(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලු තොරතුරු ලබා නොදීමට එරෙහිව පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු අභියාචනාධිකරණය හමුවේ අද (04) රීට් පෙත්සමක් ගොනු කළේය.
පසුගිය රජය විසින් උක් වගාව සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත‍්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60,750ක් විදේශීය සමාගමක් වෙත ලබා දීමට ගෙන ඇතැයි කියන තීරණයක් සම්බන්ධයෙන් මෙම මාධ්‍යවේදියා තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ඇත.
පොළොන්නරුව ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රාදේශීය මාධ්‍යවේදී මනෝජ් ප‍්‍රසන්න මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය රජය විසින් ශ්‍රී ලංකාව සහලින් සහ සීනි වලින් ස්වංපෝෂිත කරන බවට කැබිනට් තීන්දුවක් ගත් බවය.
ඒ අනුව සීනි කර්මාන්තය වෙනුවෙන් උක් වගා කිරීම සඳහා පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත‍්‍රික් මායිම් වන පරිදි ඉඩම් අක්කර 60750 ක් රජය විසින් විදේශීය සමාගමකට පවරා දුන් බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයිද පෙත්සම්කරු කියා සිටී.
එසේ පවරන ලද ඉඩම් පිළිබඳ තොරතුරු තමන් වෙත ලබාදෙන මෙන් තමා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙතින් ඉල්ලීම් කළත් එම තොරතුරු ලබා දීම අදාල අධිකාරිය විසින් ප‍්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු සිය පෙත්සමින් පෙන්වා දේ.
ඊට එරෙහිව තමා තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කළත් එම කොමිසම විසින් ද තමන්ට සාධාරණයක් ඉටු නොකළ බව පෙත්සම්කරු කියා සිටී.
එබැවින් තමන් විසින් ඉල්ලා සිටින සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම හා මහවැලි අධිකාරිය වෙත රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජයෙන් මහලොකුවට වර්ණනා කරලා මෙම පනත සම්මත කලාට, කිසිම රාජ්‍ය තොරතුරක් ජනතාවට දැනගන්න දුන්නේ නැහැ, හැබැයි මට මතකයි ඒගොල්ලෝ ඒ පනත සම්මත කරපු එක ගැන නම් තැන තැන ගිහින් ලොකුවට කියෙව්වා
මාධ්‍යවේදී මනෝජ් ප‍්‍රසන්න, විශිෂ්ටයි. "හතරවැනි රාජ්‍යය මාධ්‍යයයි" යනුවෙන් කියමනක් තිබෙනවා. ඔබ සැබැ හතරවැනි රාජ්‍ය සභිකයෙක්. බෙහෝවිට අපි දකින්නේ මොකක් හෝ ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් කාට හරි කඩේ යන කට්ටිය විනා සැබැ මාධ්‍යවේදීන් නොවේ. ඔබට ජය පතමි!
Mahee, බොහොම ස්තුතියි
නියමයි. මාධ්‍යවේදියෙකුගේ කාර්ය භාරය මැනවින් තේරුම් ගෙන කටයුතු කිරීමයි වැදගත්. ජයවේවා.!!!