‘බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ගමන් එපා’ දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරියේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල අද (11) ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසත් දැනටමත් මුහුදු ගොස් සිටින ධීවරයින් එම ප්‍රදේශවලින් වහා ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 December 2018
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල් යයි සිය නිත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 18 සහ 28 වැනි දිනවල පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) තීරණය කළේය. 11 December 2018
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කර තිබේ. 11 December 2018
දුම්රියත් වර්ජනයකට සැරැසේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක 11 December 2018
නැති වු ජංගම දුරකතන ගැන පැමිණිලි කරන්න නව වෙබ් අඩවියක් ජංගම දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (11) හඳුන්වා දුන්නේය. 11 December 2018
187 බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ධාවකයෝ අද (11) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. 11 December 2018
ප්‍රංශ ජනපතිගෙන් කහ කබාකරුවන්ට පොරොන්දුවක් සති ගණනාවක් පුරා ප්‍රංශයේ පැවති කහ කබා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අවම වැටුප් වැඩිකිරිමට සහ බදු සහන ලබාදීමට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් මහතා පොරොන්දු වී තිබේ. 11 December 2018
ප්‍රශ්න පත්‍ර මාරු වීම ගැන පරීක්ෂණයක් අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී. එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක අද(11) උදය වරුවට නියමිත සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට ලබා දී නොමැති වීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 11 December 2018
පාර්ලිමේන්තුවේ ප්‍රභූ-මහජන ගැලරි හෙටත් වැසේ හෙට දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ගැලරිය හා කතානායක ආරාධිත ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 11 December 2018
පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට 2010 වසරේ දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවු බව කියන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට සහ ඔහුගේ පුතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 December 2018
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා සභාපතිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව රහස් පොලීසිය කියයි අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අද ප්‍රකාශ කළේය. 11 December 2018
පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ. 11 December 2018
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි තරුණයකු පැහැරගැනීමේ සිද්ධියේ නඩු විභාගය මාර්තු 12-13 දෙමටගොඩදි තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව 12 සහ 13 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (11) තීරණය කර තිබේ. 11 December 2018
ඉරණමඩු ජලාශයෙන් ඉවත් කළ සේනානයක මහත්වරුන්ගේ නාම පුවරුව යළි සවි කරයි ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීමේදී එම ස්ථානායන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍යවරයකු වු ඩී.එස්.සේනානායක මහතාගේ සහ එවකට කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති පැරණි නාම පුවරුව සහිත සමරු ඵලකය පැය 24 කාලයක් ගතවීමට පෙර යළි තිබූ ස්ථානයේ සවිකිරීමට කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය කටයුතු කළේය. 11 December 2018
සා.පෙළ ප්‍රශ්න පත්රවලට පාර වැරදීලා අම්පාර සහ මොනරාගල අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක අද (11) ප්‍රශ්න පත්‍ර ලබාදීමට ප්‍රමාද වී ඇත්තේ මොනරාගල අංක 413 විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර අම්පාර අංක 414 විභාග මධ්‍යස්ථානයට රැගෙන යාමෙන් ඇති වු ගැටලුවක් නිසා යැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 11 December 2018
යාපනයේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමට ගත් උත්සහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කර පලා ගොස් ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි. 11 December 2018
සා. පෙළ ප්‍රශ්න පත්‍ර නැතිව සිසුහු විභාග ශාලාවේ බලා සිටිති අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර මේ වන තුරුත් ලැබී නොමැති බව වාර්තා වේ. 11 December 2018
තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව අප්‍රමාදව ලබාදෙන ලෙස නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ අද (10) පැවැත්වූ සාකච්ඡාවේදී පවසා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ. 10 December 2018
ජනමතයට ඇහුම්කන් දෙන්නේ නැතිනම් ජනතාව කොළඹට ගෙන්වනවා පාර්ලිමේන්තුව අධිකරණය මෙන්ම ජන මතයට විධායකය ඇහුම්කන් දෙන්නේ නැතිනම් රට පුරා ජනතාව කොළඹට එක්කර ගෙනවිත් ජනතා සටන අරඹන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (10) පැවැසීය. 10 December 2018
රංජන්ට එරෙහි නඩු විභාගය ජනවාරි අන්තිම සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය විභාගයට ගැනීම ලබන වසරේ ජනවාරි 28 , 29 සහ 30 යන දිනයන්හි සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින නියම කළේය. 10 December 2018
පාර්ලිමේන්තු ගැටුම ගැන හොයන පොලිස් ලොක්කාත් මැතිසබයට කැඳවයි මැතිසබයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳව විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ද අනිද්දා(12) පාර්ලිමේන්තුවට කැඳවීමට මේ සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇත. 10 December 2018
සිසුවා වෙනුවට විභාගය ලියන්න ගිය මිතුරා කොටුවෙයි මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අදට (10) නියමිත ගණිතය විෂය 1 ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු විභාගය සඳහා පෙනී සිටි යැයි සැක පිට අද උදැසන අත් අඩංගුවට ගත් බව තිහගොඩ පොලිසිය පවසයි. 10 December 2018
ඉරණමඩු ජලාශයේ සේනානායක මහතුන්ගේ නාම පුවරු ඉවත්කරලා ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ පවසති. 10 December 2018
මෝදර වෙඩි තැබීමකින් 5 කට තුවාල කොළඹ මෝදර ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 දෙනකුට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි. 10 December 2018
පොහොට්ටු මන්ත්‍රීගේ නිවසට හානි කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙක් රිමාන්ඩ් බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකුගේ නිවසකට පහරදී නිවසේ භාණ්ඩවලට අලාබ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිසියට අවශ්‍යව සිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ සොහොයුරෙකු අධිකරණයට බාර විමෙන් පසු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කළේය. 10 December 2018
උද්ඝෝෂණයක් නිසා බම්බලපිටියේ රථවාහන තදබදයක් උද්ඝෝෂණයක් හේතුවෙන් බම්බලපිටිටිය ආර්. ඒ ද මැල්මාවතේ සහ ඒ අවට මාර්ගයන්හි දැඩි රථවාහන තද බදයක් පවතී. 10 December 2018
දෙමළ සන්ධානය එජාපයට හේත්තු වූ හේතුව ධර්මලිංගම් කියයි දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහාය පලකිරීමේ රහස මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි දෙමළ ජනතාව තුළ පවතින අවිශ්වාසය හා අප්‍රසාදය යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය. 10 December 2018
ගජමුතු 11 ක් සමඟ පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට ගජමතු 11 ක් ළඟ තබාගෙන සිටි පුද්ලයන් සිව් දෙනෙකු මහනුවර දී හා පල්ලෙකැලේ දී අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි. 10 December 2018
විග්නේෂ්වරන්ගේ නඩු තීන්දුව කල්යයි හිටපු උතුරුපළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුවේ තීන්දුව ලබා දීම ජනවාරි මස 31 වැනිදා දක්වා කල් තබා තිබේ. 10 December 2018
ජනාධිපති තීරණයට එරෙහි පෙත්සම් දෙක සළකා බැලීම කල්යයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 07 වැනිදා සලකා බැලීමට අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. 10 December 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026