( තිළිණි ද සිල්වා )
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා රජය අද (9) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
නඩු විභාගය තුළ විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගටම පෙන්වා දුන්නේ ගෙල සිදින අභිනය කළ යැයි චෝදනා ලැබ සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජ්‍ය තාන්ත්‍රික විනර්මුක්තිය හිමිවන බවය.
මීට අමතරව යුද හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ එම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.
විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් තියෙන්නේ සිංහල බෞද්ධ අපේම ආණ්ඩුවක්... අපි දැන් කිසිම රටකට බය නෑ. අපේ ශ්‍රේෂ්ඨ රජය මින් ජය ගන්නවා නියතයි.
මින්පසුවවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට මනා පුහුණුවක් දෙන්න. අදාළ නිලධාරින් හැරුණු විට හැම කෙනාම මහජනයා ඉදිරියට යවන්නේ නැතුව ඔවුන්ට අදාල කාමරයේ මේසයේ රැකියාව කරන ලෙස වග බලා ගන්න. එවිට මෙලෙස හත්පොලේ ගාගන්නා වැඩ සිදුවන්නේ නැත. කෙනෙක් වීරයෙක් වෙන්නේ අනුන් උදෙසා කරන උතුම් ක්‍රියාවකින් මිස ගැලරියට හුරේ දමන්නට සලසන පහසුකම් මත නොවේ. කරුණාකර මෙයාගේ මේ වීර ක්‍රියාව ගැන යුධ හමුදාව පරීක්ෂණයක් පවත්වන්න.
ඔන්න බොලේ අපේ රාජපක්ෂ සහෝදර හමුදාව එංගලන්ත මහා රැජිනගේ හමුදාවට එරෙහිව යුද වදින්නද සූදානම් වෙන්නේ ? කරන්න බැරි දෙයක් කරන්න උත්සාහ කරොත් ඒකෙන් වදින්නේ අපේ රටේ ජනතාවටමයි ! !
මෝඩයන්ට තනතුරු දුන්නම වෙන දේවල් .
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දේශප්‍රේමී හමුදා නිලධාරියෙකු බවට කිසිම සැකයක් නැහැ. නමුත් මෙතන බොහෝදෙනා පටලවාගෙන ඇති ප්රශ්නය වන්නේ එතුමාගේ දේශප්‍රේමිත්වය සහ තානාපති නිලධාරියෙකු වශයෙන් කටයුතු කළයුතු ආකාරයයි. මේ අවස්ථාවේදී විරෝධතාවයක් පාමින් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දක්වන්නන්ට විරුද්ධව එතැනට රැස්වී සිටි වෙනත් පිරිසක් ඒ මහතා මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටතට ගෙන්වා ගැනීම තමා මේ කණගාටුදායක සිදුවීමට මුල් වුනේ. එම කණ්ඩායමේ උසිගැන්වීම හේතුවෙන් ඒ මහතා තමන්ගේ හමුදා නිල ඇඳුමේ තිබූ සිංහ කොඩිය දෙසට ඇඟිල්ලක් දික්කර ගෙල සිඳ දැමීමක් අභිනවයෙන් පෙන්වන ආකාරය කවුරුන් හෝ වීඩියෝ ගතකර සමාජ ජාලාවන්ට යොමුකර තිබුණි. මෙහිදී කතාබහට ලක් වූ කරුණ වූයේ විරෝධතාවය පැවැත්වූ දෙමළ කණ්ඩායම මොන ආකාරයට හැසිරුණාද තානාපති නිලධාරියෙකු ප්‍රසිද්ධියේ එලෙස හැසිරීම හරිද වැරදිද යන්නයි. තානාපති කාර්යාලයෙන් බැහැර ස්ථානයකදී සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් තානාපතිවරුන්ට නීතිය බලපාන්නේ මොන ආකාරයකටද යන්නත් මෙහිදී සොයා බැලීම වටී... කෙනෙකුගේ "දේශප්‍රේමීත්වය" මෙහිදී වලංගු වන්නේ නැත. කවුරුත් මේ බව තේරුම් ගත යුතුයි...
ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවට පය ගහපු දවසේ ඉඳල ම කරපු අවැඩ කම් තමයි තවමත් කරන්නේ. තානාපති කාර්යාලයට සම්බන්ධ ඕනෑම කෙනෙක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එතකොට ඉංග්‍රීසි උසාවියට අයිතියක් තියෙනවද රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට විරුද්ධව නීති ක්‍රියා මාර්ග ගන්න ? ස්විස් තානාපති කාර්යාලේ ඉන්න ශ්‍රී ලාංකික කාන්තාව මේ රටේ නීතිය ට යටත් වෙන්නේ නැතිනම් බ්‍රිතාන්‍යයේදී කොහොමද එහෙම නොවෙන්නේ ? අපි එරෙහි වෙන්න ඕන මේ කුහක දෙබිඩි ප්‍රතිපත්ති වලට. අපි තව දුරටත් ඒගොල්ලන්ගේ යටත් විජිතයක් නෙමෙයි කියලා අපි මුලින්ම මතක් කරගෙන එයාලටත් මතක් කරලා දෙන්න ඕන.