(ඩයනා උදයංගනී)
කොළඹ නගරයට අද (4) පස්වරුවේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වූහ.
ඒ හේතුවෙන් කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇතිව තිබිණි.
බොරැල්ල, තුම්මුල්ල, කොළඹ මහජන පුස්තකාලය අවට, හෝර්ට්න් පෙදෙස, විජේරාම, බේස්ලයින් පාර, මයිකල් වටරවුම ආදී ස්ථාන ගණනාවක් මෙලෙස ජලයෙන් යටව තිබිණි.
ඇතැම් ස්ථානවල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබෙනු දක්නට ලැබිණි.මේ හේතුවෙන් පිටකොටුව, කොළඹ නගර ශාලාව හා ඒ අවට ප්‍රදේශය, බේස්ලයින් පාර, තුම්මුල්ල,ආමර් වීදිය, බොරැල්ල ආදී ස්ථාන ගණනාවක දැඩි රථවාහන තදබදයක් පැවතිණි.
රැකියා නිමවී නිවෙස් කරා යන ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙයින් දැඩි පීඩාවට පත් වූහ. එමෙන්ම සවස් කාලයේදී කොළඹ නගරයේ දැඩි අදුරු ස්වභාවයක්ද පැවතිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්භාවධර්මයා විසින් දීලා තිබුන වැසි වතුර රැස් කර ගන්නා පහත් බිම් ගොඩකර ගෙවල් හැදුවානම් දැන් විඳවන්න. අපේ ගෙවල් සුනාමි ආවත් යටවෙන්නේ නැත.
අපේ ඉංජිනේරුවන්ගේ දක්ෂකම මදි.
කෝ අර සිස්ටම් මාරු කරන කෙනා ආවම රටේ ගැටලු වෙනස් වෙනව රට හදනවා කීවා නේද? තාම කොළඹ පාරවල් ටික යට වෙන එකවත් හදලා නෑනෙ
මහාමාර්ග සදහා කැබිනට් ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, පළාත්සභාවේ ඇමති, ඔවුන්ගේ ලේකම්වරු, පෞද්ගලික ලේකම්වරුන්, සම්බන්ධීකරණ ලේකම්වරු, ඇමති උපදේශකයින්, නගර සැලසුම් ශිල්පීන්, ඉන්ජිනේරුවරුන් ඇතුළු ජනතා බදු වලින් යැපෙන අති විශාල නිලධාරී මඩුල්ලක් හිටියත් පාරෙ වතුර ටික බස්සවගන්න බැරි තරමට අපේ රට අවසනාවන්තයි
මොනතරම් ඇමතිලා විතරක් ඉන්නවද මෙම විෂය ට විතරක් ගෙවන පඩි යාන වාහන අනෙකුත් වියදම් බලපුවහම වෙන රටකින් අලුත් නගරයක් ගන්න තුබුනා.
වතුර බස්සන්න නොවයි 10% බස්සගන්න හැටි තමයි ඒගොල්ලෝ හිතන්නේ
ජලය බැස යන කානු පද්ධති වලට එවැනි ධාරානිපාත ජල කදක් එක වර බැස යන්න සලසන්න බැරි බවත් අපි පිළිගත යුතුයි. නමුත් අපේ රටේ තියෙන ප්‍රශ්න ඉහත අදහස් වල කියවුනා .1. ජලය උරා ගන්න ස්වභාවික සැලැස්ම හෙවත් වගුරු බිම් ඉවක් බවක් නැතිව ගොඩ කිරීම . 2. ඉඩම් ගොඩ කිරීමේදී ස්වභාවික පරිසරයට නුසුදුසු ආකාරයට සිදු කිරීම . 3. සහාසික ලෙස සිදු වන පස් කැපීම 4. ඉහත සියල්ල සිදු කිරීමට දුන් දේශපාලන බලයේ අවභාවිතය . ඉතින් මෙහෙම වෙන එක අහන්න දෙයක් ද ... දැන් වත් කාර් එකක් වගේම ඩිංගි බෝට්ටුවකුත් අරගන්න ...
පැත්තකින් කැළණි ගඟ . අනිත් පැත්තෙන් මුහුද. එහෙම තිබිලත් කානු දමල වතුර බස්සන්න බැරි ඔක්කොම ඉඩම් ගොඩ කරලා මුඩුක්කු ගහගන්න ඉඩ දීම සහ අපේ ඉංජිනේරුවන්ගේ නොහැකියාව. ඕකත් චිනේටම දෙන්න.