(එෆ්.අස්ලම්)
ගුවන් ගමන් බලපත් මුද්‍රණය සඳහා කාන්තාවන් ඡායාරූප ගැනීමේදී නළලේ තිලක තබමින් හා අධික ලෙස රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිත කරමින් ඡායාරූපයට පෙනී සිටීම තහනම් කරමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව මගින් නීතියක් පනවා තිබේ.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මෙම තීරණයට හින්දු සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවක විරෝධය මතුව ඇති පාරම්පරික සංස්කෘතික අංගයක් වන හින්දු කාන්තාවන් නළලේ තිලක යෙදීම සිදු නොකරන්නේ සැමියා මිය යාමෙන් පසුව බවද අවධාරණය කර සිටීයි.
ජාත්‍යන්තර නීතිරීති වලට අනුකූලව අළුතින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේදී මෙම නීතියට අනුකූලව ඡායාරූප වලට පෙනී සිටීම අනිවාර්ය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද ඉද්දවල මහතා පැවසීය.
ලෝකයේ ගුවන් ගමන් නියාමනය කරන icco නැමති ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කර ඇති ජත්‍යන්තර වශයෙන් පිළිගත් නීති රීතිවලට අනුවම මෙරට මගීන් සදහාද ගුවන් ගමන් නිකුත් කරන බවද හෙතෙම කීය
වැඩිදුරටත් මේ පිළිබද කරුණු පැහැදිලි කළ මහින්ද ඉද්දවල මහතා මෙසේද කීය.
ලෝකයේ සිවිල් ගුවන් සේවා නියාමනය කරන ජාත්‍යන්තර ආයතනය වන icco ආයතනය ලෝකයේ සෑම රටකටම නිර්දේශ කරල තියෙනවා ගුවන් ගමන් බලපත්‍ර සැකසීමේදී සජීවී පෙනුමේ සහ ඡායාරූපයේ මුහුණේ කිසිදු වෙනසක් නොතිබිය යුතුයි කියලා.
සමහර රටවල් වල ගුවන් ගමන් අවසන් කර ගුවන් තොටුපළෙන් පිටව යාමේදී දොරටු විවර වෙන්නේ මගියාගේ ඡායාරූපය තහවුරු කිරීමෙන් පසුවයි.කෙසේ නමුත් කාන්තාවන් විසින් මුහුණේ සිදුකර ගනු ලබන වෙනස් කිරීම් නිසා ඇතැම් අවස්ථාවල ඔවුන්ට දොරටු විවර නොවීමේ සිද්ධීන් ද වාර්තා වෙලා තියෙනවා.ඒ වගේම නළලේ තිලක දමමින් ඡායාරූපයේ සිටින කාන්තාවන් ගුවන් ගමන් යාමේදී තිලක නැතිව ගමන් ගෙන තිබෙනවා.ඒ අයටත් මේ සිද්ධියට මුහුණ දීමට සිදුව තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ණාඩි දාගෙන හිටියට කමක් නැද්ද? ඇමෙරිකන් පාස්පෝර්ට් එකක එහෙම පින්තූරයක් තියෙනවා. දැක්ක නිසයි අහන්නේ...
මිනිහ මැරුණට පස්සේ තිලකේ ගහගෙන රට ගියපු ගෑණු ඉද්දී තිලකේ ගලවාගෙන එන බව පැහැදිලියි.
කණට ශ්‍රවණ අාධාරකයක් දාගෙන ගැහුවට කමක් නැද්ද?
මා සිටින රටේ රූපලාවන්‍ය තියා උපැස් යුවලත් නැත...
දැන් අපේ ගෑනුත් තිලක තියනවා, කාලා ඉන්න බැරි වැඩේ ඒක. සිංහල ගෑනු තිලක තියන්න එපා. බබාලටත් එපා. හොඳේ....
කොහෙද අපේ ගෑනු කියන දෙයක් අහනවද? ලෝකේ තියන තරම් පිටි ජාතිගාගෙන යන්නේ... සමහරු පාන් පිටිත් ගාගෙන යනවා.
එ්ක නම් මොට්ට නිලධාරිවාදී තීන්දුවක්, මොන ගෑනිද පව්ඩර් ටිකක්වත් උලන්නේ නැතිව පාරට බහින්නේ.., දැන් ඔය හැඳුනුම්පත්, පාස්පෝර්ට් චෙක්කළාම මේකප් දාපු ගෑණිද, වෙන මොකියක්වත්ද කියා ෆොටෝ එකේ ඉන්නේ කියලා චෙක් කරන්න ගියොත් මැරුම් කන්න වෙයි..!
දැන් බත්තරමුල්ලේ ආගමනේ ගාව ෆොටෝ ස්ටුඩියෝ තියෙනවා. ඒ ගොල්ලම ෆොටෝෂොප් කරලා දෙන්නේ. එම්බාම් කරපු මුණු වගේ සුදුම සුදුයි. මූණ පුරෝලා හදලා දෙනවා. ගොඩාක් අය කැමතියි සුදුවට හදන නිසා. අපි ස්වභාවිකව ඉල්ලනකොට බැහැ කියනවා.
මේක නම් ඒ තරම් සාර්ථක නැහැ වගේ පේන්නේ. නලලේ තිලකයක් තියපු කෙනෙක් ඒක නැතිව අඳුරගන්න බැහැයි කියන එක හාස්‍ය ජනකයි. එහෙම නම් මුහුණේ තුවාලයක් හෝ තුවාල කැලලක් තිබෙන කෙනෙකුට බලපත්‍රයක් ගන්න බැරිද? ඒක හොඳ වෙනකම් බලන් ඉන්න ඕනද පින්තූර ගන්න? දැන් තුවාලය තියෙද්දී පින්තූර අරගෙන බලපත්‍රයත් ගත්ත කෙනෙක්ට ඒක හොඳ වුණාට පස්සේ අලුතින් එකක් ගන්න ඕනෑද?
පාර්ශව ගණනාවක විරෝධය තියෙනවනම් ඒ පිරිසට රට නොගිහින් ඉන්න පුලුවනිනේ? ඇමෙරිකාවේ එංගලන්තේ උනත් මේ නීති තියෙනවා. එක එක්කෙනා කියන විදියට නිතිය නවන්න එපා. ඉස්සර නම් ඡන්ද බලාගෙන ඒ කියන කියන පදේට නැතුව. මේ ආණ්ඩුව පිහිටුවන්න ඒ ගොල්ලෝ තඹ සතේක උපකාරයක් කරලා නැහැ. අනික ඒගොල්ලෝ නැතිව ආණ්ඩු පිහිටවන්න පුළුවන් බවත් ඔප්පු කරලා තියෙනවා. රටට සහ රටේ ආරක්ෂාවට වැදගත් සැම පියවරක්ම ගතයුතුයි. ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප්ගේ වැඩපිළිවෙලත් එහෙම්මමයි.
හොඳ තීරණයක්... රටේ නීති කාටත් පොදුවිය යුතුයි.
එහෙනම් අඳුරගෙන ඉවරයි. මොකද ගෙදරින් එළියට ගොඩක් අය එන්නේ පාප්ප මූනේ ගාගෙන....
අප්පෝ.... සිංහල ගෑණු...