( නාලක සංජීව දහනාක)
දැනට පාවිච්චි කරන දුම්රිය ප්‍රවේශපත්‍රය වෙනුවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රියසේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා ලංකාදීපයට අද (6) පැවැසීය.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.
අමාත්‍යවරයා මෙසේද කීය.
නව දුම්රිය ප්‍රවේශපත්‍රය අවශ්‍ය විටෙක රීලෝඞ් කරගෙන පාවිච්චි කරගත හැකි බව කී අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය මධ්‍යස්ථන දුමිරිය ස්ථානවල ස්ථාපිත කිරීමට කටයුතු යොදන බවද සදහන් කළේය.
එමෙන්ම සියලූම දුම්රිය ස්ථාන ඩිජිටල් කරණය කිරීමට කටයුතු කරන බව සදහන් කළ අමාත්‍යවරයා දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත්කිරීමට කටයුතු කරන බවද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳයි.. අවසානයේදී හරි එය සිදුවුණා. ඒ කාඩ්පතම බස්රථවලටත් පාවිච්චි කරන්න හදලා දෙන්න.
ඩිජිටල් ප්‍රවේශ පත්‍රයට වඩා වැදගත් නැද්ද අපේ තියෙන සංඥා පද්ධතිය ඩිජිටල් කරන එක? වැස්සක් වැහැලා රේල් පාරවල් යට වෙච්ච ගමන් සංඥා අවහිරතා එළියට එනවා.. තවම දුවන්නේ සුද්දා දාපු සංඥා පද්ධතිය එක්ක.. කරුණාකරලා දැන්වත් අත්‍යාවශ්‍ය දේවල්වලට මුල් තැන දෙන්න..
දැනට දුම්රිය ස්ථානවල යෙදී සිටින සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමේ අඩිතාලම ගෝඨා රජය අද දැම්මා. කොහොම වුණත්, හොස්ස ළඟින් මැස්සා යනකොට පසුගිය යහපාලන රජය අපහසුතාවයට පත්කිරීම සඳහා දිනකට තුන් හතර වරක් වැඩ වර්ජනවල යෙදුන වීරයින්ට මෙය අනාගතයේදී අමතක නොවන පාඩමක් වනු ඇත !!!
කටින් බතල තමයි. හිටපු කිසිම තැනක කරපු හරි හමන් දෙයක් නෑ. ගොට්ට අල්ලපු එක ඇරෙන්න. දැන් ටිකට් එක දීලා හරියට කෝච්චි ටික වෙලාවට දුවවලා ඉන්නකෝ මුලින්. බස්වලට දුන්නු එකට ඇපත් නෑ.. ටිකට් මැෂින් කැඩිලා කියලා ටිකටුත් නෑ. අර ස්ට්‍රයික් කරන්න රෙද්ද උස්සන් ඉන්න මහත්වරු ටික හදාගන්න වැඩපිළිවෙලක් හදා ගන්නවා නම් ගොඩක්ම හොඳයි. කෝච්චිවල යන මිනිස්සු තණකොල කනවා කියලා හිතාගෙන සීනිබෝල කතා කියනවා ඇත්තේ...
මහත්තයෝ බොරුවැඩ පෙන්වන්න කලින් පළමුව නියම වෙලාවට දුම්රිය ධාවනය කරලා පෙන්වන්න. එයයි අපේ අවශ්‍යතාවය...
"අලි මදිවට හරක් කියල කිව්වලු " දුම්රිය කාලසටහනට අනුව ධාවනය කරගන්න බැරිව දඟලන අපට.., තව මොන ඩිජිටල්ද? ඕවා ඔක්කොම කරන්න ඉස්සරවෙලා හරියට සිග්නල් ටික ක්‍රියාත්මක කරන්න. අපි පැය ගණන නිකරුනේ මහමග රස්තියාදු වෙනවා.
අලි මදිවට හරක් කියල කිව්වලු. දුම්රිය කාලසටහනට අනුව ධාවනය කරගන්න බැරිව දඟලන අපට, තව මොන ඩිජිටල්ද ? ඕවා ඔක්කොම කරන්න ඉස්සරවෙලා හරියට සිග්නල් ටික ක්‍රියාත්මක කරන්න, අපි පැය ගණන නිකරුනේ මහමග රස්තියාදු වෙනවා
ටිකට් එකට ඉස්සෙල්ලා දුම්රිය සේවාව ඩිජිටල් කරන්න.
දැන් දුම්රිය මගීන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය ටිකට් එක ඩිජිටල් නොවීමනේ... අනේද කියන්නේ? මොනවද මේ කරන විහිලු වැඩ..? ඒකෙනුත් කුට්ටියක් කඩාගන්න හදන්නේ...
රටේ කිසිම ආයතනයක් අද වෙනතුරු අංග සම්පූර්ණ නැහැ. කෑලි හැලි හැලි හැප්පි හැප්පී දුවන්නේ.. ප්‍රධාන මගී ප්‍රවාහන දෙකම ගත්තොත් මගියාගේ ඇගෙන් බාගයක් එළියේ... නමුත් කොලකෑල්ලක් ඩිජිටල් කරන්න යනවා. හරි දියුණුයි කියලා හිතනවා ඇති එ්ක කෙරුවාම.. ජනතාවට කන්න නැහැ. නමුත් ටීවී චැනල් වලින් කෝකියෝ ගෙනත් උයන්න හැටි පෙන්වන්නේ... කෙලත් නැහැ ගිලින්න. බොරු අාටෝප නතරකරලා ජනතාවට අත්‍යාවශ්‍ය දේ නොකඩවා දෙන්න බලන්න. දිනලා සතියක් දීලා ඊටපසු මුකුත් නැහැ.
ඊට ඉස්සෙල්ලා රේල් පාරවල් ටික හදලා ඉන්න.
ඕං හිතුවා පරණ පුරුදු විදියටම... ඉස්ස ඉස්සෙල්ලාම කොමිස් හොයන්න පුළුවන් තැන් තමයි ප්‍රමුඛතා ලැයිස්තුවේ මුල... සේවයේ ගුණාත්මකතා ඉහළ නැංවුවොත් කොමිස් නැහැනේ. පොදුජනයා බලාපොරොත්තු වෙන්නේ උසස් සේවයක් මිස දේශපාලුවන්ගේ උසස් කොමිස් ගැනීම් නොවේ. තියන එන්ජින් නිසි නඩත්තුව, පාරවල් නඩත්තුව, කෝච්චි පෙට්ටි නඩත්තුව, සංඥා පද්ධතියේ නඩත්තුව හා නවීකරණය වගේ දේවල් මූලිකව කරන්න. නැතිව ඩිජිටල් ප්‍රවේශ පත්‍රය අරගෙන දුම්රිය එනකම් පැය ගණනක් බලාගෙන හිටියාම මතක් කරන්න වෙන්න දේශපාලුවන්ගේ අම්මා, අප්පාගේ ගැන මිස ඩිජිටල්කරණයේ ගුණ නොවේ.
බදුල්ලේ හෙට රෑ එළිවෙනකම් දුම්රියට වැඩපිළිවෙළක් යොදන්න.
දුම්රිය සේවය පාලනය රජයේ පාලනයෙන් අයින් කරන්න. ඒක තමයි දැනට අවශ්‍යම දෙය...
ඒ දේවල් කරන්න කලින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් දීලා ඉන්න ඕනේ අපට..
ඉතුරු සල්ලි දෙන්න නැතුව දුම්රිය ප්‍රවේශපත්‍ර විකුණන අයට බඩේ පාරක් වදීවි නේද?
කාලෙකට කලින් මුහුදුබඩ මාර්ගයට චීනෙන් ගෙන්වලා දාපු ට්‍රේන්වල සින්දු වාදනය වුණා. අමරදේවගේ සින්දු, අපි ඒ වෙනස නිසා හරි සතුටක් අත්වින්දා, එ්ත් මාස කීපයකට පස්සේ ඒවා නිහඬ වුණෘ. පරණ දඩබඩ සද්දේ අහ අහා අපි ගමන් ගියා. යහපාලන ආණ්ඩුවෙන් ඉන්දියාවෙන් අලුත් ට්‍රේන් ටිකක් ගෙනත් දැම්මා.. මුහුදුබඩ මාර්ගයේ ගාලුකුමාරිත් ඒ විදිහට පණක් ලැබුවා. ඒ ට්‍රේන් එකේ පළමු, දෙවැනි, තුන්වැනි පන්ති ආසන පනවා තිබුණා. ඒ ඒ දුම්රිය ස්ථානයේදී නිවේදනයක් නිකුත් වුණා. මේ අහවල් නැවතුම මීළඟ නැවතුම මේක.. කියලා. පොඩි රූපවාහිනී තිරයක ඒවා දර්ශනය වුණා, එ්ත් දැන් ඒවත් නිහඬ වෙලා, මේක පුදුමාකාර අවාසනාවක්, ඔය ආයතන වල ඉන්න නිකමුන්ට මේ වගේ සරල සේවයක් පවත්වාගෙන යන්න බැරි නම් ඩිජිටල් ටිකට්පත් තාක්ෂණයත් ටික දවසකින් කැඩිලා ආපහු පරණ කාඩ්බෝඩ් ටිකට් එකට බහින්න පුළුවන්...!
දියුණුවන ලෝකයේ මේවා වියයුතු වැඩ... අර පක්ෂයෙන් කළාද? මේ පක්ෂයෙන් කළාද කියන එක නෙමෙයි රටකට වැදගත්....