවෙකුට පුටුවෙන් පහරදුන් තවත් සිසුවෙක් රිමාන්ඩ් මුදලට බෝලිං ක්‍රීඩාව කරද්දී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි සිසුවෙකුට පුටුවකින් පහරදී උස්සා පොළොවේ ගසා බරපතල තුවාල කළැයි කියන සිද්ධිකයකට අදාළ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවකු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (04) නියෝග කළේය. 04 December 2018
මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක් ජනතා පරමාධිපත්‍ය බලයට හිස නමා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය අද (4) කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහරක් ආරම්භ කෙරිණි. 04 December 2018
පාර්ලිමේන්තු රැස්වීමට ආණ්ඩු පක්ෂය හෙටත් නෑ පාර්ලිමේන්තු රැස්වීම සඳහා හෙට (4) දිනයේ ද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. 04 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීම නීතිවිරෝධී යැයි ගොනු කළ පෙත්සම් විභාගය හෙටට කල්යයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාග කිරීම හෙටට (05) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 December 2018
'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’ රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව රනිල් වික්‍රමසිංහ මහතා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 04 December 2018
ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි එජාප නායකයා කියයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනුත් අගමැති ඇමැති යනුවෙන් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන ගිය අයගෙනුත් දැන්වත් ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නැයි ඉල්ලා සිටින බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04 ) පැවසීය. 04 December 2018
මහජන සේවා බාධාවකින් තොරව ඉටුකරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටෙහි දැනට පවත්නා නීතිය අනුව මහජන සේවාවාන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස් සහ නියෝග ලබා දී තිබේ. 04 December 2018
‘මැතිවරණයකට යන්න කැමති නම් හිටපු අගමැති නඩු මඟට යාම පුදුමයක්’ පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති බව පවසන හිටපු අගමැතිවරයාම පාර්ලිමේන්තුව විසිරවීමේ තීරණයට එරෙහිව අධිකරණයට යෑම පිළිබඳව තමන් පුදුමයට පත්වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය. 04 December 2018
කතානායක කාර්යාලයෙන් නිවේදනයක් මේ වනවිට රටෙහි පවතින ආර්ථික, සාමාජීය හා දේශපාලනමය තත්ත්වයෙන් රට වශයෙන් බරපතල පසුබෑමකට පත්ව ඇති හෙයින් ජනාධිපතිවරයා ප්රමුඛ සියලු වගකිව යුත්තන් ඒ පිළිබඳව අවධානය යොමුකර මාතෘභූමිය ප්රජාතන්ත්රවාදය රජයන සාමකාමී සමෘද්ධිමත් දේශයක් බවට පත්කිරීමට කටයුතු කිරීම යුතුකමකැයි පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 December 2018
‘ජනපතිට ව්‍යවස්ථානුකූලව නියෝග ලබාදිය හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පමණයි’ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නියෝග හා විධාන ලබාදිය හැක්කේ තමන් යටතෙහි ඇති අමාත්‍යාංශයෙහි ලේකම්වරුන්ට පමණක් බවත් ඒ තත්ත්වය යටතේ ජනාධිපති සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග, විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත් එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. 04 December 2018
හදිසියේම හෙළිකොප්ටර් ගොඩබෑමෙන් තංගල්ල කැළඹෙයි විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් තංගල්ල බස්නැවතුම්පොළ පිටුපස පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට අපරික්ෂාකාරී අන්දමින් ගොඩබෑම හේතුවෙන් ඇති වූ අධික සුළං තත්ත්වය නිසා තංගල්ල නගරයේ පිහිටි බොහෝ වෙළදසැල්හි වහළ කැඩී, නාම පුවරු ගැලවී තිබූ අතර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයටද හානි වී තිබේ. 04 December 2018
විරෝධතා පා ගමනට ප්‍රහාර අන්තරේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ. 04 December 2018
අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම, අමාත්‍ය මණ්ඩලය ,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලන නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනකු අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියචන පෙත්සමක් ගොනු කළේය. 04 December 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026