(චන්ද්‍රසේන ගමගේ)
රටේ ආර්ථිකයට බරක් වී ඇති විදුලි බල මණ්ඩලය , ඛනිජතෙල් සංස්ථාව , දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංගම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති සංවර්ධන අමාත්‍ය මහන්ද අමරවීර මහතා අද (08) මැදමුලන රළුව ප්‍රදේශයේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.
‘‘විදුලිබල මණ්ඩලය මේ රටේ වාණිජ බැංකුවලට ණය වෙලා තියෙන්නේ. කෝටි 20 000 ක්.ඒ වගේම එහි සේවකයින් ඉහළ වැටුප් ලබනවා.මේ අයාතන වල ඉතිහාසය ඒ තරම් හොද නෑ. විදුලි බල මණ්ඩලයට චෝදනා රැසක් තිබෙනවා.
හදිසි විදුලිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් හා අක්‍රීය වූ විදුලි ජනක ගෙන්වීම සම්බන්ධයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.
ඛනිජ තෙල් සංස්ථාවටත් එහෙම චෝදනා තිබෙනවා. බාල ඛනිජ තෙල් ගෙන්වීම සමබන්ධයෙන් විවිධ ගිවිසුම් මගින් ඛනිජ තෙල් සංස්ථාවට කරපු හානිය සම්බන්ධයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.
දුම්රිය දෙපාර්තමෙන්තුවටත් එවැනිම චෝදනා තිබෙනවා. බාල ඝණයේ කෝච්චි ගෙන්වීම සම්බන්ධයෙන් බාල කෝච්චි පෙට්ටි ගෙන්වීම සම්බනයෙන් ඒ ආයතනයට චෝදනා තිබෙනවා.
ඒ වගේම ලංගමටත් එවැනිම චෝදනා තිබෙනවා.මෙවැනි ආයතන සමූහයක් තමයි මට ලැබී තිබෙන්නේ. නමුත් මේ ආයතන වල සේවකයින් ගේ ඵලදායීතාවය වැඩි කර දූෂණය අවම කර මේ ආයතන සියල්ල ගොඩගන්න මම ක්‍රියා කරනවා.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සහයෝගය මට ලැබී තිබෙනවා.
දූෂණයට ලක් වෙන සියළු නිලධාරීන්ට තරාතිරම නොබලා කටයුතු කරන්න මේ වන විට ජනාධිපතිවරයා තීරණයක ඉන්නවා. එය ඉතාමත් හොද තත්වයක් බව මෙහිදි පවසනවා.
නිලධාරීන්ට පමණක් නොව දේශපාලකයින්ටත් ඒ ආකාරයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා ක්‍රියා කරන බව මට විශ්වාසයක් තියෙනවා. දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති වෙන්නේ කවදාද එදින සිට මේ රට දියුණුව කරා යන බව මම මෙහිදී පවසනවා.
මේ වන විට මේ රටේ පොදු ප්‍රවාහන සේවය කඩා වැටිලා. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවය ඒ රටවල ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන කොට අපේ රටේ ජනතාව තමන්ගේ වාහනයක් ගැන විශ්වාසය තබා තිබෙනවා.
මේ රටේ පොදු ජනතාව පොදු ප්‍රවාහන සේවය කෙරේ විශ්වාසයක් තබන තැනට මේ රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් මම ඉදිරි කාලයේදී පියවර ගන්නවා. නගර අතර සුඛෝපභෝගී බස් සේවා හා දුම්රිය සේවා ඇති කිරීම මගින් මධ්‍යම පාන්තිකයන්ට නිදහසේ ගමන් කරන්ට පුළුවන් පොදු ප්‍රවාහන සේවයක් ඉදිරියේදී ඇති කරනවා.
ඉදිරි කාලයේදි මේ රටේ පාරවල් වල සුඛෝපභෝගී බස් රථ මෙන්ම රේල් පීලි මත සුඛෝපභෝගී දුම්රිය ද ගමන් කරන තත්වයට මේ රට පත් කරනවා‘‘ යැයි ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලෙහෙසියට කියන්නේ. ලොව කිසිම රාජ්‍ය මහජන ප්‍රවාහන ආයතනයක් ලාභ ලබන්නේ නැත. හැබැයි මෙහෙයුම් ලාභ ලබාගත හැකියි. අපිට අපබ්‍රංස නොකියා හරියට පැහැදිලි ලෙස කියන්න. ඛනිජ තෙල් සංස්ථාවේ ලාභයෙන් වැඩි කොටසක් වැයවෙන්නේ ඔය 225 නඩත්තු කරන්නයි. ඔවුන්ගේ හෙන්චයියලාගේ ගසාකෑම් වලටයි. සෑම රාජ්‍ය ආයතනයකින්ම සංස්ථාවට ලැබිය යුතු මුදල් අඩු නැතිව මාසයක් ඇතුළත ආපසු ගෙව්වොත් ලාභ ලැබෙන හැටි පෙනේවි. සංස්ථාව පටන්ගත්දා සිට බොල් ණය හා ලැබිය යුතු මුදල් ගණනය කරන්න. උත්තරේ ප්‍රසිද්ධ කරන්නකෝ... එතකොට මහජනයාට හරියට දැනගත හැකිවේවි ඔය අයාතනයේ වර්තමාන තත්වය. විදුලිබල මණ්ඩලේත් ඔය විදියමයි. ලාභ ලබන්න නම් ඉස්සෙල්ලාම හොරු ටිකට වැඩ සලසන්න. නැතිනම් අපිට වෙන්නේ බයිලා අහගෙන ඉන්න විතරයි...
වචනයෙන් පමණක් ජනතාව සතුටු කරන දේශපාලකයන් අපි කවදත් දැක ඇත්තෙමු. අපිට තියෙන්නේ තමුන්නාන්සේලා ගැන ලැජ්ජාවකි. ලාභ ඉපැයීම් හෝ සුඛෝපභෝගී දුම්රිය සේවා වැනි සිහිනයන් කෙසේවෙතත් බොහෝ විදේශ රටවල ගවයන් ප්‍රවාහනය කරන මට්ටමේ සේවාවක් වත් ලබා දෙන්නේ නම් සතුටුවිය හැකියි. අපේ රටේ "වවුලන් "මෙන් දුම්රියේ යනවාට වඩා බොහෝ රටවල ගවයන් ප්‍රවාහනය කිරීම වඩා සුරක්ෂිතයි.
ආණ්ඩුව කන්නේ මේ වගේ පුද්ගලයින් තමයි. ජනාධිපතිතුමා දැක්මක් ඇතුව ගමනක් යන්න හදනවා මේ එහෙට මෙහෙට පැන පැන හිටපු මිනිස්සු බයිලා ගහනවා.
ඔය ඉතින් වක්‍රාකාරයෙන් වමාරන්න හදන්නේ මෙන්න මේ ටිකයි : 1) තෙල් මිළ වැඩිකිරීම 2) ප්‍රවාහන ගාස්තු වැඩිකිරීම 3) විදුලි බිල ක්‍රමයෙන් වැඩි කිරීම 4) සෑම රාජ්‍ය ආයතනයකම සේවක කප්පාදුව 5) රනිල් වික්‍රමසිංහ රජය ආරම්භ කරනලද දුම්රිය නවීකරණ කටයුතු හමස් පෙට්ටියට දැමීම 6) චීන මාමලාගෙන් පාවිච්චි කරන ලද දුම්රිය, බස්රිය අධික ණය යටතේ ගෙන්වීම එක ඇමතියෙක් කියනවා සමහර සංස්ථාවල "සේවකයින් ඉහළ වැටුප් ලබනවා" කියා. තව ඇමතියෙක්, ජනවාරි මස සිට රුපියල් 15 000 බැගින් වැටුප් වැඩිකරන බව කියනවා. දෙන්නාගෙන් එකෙක් ගල්පැලෙන බොරු ඇදබාන බව පේනවා !
ලංකාවේ දේශපාලකයෝ කටින් බතල හිටවන්න පුලුවන් අය කියලා අපි දැනගෙන හුඟාක්කල්. බොරු පම්පෝරි වලින් වැඩක් නැහැ. ඔය ආයතනවලින් කවද්ද ලාභ ලැබුවේ. වැඩි හරියක් ඉන්නේ හොර දූෂිතයන්...
"...මේ ආයතන වල සේවකයින් ගේ ඵලදායීතාවය වැඩි කර දූෂණය අවම කර මේ ආයතන සියල්ල ගොඩගන්න මම ක්‍රියා කරනවා..." ඇමති තුමා, කරන්න පුළුවන් දෙයක්ද කියන්න? මේ සියලු ආයතන දේශපාලනයට යට වෙලා තියෙන්නේ. මේවා ගොඩ ගන්න ක්‍රම තිබෙනවා. ඒත් ඔබලාට එක කරන්න බැහැ කියලා මම හිතන්නේ.
එම ආයතනවල නිලධාරීන්ට පමණක් චෝදනා කරල මදි. දේශපාලකයන්ගේ අනුබල නොමැතිව කිසිම නිලධාරියෙක් මෙවැනි වැරැදී කරන්න යන්න නැහැ.
ඔබ කියන ඔය ඔක්කොම වැරදි සිදු වෙච්ච පසුගිය ආණ්ඩු දෙකේම ඔබ රටේ වැදගත් තනතුරු දැරුව කැබිනට් ඇමති කෙනෙක් ඔබත් ඔය කියන දුෂණ වංචා වලට යම්කිසි ප්‍රමාණයකට වග කියන්න ඕනේ ? ඔබ හරියට කතා කරන්නේ මැරිලා ඉපදුන වගේනේ ?
ලංගම දැන් ලාභ ලබන ආයතනයක් බව මේ ඇමති තුමා දන්නෙ නැතුව ඇති, හැබැයි දුම්රිය ලාභ ලබන ආයතනයක් කලොත් නම් ඇමති තුමා ...
රජය ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කරලා සේවකයින්ට බෝනස් ගෙව්වා නේද? එහෙව් එකේ මේ සති දෙකතුනට කොහොමද ලංගම පාඩු ලැබුවේ? සුඛෝපභෝගී මැදිරි තිබෙන දුම්රිය ධාවනයත් ආරම්භ කලේ එම ආණ්ඩුවම නේද? ඒක හරියට කරගෙන ගියොත් නේද හොඳ? මේ වගේ කතා නොකියා. දැන් අපිට ඕනේ එදාට වඩා ජනතාවට දැනෙන වැඩ කරන රජයක්.
හීනෙන්ද, වැඩ නොකර පඩි ගන්න අය?
රාජ්‍ය ආයතන පාඩු ලැබීමේ ප්‍රධාන හේතුව සේවක අතිරික්තයයි. තමන්ට වැඩ කල හෙන්චයියන්ට මහජන මුදලින් පින් පඩි හා පෙන්ෂන් ලබාදීමට දේශපාළුවන් මේවා යොදා ගන්නවා.
ලංවිම ඉංජිනේරුවෝ ලක්ෂ ගණන් පඩි, නිල නිවස වලට දීමනා, තමන්ගේම වාහනය ලංවීමට කුලියට දීල එකටත් දීමනා මේවගේ තවත් දීමනා ගොඩයි. තමන්ම එකතුවෙලා හදාගත්ත කොම්පනිවලින් අධික මුදලට විදුලිය ගන්නවා හැමෝටම කොමිස් බෙදෙන නිසා කවුරුත් කට අරින්නේ නෑ, ඒ කොම්පැනි තමන්ගේ ආදායම් පිටරට බැංකුවල හංගල, රජය නොමග යවන්න අවුරුද්දට පාරක් රුවන්වැලි සෑයට නැත්නම් දළදාමාලිගාවට ලයිට් දානවා. මේ ඔක්කොටම අපි අපේ ලයිට් බිලෙන් ගෙවනවා. ආසියාවේ වැඩිම විදුලි ඒකක මිල අපේ. මේවා මහජනයා නොදන්නා රහස්. අපි තව බදු ගෙවමු.
මේවා බොරු කතා. දේශපාලකයන් මේවගේ පම්පෝරි ගහනවා තමයි. අවුරුදු දෙකක් කල් දීලා බලන්න මෙතුමා කරලා තිබෙන දේවල් ? තිබුන දේවලුත් නැති වෙලා තියේවි. මෛත්‍රී පාලනය යටතේත් මෙතුමා හිටිය නේද. එතකොට නොකරපු දේවල් දැන් කරන්න හදන්නේ මෙතුමා අලුත් විටමින් ජාතියක් වත් ගන්න පටන් අරගෙනද. හැමදාම වෙන්නේ මහජනයා මුලා වීම පමනයි.
අරක කරන්නම්, මේක කරන්නම් කියකියා ඉන්නේ නැතුව කරලම පෙන්නුවා නම්...
ලාබ ලබන්න පුළුවන් අදහස් ඒ කාලේ කැබිනෙට් එකේ ඉන්නකොට මිටින් වල කිව්වේ නැත්තේ කටේ පිට්ටු නිසාද ? දන්නා කාලේ ඉදන් මෙයා ඇමති. දැන් තමයි ලාභ ලබන්න වැඩ පිළිවෙලවල් කරන්න හදන්නේ.
හරි හරි කරලම පෙන්වන්නකෝ... අපිට ඕන එහමයි.
මෙයා ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ආණ්ඩුවල ඇමතිකම්ද කරපු පුද්ගලයෙක් ඉතිහාසය තුළම එවන් සාර්ථකත්වයට පත් කළ කිසිඳු අමාත්‍යාංශයක් තියා ආයතනයක් වත් නෑ. හැබැයි මෙයාලා එකම දෙයක් ඉතා සාර්ථකව ඉටු කළා. ඒ ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමන් අරඹා ශ්‍රීමත් බණ්ඩරනායක මැතිණිය මේ රටට ඉමහත් කර්මාන්ත සමූහයක් දායාද කළ ශ්‍රිලනිපය සදහටම නැතිවුණා.
ලේසි නැහැ. අරක්ගත් ප්‍රේතයින් බහුලයි. කලොත් ලොකුම පිනක් ඔබට.
ඔව් රජයේ ආයතන වල අයට හොරු වුනේ ඊනියා යහපාලන කාලේ. කොන්දක් නැති කෙනෙක් ලොක්කෙක් වෙනකොට සොක්කොත් වැඩ හොරු වෙනවා. දැන් අපිට පෞරුෂය ඉතිරිලා යන නායකයෝ ඉන්නවා. වැඩ හොරුන්ට අබසරණයි !
මට සුප්‍රකට ගායක ඇම්. ඇස්. ප්‍රනාන්දු මතක් වුනා.
ඇතිනේ අහගත්තා. සම්පප්‍රලාප දොඩවන්නේ නැතුව ඉන්න.
ජපානේවත් දුම්රියෙන් ලාභ ලබන්න බැහැ. යන්තම් ඉන්දියාව පොඩි ලාභයක් ලබනවා.. කාර්යක්ෂම පැළැඳි ප්‍රවාහන සේවයක් පාඩු නැතිව දුවන්න හදන්න පුළුවන්... එ්කට වෘත්තිය සමිති ඇතැම් නිලධාරිනුයි පන්නන්නම වෙනවා. එහෙම කළොත් ජාමෙ බේරගන්න පුළුවන් වෙයි.