(අජන්ත කුමාර අගලකඩ)
ඇමතිවරුන්ගේ විෂය පථයන් සහ ඊට අයත් ආයතන ඉදිරි දින දෙක ඇතුළත ගැසට් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එම විෂය පථයන් සහ ආයතන ලැයිස්තුගත කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ඇමතිවරුන්ගේ විෂය පථයන් සහ ආයතන ගැසට් කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් සහ ආයතනද ගැසට් කෙරෙනු ඇතැයි වාර්ථා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටිය අතරේ මොකක්වත් කරන්න බැරි අය ඉන්න බව අපි දන්නවා. ඒ වුනාට අද දේශපාලනය කියන්නේ වරප්‍රසාද දීම සහ ලැබීමනේ. කමක් නැ. ඒත් ඒ මොකවත් බැරි, කැරැට්ටුව සවුත්තු කරගත් කට්ටිය "කාර්ය භාරයක් නොමැති" ඇමතිවරු බවට පත් කරන්න පුළුවන් නම් අපේ සල්ලි ගියත් කමක් නැ, අපට ටිකක්වත් හිත හදාගන්න පුළුවන්. අඩුගනනේ අමාත්‍යංශ ටිකවත් ඉතුරුවෙයි නේ.
අනේ දෙවියනේ කාවද මේ රවටන්නේ විද්‍යාත්මක ඇමති මණ්ඩල බලශක්ති එක ඇමති විදුලිබලය තව ඇමති කෙනෙක් දොස්තර වැවිලි , සෞඛ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්නා සෞඛ්‍ය ඇමති, තව එක්කෙනෙක් ඉන්නවා බැංකු හා ණය යෝජනා තව එක්කෙනෙක් දුම්රිය ඇමති, ප්‍රවාහන ඇමති තව එක්කෙනෙක් මේ විනාශය කොහෙන්ද නතර වෙන්නේ.
තනතුරු බෙදාගන්න තමයි වියත්මග කරලා තියෙන්නෙ කියලා හිතෙන කොට අපේ ළමයි ගැන හරි කණගාටුයී.