(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඊයේ (07) රාත්‍රි සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.
රාත්‍රි කාලයේ කඩා වැටීම නිසා කිසිවෙකුටත් හානියක් නොවු අතර දිවා කල කඩා වැටුණේ නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබු බව කොටුව පදිංචිකරුවෝ පැවසුහ.
සවුත්ලන්ඩ්ස් විදුහලේ සිසුවියෝද විදේශිකයෝද අධිකරණයට පැමිණෙන ජනතාවද ඇතුලු විශාල පිරිසක් දිනපතා මේ අසළින් ගමන් කරති.
ලන්දේසි සමයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල අබලන්විමත් සමග එහි පවත්වාගෙන ගිය තැපැල් කාර්යාලය මේ වනවිට වෙනත් ස්ථානයක පවත්වා ගෙන යනු ලබයි.
මෙයට පෙර අවස්ථා කිහිපයකදිද මෙහි බිත්ති සහ වහලේ කොටස් කඩා වැටිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ ! අපේ රටම ඉවර වෙන වැඩක් නේද ? දේවසාපයක් වත්ද ? මේ කොටුවෙන් එල්ල උන කාලතුවක්කු ප්‍රහාර සහ මිය ගිය අය වෙනුවෙන් ගාල්ලේ අපි ඉතා ආඩම්බරයෙන් මේ තාප්ප පනමෙන් රකිනවා, වැඳුම් පිදුම් කරනවා, ලන්දේසි උත්තමයන් වෙනුවෙන්.
අවුරුදු සිය ගණනක් පැරණි ගොඩනැගිල්ලක්. සංරක්ෂණය කරානම් ගොඩක් හොඳයි.
මේවා සිංහල උරුමය නොවෙයි. පර දේශක්කාරයන්ගෝ උරුමය. මේක ඉවත් කරලා අපට අවශ්‍ය ගොඩනැඟීමෙක් කළ යුතුයි.
ඔය පරණ ගොඩනැගිලිවල කාලය හරි. බිත්ති වල ශක්තිය දුර්වලයි. ඕවා මරාලයක් වෙන්න ඉස්සෙල්ලා එක්කෝ අයින් කරන්න ඕනේ. ඔවායේ මොන සංරක්ෂණද? අපේ දෙයක් නෙමේනේ.
දෙවියනේ සුද්දා එන්න ඉස්සරවෙලා ඉක්මනට තාප්පේ කෙලින් කරමු.
දැන් හැමතැනටම වහිනවා.. දැන් ඇත්තටම තෙත්බිමක් වේගෙන යන්නේ.. ඒ හින්දා දැන් මුහුදත් පේන්න තියෙනවා. මම කිව්වේ නාය යෑම් ගැන හොඳේ...
පිටරටවලින් ආපු හැම ආගමක්ම වැළඳගෙන ආවට වැඳුම් පිදුම් කරන්න හොඳ නම්... මේ වගේ පැරැණි දෙයක් ආරක්ෂා කරගත්තාම මොකද වෙන්නේ...?
මේ ගොඩනැගිල්ල මට හොඳට හුරුපුරුදු ස්ථානයක්... මෙවැනි පැරණි ගොඩනැගිලි ටික ටික පොළවට පහත්වෙන්නට ඉඩ නොදී නියම වෙලාවට සංරක්ෂණය කර ජාතියට දායාද කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම ඇත්තෙන්ම කණගාටුදායකය.. ගරා වැටීමට ආසන්නයේ තිබෙන තවත් මෙවැනි පැරණි ගොඩනැගිලි රැසක් ගාලු කොටු පවුරට වටවී තිබෙන බව මා ලඟදී එහි කළ සංචාරයකදී දැකගත්තෙමි. ගාලු කොටුව ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා නොවේද? ඒ අතරම ඕලන්ද රජය මෙහි සංරක්ෂණය සඳහා විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කරන බවත් කවුදෝ මට කිව්වා. මෙය ඇත්තද කියා මම නොදනිමි..
හුරේ අපේ සිංහල බෞද්ධ ආණ්ඩුවට දෙවියන්ගේ බැල්ම තියෙනවා කියලා ඔප්පු වෙනවා. අපේ රීරිමාංශ හූරාගෙන කාලා අපි හිඟන්නන් කරපු පරදේශක්කාරයින්ගේ ලට්ට ලොට්ටවලට හෙන වැදිලා යන්නේ එ්කයි..! හොඳ වැඩේ, ඕවා කුඩුපට්ටම් වෙලා යන්න ඕනෑ. ඔතන අපි හදමු දන්සැලක්...!
"රාත්‍රි කාලයේ කඩා වැටීම නිසා කිසිවෙකුටත් හානියක් නොවු අතර දිවා කල කඩා වැටුණේ නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබු බව කොටුව පදිංචිකරුවෝ පැවසුහ." මේ ප්‍රදේශය ට ජනතාව යන එන තැනක් නොවේ... දිවා කාලයේ කඩා වැටුනත් ජීවිත හානි සිදුවීමට ඉඩක් නැත.
මුණසිංහ, මේවා විජාතික උරුමලු. එහෙනම් රේල් පීලි ටික ගලවල විසික් කරලා පයින් යනු.!