(ඉන්දිකා රාමනායක)
රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා පත්කර ඇති බව හමුදාව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.
ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනුයුක්ත කර ඇත.
යුද හමුදා ප්‍රධානියකු ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන් පත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
බ්‍රිගේඩියර් සලෙයි මහතා 1992 වසරේ සිට යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කරන අතර මීට පෙර ඔහු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට සෙතක් වෙනවානම් මට ඒ ඇති.
ජාතික බුද්ධි ප්‍රධානී, ජගත් අල්විස් මේ තනතුරේ කලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉඳලා තියනවා. සුරේෂ් සලේ පත් කලේ හමුදා බුද්ධි අංශයට නේද?
ජාතික වාදය සහ ජාතිවාදය අතර වෙනස. ඔබට සුබපැතුම්....
සිංහල බෞද්ධ රටක ජාතික ආරක්ෂාව පිළිබද ලොකු තනතුරක්? එච්චර හොද දෙයක් නොවේ කියන එකයි මගේ හැගීම.