(නාලක සංජීව දහනායක)
ස්ව්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියායැයි කියනු ලබන නාඩගමේ අලගිය මුලගිය තැන් ළඟදීමට රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (7) පැවැසීය.
එම කුමන්ත්රණයේ සුලමුල ආණ්ඩුව මේ වනවිට හෙළිකරගෙන තිබෙන බව කී අමාත්‍යවරයා ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන ද සහිතව අදාළ තොරතුරු ළඟදීම රටට හෙළි කරන බවද අමාත්‍යවරයා කීය.
මීගමුව නගර ශාලාවේ දී අද (7) පැවැති මීගමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අලූත් ආණ්ඩුව අප්රසාදයටපත් කරන්න දේශීය හා විදේශීය කුමන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙවනවා. ඒ පිටුපස බටහිර රටවල් හා දෙමළ ඩයස් පෝරාවත්, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්ෂ කිහිපයක් ඉන්නවා. ස්ව්ස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගිය බව කියන්නේ ඒ අයයි.
එම නිලධාරිනයගේ කටට පිස්තෝලය ඔබල පැහැරගෙන ගියබව රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා පසුගියදා මාධ්‍යයට කිව්වා. නමුත් එවැන්නක් සිදුවෙලා නැති බව පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් කියනවා. එහෙමනම් රාජිත සේනාරත්න මෙහෙම ප්‍රසිද්දියේ කියන්නේ කොහෙමද? ඒ පිළිබදව වහා පරීක්ෂණයක් කළ යුතුයැයිද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත ඕනෑ කියලා දැන් කොයි කාලයක්ද? කලිනුත් කිව්ව දේට කිසිම ඇක්ෂන් එකක් නැහැ. අපි බලාගෙන ඉන්නේ.. කියලා කියලා හරියන්නේ නැහැ.
එක දිගටම සිදුවුණු හැම කුමන්ත්‍රණයක්ම පටන්ගත්තු තැනම ලොප්වුණා. කුමන්ත්රණකරුවන් වෙතම බූමරංගයක් වගේ කැරකිලා එනවා. රටට හිතවත් නොපෙනෙන පිරිසකගේ සහය ලැබෙනබව හිතන්න පුලුවන්...
ලංකාවේ හොඳම ප්‍රතිකාර සහිත රෝහලක් තමයි ස්විස් එම්බසිය... ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කරනවා. 2009 මේ වගේම විහිලුවක් දුන්නා මෙයාලා.. මේ සැරේනම් ගලේ පහරපු බළලාට වුණු වැඩේ වෙලා තියෙන්නේ...
කියකිය ඉන්නේ නැතුව ඉතින් කරන්නකෝ... ඒකටනේ ඔයාල පත් වුනේ..? රාජිතව අත්අඩංගුවට අරන් ප්‍රශ්න නොකරන්නෙ ඇයි?
ඔක්කොම පැත්තක තියලා අපට කියනවද මහත්තයෝ අර ටෙලිෆෝන් එකෙන් තර්ජනය කරලා ඉල්ලපු ලක්ෂ 900 නඩුවට මොකද වෙන්නේ කියලා...
ගුවන් සේවයකින්ද මේක කරලා තියෙන්නේ? නැත්නම් සංචාරක තැනකින්ද? වහලෙක් වගේ හැම මගුලටම කට දානවා. තමන්ගේ වගේ විතරයි කරගන්න බැරි... රටේ අනිත් ඒවා ඔක්කොම දන්නවා.
ස්විට්සර්ලන්ත....?
"දීකිරි වලට බළල්ලුත් සාක්කියි". දැන් බලාගෙන යනකොට ගෝඨා, මහින්ද රජයේ ඉන්න ඇමතිවරු 15 දෙනාම රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් වෙලා. පත්කරපු මාධ්‍ය ප්‍රකාශකයන් දෙන්නා පන්නා දමා ඒ 15 දෙනාටම ඒ පදවි බාරදෙන්න. එතකොට හැමෝටම ඕනෑම බේගලක් මහජනයාට ගිල්ලවන්න පුළුවන්...! දැන්වත් හොඳයි තමන්ට දීපු ඇමති පට්ටමේ වැඩ හොඳින් කරගෙන ගොස් අනුන්ගේ ඉඩම්වල අලහාරනවා වෙනුවට අනිත් ඇමැතින්ගේත්, පොලිසියේත්, අධිකරණයේත් වැඩවලට හොම්බ නොදා හිටියොත්. මේ බරපතල සිද්ධිය ගැන දොඩවන්න මෙයාට තිබෙන බලය කුමක්ද? ගෝඨා, මහින්ද යුගලට ඇමැතිවරුන් පාලනය කරගන්න බැරිද?
මට හිතෙනවා මේ මනුස්සයා මේකට සම්බන්ධයි.. එසේ නැතිනම් සිද්ධිය වෙන තැන මෙයා හිටියා කියලා. නැතිනම් කොහොමද මෙච්චර හොඳට මේවා දන්නේ? අර මනුස්සයෙක්ගෙන් දුරකථන කප්පම් ඉල්ලුවා... දැන් නඩුවෙන් මෙයා නිදහස් වෙයි නේද?
ආණ්ඩුවට කොන්දක් තිබේ නම් මේ බොන බොරු තකතීරු කතාද? ඇයි කෙලින් කියන්න බැරි? කවුද මේක කලේ කියලා...
ප්‍රශ්න ඇදගෙන නානවා විතරයි. විසඳපු කෙංගෙඩියකුත් නැහැ. මේ දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට රටේ මිනිස්සුන්ව ගොනාට අන්දනවට වැඩිය.
තමුන් කවුද කියන එකත් අපි හොඳාකාරවම දන්නවා.
මොනවා කළත් දැන් වැඩක් තියනවද ?ඔයා ආපුගමන් හැමදාම කලේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා විනාශ කරපු එක. මොකක් වුණත් හික්මීමෙන් යුතුව ප්රශ්නය විසඳන්නේ නැතිව රටවල් අමනාප කරගෙන වැඩ කරන්න පුළුවන් කියලයි හිතන් ඉන්නේ.. හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව ස්වයංපෝෂික රටක් කියලා ඒ වුණාට චුට්ට බැරි වුණු ගමන් හිඟාකන්න කොහේ හරි රටකට යනවා. තරහටම ආධාර, සහන නොවේ දෙන්නේ ගිනිපොලියට ණය.. එක ආධාරයක් දුන්නද? ඔබලා ආවට පස්සේ, යුරෝපේ කිසිම රටකින් අඩු තරමින් සුබ පැතුවද ජනපති පත්වුණාම.. එයාලා එකතුයි. කී දෙනෙකුට වීසා අහිමි වුණාද, ඔබලා කරපු වැඩේ නිසා...
කුමන්ත්රණයේ සුලමුලත් දන්නවා නම්, කරපු අයත් දන්නවා නම් ඇයි මහත්තයෝ ඒක කියන්නේ නැතුව තටමතටම ඉන්නේ? ඡන්දෙට තව කල් තියෙන නිසාද? නැත්තම් ලොක්කගෙන් ඕඩර් එක එනකම් ඉන්නවද? මේ වගේ ප්‍රකාශ හොඳයි ගැලරියට.
හාපෝ, ඔයා නම් කතාකරන්න එපා ඔයාගේ කෙරුවාවල් අපි දන්නවා. ඉඩම් මංකොල්ල කාපු හැටි පාතාලය මගින් අර අජිත් පැස්කුවල්ට කරපු වැඩේ අපි දන්නවා. හිරිකිතයි...
බුකියේ හිටපු මඩකරියෝ ඔක්කොම 16 වෙනිදායින් පස්සේ මෙතනට රිංගලා..
ඇත්ත කතන්දරේ මේ පවුලේ ඔක්කෝටම විකාර. රස්තියාදූකාර තගාලා. රටේ බලයට තියෙන කෑදරකම අනුව එකඑකාට කඩේ යනවා. නූගත් අමනයන් ජාත්‍යන්තරය ගැන නොදැන කට මැත දොඩවනවා.
රාජිත කියන්නේ ලොක්කෝ දෙන්නම එක්ක හිතවත් කලින් කලට දෙන්නගෙම අවශ්‍යතා ඉෂ්ටවෙන විදිහේ ප්‍රකාශ කරන ඩබල් ගේම් කාරයෙක් , කව්රුවත් ඔහුට විරුධව කිසිම පියවරක් ගන්නේ නැහැ.
හප්පේ ලබපු වෙනස නම් මාර සැපයි. තව මේවා කියන්න එපා මෙච්චර කෙටි කාලයකින්... නැතිනම් සති දෙක තුනෙන්ම සැප වැඩිවෙලාම පණයනවා. ටික ටික දෙන්න දිරවා ගන්න වෙලාව දීලා...