( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
උඩප්පුව කොත්තන්තිව් ප්‍රදේශයේ පුතෙකුගේ පහර දීමකට ලක් වූ පනස් හත් හැවිරිදි පියෙකු අද ( 9 ) මරණයට පත් වි ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
පියා සහ මව අතර ඇතිවු අරාවුලකට මැදිහත් වීමට ගිය දරුවා කළ පහරදීමකින් පියා බිම ඇද වැටී අසල දොරක හිස වැදීමෙන් පියාට තුවාල සිදු වී ඇතැයිද අනතුරුව ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
ඔහු රෝහල් ගත කරන අවස්ථාව වන විටත් මරණයට පත්වි සිටි බව කොත්තන්තිව් රෝහලේ ප්‍රකාශකයකු පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා උඩප්පුව පොලිසිය අත් අඩංගුවට ගෙන තිබුණි. උඩප්පුව පොලිස්ථානාධිපති පොලිස් ථානාධිපති බි.ජී.ආර් .සි. ගුණතිලක මහතා ඇතුළු නිළධාරින් පරික්ෂණ අරඹා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම පුත්තු...
මේකෙන් පෙනෙන්නේ හිතලා කළ දෙයක් නෙමෙයි වගේ... පුත්‍රයා ක්ෂණික කෝපය කියලා නඩුවෙන් නිදහස් වෙයි. ඒ වුණාට වැරැද්ද වැරැද්දමයි..
පුතේ සසර බියකරුයි. වෙනත් කෙනෙකුගේ වරදින් හෝ තම වරදින් හෝ සිදුවන මෙවැනි බිහිසුණු පාපකර්මයකින් අනන්ත ජාති සසර දුක්විඳින්න වන්නේ තමාටමය. විස නම් තවෙකෙකු පෙව්වද තම අතින් අරගෙන බීවද මියයන්නට වන්නේ තමාටමය. අප්රමාදී වුව මැනවි.