(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ ඉහළ යාගොඩ ප්රදේශයේ යාගොඩ කන්ද ගල්තලාවෙහි උමගයක් තුළින් පිරිසක් නිධානයක් ගැනීමට තැත්කරමින් සිටියදී යක්කල පොලීසිය මගින් එම ස්ථානය වැටලීමට පියවර ගෙන ඇත.
පොලීසිය එම ස්ථානය වටලන බවට ලැබී ඇති හෝඩුවාවක් මත එහි සිටියවුන් පලා ගොස් ඇති අතර එහි උමග තුළ තිබී ඊට යොදාගත් බව කියන උපකරණ කිහිපයක් පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබේ.
යක්කල පොලීසියේ උප පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර මහතාට ලැබී ඇති තොරතුරක් මත අද (7) දහවල් නිලධාරීන් පිරිසක් සූක්ෂම ලෙස යාගොඩ කන්ද ගල්තලාවේ උමගය අසලට ගොස් ඇති අතර ඒ වනවිටත් නිධානය ගැනීම පිණිස උමගය හාරමින් සිට ඇති පිරිස පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
එම ගල් කන්දෙහි කැලෑබදව ඇතුලට උමගක් හාරායමින් නිධානය සෙවීමට තැත්කර ඇති බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇති බැවින් අඩි25 ක පමණ දුරක් කඹයක් උපයෝගී කර ගනිමින් එ් තුලට ගියවිට පසෙකට දෝනාවක් සකස් කරමින් තිබූ බව පෙනී ගොස් ඇත.
උමග තුල තිබී ගල්විදීමේ යන්ත්රයක්, ජලය ඉවත් කිරීම පිණිස යොදා ගැනීමේ මෝටරයක් සහ ජල බටයක්, විදුලිය සපයා ගැනීමට යොදාගත් දිගු වයරයක් හා පුද පූජා පැවැත්වීම පිණිස තිබූ පහන් තැටි කිහිපයක් එ් තුළට ගිය නිලධාරීන්ට සොයා ගැනීමට හැකිව තිබේ.
එම උමගයට විදුලිය සපයා ගෙන තිබූ වයරය ඔස්සේ ගමන් කිරීමේදී ගල් කන්දට ආසන්නයෙහි නිවසකින් විදුලිය ගෙන තිබූ බව පෙනී ගොස් ඇති බැවින් නිධානය ගැනීමට තැත් කළේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට අපහසු නොවන බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශය භාර පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී බස්නායක මහතාගේ අධීක්ෂණය යටතේ යක්කල වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් ප්රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහන්සියම දාලා බැංකුවක් කැඩුවානම් හිරේ යන්න කලින් ටික කාලෙකට සල්ලිවත් ලැබෙනවා, ඔහොම දඩාර ගලක් යට නිධන් කරන්නේ කොහොමද? රජ කාලේ මැජික් බලෙන් ඕව හෑරුවා ගල් උණු කරන මොලොක් කරන කතා කියන වයසක හාදයෝ කියන කතා අලි බොරු! මේවා විශ්වාස කරන පුදුම මෝඩ අයනේ මේ රටේ ඉන්නේ?
පොළවට පස්වෙන මෙවැනි දේ ගන්න යනකොට කොල්ලයි, බල්ලයි, පොලිසියයි ඔක්කොම එනවා.. මේක මාර ලොකු වැඩක් ඇල්ලුවා වගේ... හැබැයි දේශපාලකයෝ කෝටිගණන් යටි මඩි ගහනවා.. පොලීසිය සර් කියලා සැලියුට් ගහනවා. නඩුකාරයන් නඩු විසි කරනවා මදිවට එක මාධ්යකවත් වචනයක් නැහැ. මරු රටක් මේක...
බහිරවයට විතරක් දොල පිදේනි දීලා හරියන්නෙ නෑ
අපි දන්නා කෙනෙක් රටේම නිදන් හෑරුවා කියලා ප්රසිද්ධයි කියලා ආරංචි කාටවත් අහුවුනේ නැහැ ලු
ඕකට සම්බන්ධ කෙනාට ඇමතිකමකුත් ලැබුනනේ. නිධන් හාරන්න, හොරෙන් පස් කපන්න, බාර් ලයිසන් දෙන්න, අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු ලියල අයිති කරගන්න සැබෑම දක්ෂයා. මුලින්ම 2015 මහින්ද පැරදුනාම පස්සේ සෙනග එනවා දැකලා එහෙමම හේත්තු උනා. දන්නවනේ කව්ද කියලා.....පවුලේ සේරම හොරු තමයි. හැබැයි ලබන පාර ඇපත් නැහැ ඔය අයට.
ඇත්ත. ඔය ආපු අයටත් දොළ දුන්නනම් අලන්න එන්නේ නිධානෙ ගත්තට පස්සෙනේ.
මගේ වත්තෙ නිධානයක් තිබ්බොත් ඒක ආණ්ඩුවේ. මගේ වත්තෙ ගංජා පැළයක් තිබ්බොත් එක මගේ.