කතානායකටත් එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කථානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් නීතීඥවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 10 December 2018
මධ්‍යම පළාත් හිටපු ඇමැති තිලිණ බණ්ඩාර එජාපෙ සාමාජිකත්වය ගනී හිටපු මධ්‍යම පළාත් ඇමැති තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (10) එක්සත් ජාතික පෙරමුණු සාමාජිකත්වය ගෙන තිබේ. 10 December 2018
උඩරට මැණිකේ කිණිගමදී පීලිපනී කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (9) හවස 6.30 ට පමණ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර කිණිගම බිංගෙය අසලදී පීලී පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 09 December 2018
කහ කබාකරුවන්ගේ විරෝධතා නිසා ප්‍රංශයේ අර්ථිකයට බලපෑම් ප්‍රංශයේ ‘කහ කබාකරුවන්ගේ ‘ විරෝධතා හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එරට මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර් එරට මාධ්‍ය හමුවේ පවසා ඇත. 09 December 2018
විදේශිකයන්ගෙන් කෝටි ගණනක් ගසා කෑ යුවළක් දැලේ සංචාරයන් සදහා ශි‍්‍ර ලංකාවට පැමිණෙන විදේශිකයන්ට හෝටල් ඇතුලූ පහසුකම් සපයන බවට ව්‍යාජ ආයතයක් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යමින් විදේශිකයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචාකර විවෘත වරෙන්තු ලැබ සිටි සැකකාර යුවළක් වසර 4 ට පසු ගල්කිස්ස සුපිරි නිවාස සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිස් කොට්ඨාසය කියයි. 09 December 2018
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන තුරු ලංකාවට ණයදෙන ආයතන බලා සිටී ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟතාව පළ කරන ලද ණයදෙන ආයතන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලැබෙන තුරු සහ දේශපාලන තත්ත්වයේ යම් ස්ථාවර බවක් ඇතිවන තුරු අදාළ තීරණ පසුවට කල් දමා ඇතැයි රජයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 09 December 2018
රාජ්‍ය නිලධාරීන් 5 ක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගෙන්වන යෝජනාවක් අග්‍රාමාත්‍යධුරය දැරීම අධිකරණය විසින් තහනම් කරනු ලැබ ඇති හෙයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ප්රමුඛ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් මූල්‍ය කමිටුවට හා පොදු විගණන කමිටුවටත් ගෙන්වා ප්‍රශ්න කිරීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. 09 December 2018
අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කී බව ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි. 09 December 2018
ජනපතිගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 09 December 2018
බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ප්‍රභූ ආරක්ෂක අවි - උණ්ඩ තොගයක් අත්අඩංගුවට වෙඩි තබා ගෝනකු මරා සුඛෝපභෝගී රියකින් රැගෙන යමින් සිටියදී අද (09) බදුරලියේදී අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ මැණික් ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ තිබී ප්‍රභූ ආරක්ෂක ගිනි අවි තුනක් ඇතුළු උණ්ඩ තොගයක් සොයාගත් බව පොලීසිය පවසයි. 09 December 2018
මකා දැමූ හඬපට හොයන්න නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං ගෙනයයි ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ නාමල් කුමාර නම් පුද්ගලයාගේ ජංගම දුරකතනය වැඩිදුර පරීක්ෂණ සඳහා හෙංකොං බලා රැගෙන ගිය බව පොලිසිය කියයි. 09 December 2018
මවගේ අධිරුධිර පීඩනයට ගෙනා බෙහෙත් පෙති කෑ බිළිඳකු මරුට මවගේ අධික රුධිර පීඩන රෝගී තත්ත්වයට ප්‍රතිකාර සඳහා ගෙනවිත් තිබූ බෙහෙත් පෙති වැරදීමකින් සපා කෑ කුඩා දරුවෙකු මරණයට පත්වී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 09 December 2018
යාපනය නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක් යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි. 09 December 2018
ත්‍රස්ත විමර්ශන අංශයේ නව අධ්යක්ෂ එස්එස්පී ජයසුන්දර පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩු තුන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර මහතා පත් කර තිබේ. 09 December 2018
අ‘පුර පොලිස් කාන්තා නිල නිවාසයක අත් බෝම්බයක් පුපුරයි අනුරාධපුර පොලිසියේ විවාහක නිලධාරින් පදංචිව සිටින නිල නිවාසයක අද (09) අලුයම අත් බෝම්බයක් පුපරා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 09 December 2018
රණසිංහ ප්‍රේමදාස නාමයට කවදාවත් අවමන් කරන්නේ නෑ - සජිත් තමා කිසිදවසක පාවාදීම් සිදුකර පියාගේ නාමයට අවමන් නොකරන බවත් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිවරයා ලෙස පත් කිරීමට සෑම සහයෝගයක්ම ලබාදෙන බවත් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මතුගමදී පැවසීය. 08 December 2018
හිටපු ජනපති මහින්ද ඉත්තෑපානේ හිමි හමුවෙන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට සහ රටේ වර්තමානය තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණියහ. 08 December 2018
කලහකාරී කොස්තාපල්වරුන් දෙදෙනා පොලිසියෙන්ම අත්අඩංගුවට ගනී වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක පැවති සාදයකදී අද (8) බීමත්ව එම හෝටලයේ දේපලවලට අලාභහානි කරමින් සහ කලහකාරි ලෙස හැසිරුන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි. 08 December 2018
කොළඹ ජාතික රෝහලට මිලියන 70ක වෛද්‍ය උපකරණ කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී අද (07) සිදුකෙරිණි. 07 December 2018
මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සමේ තීන්දුව කල්තබා අතුරු නියෝගය දීර්ඝ කරයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිනු ලැබීමේ ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ලබා දෙන තෙක් ගැසට් නිවේදන තාවකාලිකව අත්හිටුවමින් ලබා දුන් අතුරු නියෝගය දීර්ඝ කළේය. 07 December 2018
ඥාණසාර හිමිගේ නඩුව කල් යයි රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි මස 08 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය අද (07) නියෝග කළාය. 07 December 2018
බොරු සාක්කි දුන් පොලිස් සැරයන්වරියට සිරදඬුවම් අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකාරිය වු මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (7) නියම කළේය. 07 December 2018
කෝටි 277 ක මත්කුඩු ගෙන ආ සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන්න නියෝග රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231ක් ආනයනය කර සන්තකයේ තබා ජාවාරම් කළැයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 13 වැනිදා තෙක් දින හතක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය 07 December 2018
විජයකලාගේ නඩුවට නීතිපති උපදෙස් ලැබී නෑ හිටපු රාජ්‍ය ඇමැතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ ඉදිරි පියවර සඳහා මෙතෙක් නිතිපති උපදෙස් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (7) කරුණු ඉදිරිපත් කළේය. 07 December 2018
බන්ධනාගාර වලින් දුරකතන 115 ක් සොයා ගැනේ බන්ධනාගාර 15 ක් ආශි‍්‍රතව ගත වු මාස දෙක තුළ සිදුකළ වැටලීම් වලින් ජංගම දුරකතන 115 ක් සමඟ නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි. 07 December 2018
එජාපෙ නායකයාට විශ්වාසය පළ කරන යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ලබන බදාදා (12) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය. 07 December 2018
වව්නතිව් සිද්ධියට විරෝධය පා වවුනියාවේ විරෝධතාවයක් මඩකලපුව,වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු නැගෙනහිර සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් වවුනියාව ප්‍රදේශවාසීහූ අද (7) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 07 December 2018
විභාග වංචාවට අත්අඩංගුවට ගත් ගුරුවරියට සහ විභාග අපේක්ෂකයාට ඇප අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයකුට ජංගම දුරකතනයකින් ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ උත්තර කෙටි පණිවුඩ මගින් යැවීයැයි කියන ගුරුවරියට සහ එම විභාග අපේක්ෂකයා රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුමින්ද පී මුදුන්කොටුව මහතා අද නියෝග කළේය. 07 December 2018
එජාපයට සම්බන්ධ වෘත්තිය සමිති-සංවිධාන වහාම බල ගන්වයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති, ශාඛා, සංවිධාන සහ බල මණ්ඩල සහ කාන්තා සංවිධාන වහාම ක්‍රියාත්මක වන පරිදි බළ ගැන්වීමට තීරණය කර තිබේ. 07 December 2018
කෝටි 277 ක මත්කුඩු ගෙන ආ යාත්‍රා හිමිකරු අත්අඩංගුවට රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් බේරුවල මුහුදේ දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම මත්කුඩු තොගය ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට රැගෙන ආ ටෝලර් යාත්‍රාවේ හිමිකරු යටින්තොට පහළ ගරාගොඩ ප්‍රදේශයේ දී යටියන්තොට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 December 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026