(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දඩයමේ ගොස් වනජීවි නිළධාරින්ගේ මෙහෙයුමක් අතර පලා ගොස් අතරමං වි සිටි දඩයක්කරුවකු අද (8) පිරිසක් විසින් සොයා ගෙන පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කර තිබුණේ වනාතවිල්ලුව එළුවන්කුලම පදිංචි මොහොමඩ් සන්ෆර් නැමති 25 හැවිරිදි තරුණයෙකි.
රෝහල් ගත කරන ලද සැකකාර තරුණයා සහ තවත් දෙදෙනකු විල්පත්තුව ජාතික වන උද්‍යානයට පසුගිය (5) දා ඇතුළු වී පොම්පරිප්පු ප්‍රදේශයේ දඩයමේ යමින් සිටියදී එළුවන්කුලම වනජීවි කාර්යාලයේ නිළධාරින් දැක පලා ගොස් තිබේ.
එහිදි සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් තිබු අතර පසුව වනජීවි නිළධාරින් සිදුකළ සෝදිසියකදී මෙම සැකකරුවන් වෙඩි තබා මරණ ලද අඩි තුනකට වැඩි උසකින් යුත් ගොනෙක් සොයා ගනු ලැබිණි.
ඒ සමගම ගිනි අවියක් පුරවන ලද පතොරම් 6 ක්, ජංගම දුරකථනයක් හා පිහි ඇතුළු දෑ වනජීවි නිළධාරින්ගේ බාරයට ගැණිනි.
කෙසේ වෙතත් මෙම දඩයමේ ගිය සැකකරුවන්ගෙන් දෙදෙනෙකු නැවත එළුවන්කුලම ගම්මානයට පැමින තිබුණ ද අනෙක් සැකකරු පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබූ බව කියයි.
මෙම පලා ගිය සැකකරු සොයා වන ජීවි නිළධාරින් පරික්ෂණ ආරම්භ කර තිබුණද කිසිදු හෝඩුවාවක් නොලැබු බවද පැවසෙයි.
සිද්ධිය සම්බන්ධවයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ ඇතුලේම මැරෙන්න දෙන්න තිබුනේ. කාලකන්නිම ජාතියක්... වනාන්තරෙත් විනාශ කරලා සත්තු ටිකටත් වැඩේදෙනවා...
මැරුවේ නැතුව තව බදු මුදලින් බෙහෙත් දෙනවා.
දඩයම් කරපුවා කන්නේ හලාල් කරලද?
තව ටිකක් පදිංචි කළා නම් අහිංසක සතුන් ඔක්කොම දඩයම් කරයි...
මොන මගුලකටද ඕකුන්ව අල්ලාගෙන ආවේ? බඩගින්නේ මැරෙන්න අරින්න තිබුනේ...
මොහු හැර ඉතිරි දෙදෙනා නීතිය හමුවට ගෙන යන්නේ නැතිද?