(ඉන්දිකා රාමනායක)
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර ඇත.
වසර දෙකක පමණ කාලයක සිට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති හෙයින් හමුදාපතිවරයා විසින් නව පත්වීම සිදුකර ඇති බව හමුදාව පවසයි.
බ්‍රිගේඩියර් චන්ද වික්‍රමසිංහ මහතා දැනට කොරියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක නිරත වන අතර ඔහු දිවයිනට පැමිණි පසු මෙම මස 17 වැනි දින නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජබා එකේ ඔක්කොම දැන් ලොක්කෝ. අනේ අපේ විජය විමලරත්න සර් හිටියානම්...
මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ ආණ්ඩු මාරුවෙන කොට හමුදාවේ, පොලිසියේ මාධ්‍ය ප්රකාශකවරුත් මාරුවෙන්නේ කියලා. මේ අය ප්‍රකාශ කරන්නේ දේශපාලකයින්ට අවශ්‍ය දේද?
ඇත්ත ඇති සැටියෙන් කියන කෙනෙකුයි අපිට ඕනෑ. ටික කලක් යනකොට බලාගන්න පුළුවන්.