මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
ඒ අනුව මේ සතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගෙන මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
එමෙන්ම මේ වන විට විවිධ ඖෂධ ආනයනය කරන ආයතන ණයවර ලිපි මගින් විවෘත කර ඇති ඖෂධ වර්ග ද ලැබෙමින් පවතින අතර, ඉදිරි මාසය තුල දී අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවට අමාත්‍යාංශය කියයි.
පසුගිය 05 වැනි දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සෞඛ්‍ය ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම රුපියල් මිලියන 1000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකි වූ බව අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර මෙම ඖෂධ මිල දී ගැනීම් පිළිබදව අනුගමනය කරන ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීමටද අමාත්‍යවරියගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම්වරිය කෙරෙහි නම් විශ්වාසයක් තැබිය හැකිය. මෙතුමිය නේද ඉස්සෙල්ලා මඩකලපුවේ හිටියේ? දැඩි නීතිගරුක අවංක නිලධාරිනියක් කියලා තමයි ආරංචි...
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ගවල හිඟවනවිට කලින් දන්වන්නේ නැත්තේ ඇයි? හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් දැන් කරන්නේ වැඩි වියදමක් දරමින් ඖෂධ මිලදී ගැනීමයි. මෙවැනි දේට රෝහල් පරිපාලනය වගකිව යුතු නැද්ද?
අපට ඕනේ රාජ්‍ය සේවය කාටත් පොදු එකක් විදිහට අද අඳුරන කෙනෙක් නැතුව කිසිම රාජ්‍ය ආයතනයකින් වැඩක් කරගන්න ගියහම දාහක් දේවල් ඕනෑ කියනවා. අඳුරන කෙනෙක් හිටියොත් කිසිම දෙයක් ඕනේ නැහැ. අර කියපු නීතිරීති සේරම ඔවුන් විසින්ම විසිකරලා දානවා. බලමු අපේ අලුත් ජනාධිපති කියපු දේවල් කෙරේවිද කියලා. එතුමා කිව්වේ රජයේ රෝහල් තිබියදී සල්ලි දීලා බෙහෙත් ගන්නවා නම් එම සෞඛ්‍ය සේවය වැඩක් නැහැ කියලනේ.. පිටින් ගෙනඑන්න නම් මොකටද අපි අපේ බදු මුදල් වලින් මේවා නඩත්තු කරන්නේ?
කෝ මේ ඖෂධ හිගයක් නෑ කියපු ලෝක පූජිත සුවපති?