(ඉන්දිකා රාමනායක)
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු ව සිට දැනට ඩුබායි රටට පලාගොස් සිටින කළු සාගර නැමැත්තාගේ ගෝලයකු රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා කමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලාකය පවසයි.
මෙම ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප‍්‍රදේශයේ පදිංචි ලහිරු විරාජ් (32) හෙවත් දිනු නැමැත්තා බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මෙම මත්කුඩු වෙනත් පුදගලයකු වෙත ලබා දීම සදහා සුදානම්ව සිටියදී ඔහුගේ නිවස ආසන්නයේ දී ඊයෙ (5) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හොරොයින් ග‍්‍රෑම් 643 ක ප‍්‍රමාණයක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම කියලා එකක් තිබුණා නේද?
පුදුම හෙරොයින් තොගයක් ලංකාවට එන්නේ. ඒ අස්සේ අරහේ වරායේ ස්කෑනර් යන්ත්රය අක්රිය කරලාලු. අපේ රටට මොනා උනත් දෙසපාලුවොන්ට එකෙන් වැඩක් නැහැ.