( නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව කියන ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මෙම තැනැත්තිය ලිංගික අතවරකට හෝ පහර දීමකට ලක්ව තිබේදැයි වෛද්‍ය පරීක්ෂාවක් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කළාය.
මේ වන විටත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබා දී ඇති බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී ස්වීස්තානාපති කාර්යාලයේ නිලධාරිනි අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළද කාන්තා වෛද්‍ය නිලධාරිනියක නොසිටීම හේතුවෙන් ඇය වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වීමට අකමැති වූ බවද අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව කරුණු සළකා බැලූ මසේත්‍රාත්වරිය ඉහත නියෝගය නිකුත් කළාය. ලබන බ්‍රහස්පතින්දා (12) නැවැත මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙච්චර කාලයක් ගිහිල්ල කොහොමද ඕව හොයන්නේ. එම්බසිය ඇතුලේ දී එම්බසිඩර් එහෙම දෙයක් කලාද කියල කව්ද දන්නේ ?
මෙයාගේ මේ විදෙස් ගමන් තහනම මෙම පැමිණිල්ලේ සම්පූර්ණ අධිකරණ කටයුතු නිමවෙන තෙක් බලපාන ලෙස ලබාගත යුතුවේ. අමුතුම නැටුමක් නටනවා වගේ... කාගේ සංගීතයටද කියලා තමා ප්‍රශ්නේ? සුඛාගේ සුඛවිහරණයට වත්ද? කොහොම වුණත් සම්පූර්ණ විනිවිද භාවයෙන් යුතුව නිතර නිතර ලෝකමාධ්ය දැනුවත් කරමින් කළොත් තමයි බළලා එළියට පනින්නේ...
ස්විස් තානිපති කාර්යාල වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරමු.
මෙයාට අමුතු නීති මොකද? සියලුම කාන්තාවන් පරීක්ෂා කරන්නේ වෛද්‍යවරියන්ද? හොර අහුවෙන නිසා බයයි.
මෙයාට අසනීපයක් හැදුණොත් කාන්තා වෛද්‍ය වරියක්ම සොයාගෙන යන්න වෙනවා. නැත්නම් මැරෙන්න වෙනවා හොරවැඩ, බොරු වැඩ කරන්න ගිහින් සියලු දෙනාම ලාටු කාපු රිලවා වගේ වෙලා නේද?
හරියට හිරිඔතප් වෑහෙන පාටයි. ඇයි, ස්විට්සර්ලන්තේ ලොක්කා ළඟනේ ඉන්නේ...
කටේ පිස්තෝලයක් තිබුණා කියලා නම් පේන්නේ නැහැ..
මේ කාන්තාවගේ මුහුණ නොපෙන්වනවා නම් වඩා හොඳයි. මොකද මේ කාන්තාවට ඇත්තටම තර්ජනයක් තියෙනවා. ජාත්‍යාල පිස්සුව හැදුණාම මිනිස්සු කොයිතරම් දරුණු වෙනවද? දරුණු මනුෂ්‍යත්වයට නිගා කරවන අපරාධ කරනවද කියලා මේ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපි හොඳින්ම දන්නවා.
මේ දවස් ටිකේ මහත්තයත් එක්ක හිටියා නම් හොයන්නේ කොහොමද?
මීට ප්‍රථම වෛද්‍ය පරීක්ෂණ දෙකක් මෙයා කරගෙන තියනවලු. ස්විස් දොස්තර කෙනෙක් හා ලංකාවේ එක්කෙනෙක්. ඒවා කලේ ගැහැණු දොස්තර කෙනෙක්ද?