ඉන්දියාවේ නවදිල්ලි නුවර අන්ජ් මන්දි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෝ 43 දෙනෙක් මියගියහ.
ගින්නෙන් තවත් පුද්ගලයෝ 56 දෙනෙක් පමණ තුවාල ලැබූහ.
ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 50 දෙනෙකු පමණ බේරාගෙන ඇති නමුත් තවත් පිරිසක් එහි සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ගින්න හටගෙන ඇත්තේ පාසල් බෑග් සහ බෝතල් ඇතුළු භාණ්ඩ සහිත කර්මාන්ත ශාලාවකට අයත් ගොඩනැගිල්ලක් තුළය.
වර්ග අඩි 600 ක පමණ ගින්න හටගෙන ඇතැයි මේ පිළිබඳ අදහස් දක්වමින් ගිනි නිවීමේ ප්‍රධානියෙකු පැවසුවේය.
එහි අභ්‍යන්තරයේ දැඩි අඳුරක් පැවති බව ද ඔහු සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනතුර සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබුණි.
-226-
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd