(මහින්ද නිශ්ශංක)

කිරිපිටි මිල අද (9) සිට අඩුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව කිලෝවක මිල රුපියල් 40 කින් ද ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩුවන බව අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එස්.එම්. ෆවුසි මහතා පැවසීය.

රජය මගින් වැට් අඩුකිරිම සහ ජාතිය ගොඩනැගීනිමේ බද්ද ඉවත් කිරිමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීම සඳහා කිරිපිටි සමාගම් සමඟ සාකච්ඡා කර මෙම මිල අඩුවීම සිදුකළ බවද ඒ මහතා කීය.