(රංජිත් රාජපක්ෂ)
වලපනේ, මලපට්ටාව ප්‍රදේශය නායයාමට ප්‍රධාන හේතුවක් වූ බව කියන, ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
මෙම නාය යාමෙන් අතුරුදන් වූ කලණ පැතුම් සිසුවාගේ සිරුර සොයා දින තුනක් ශ්‍රී ලංකා යුද හමුදාවේ නුවරඑළියේ, තුන්වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් අසීරු මෙහෙයුමක නිරත වූ අතර අනතුරුව එම සෙවීමේ කටයුත්ත තව දුරටත් ඉතා අසීරු බැවින් සිසුවාගේ පවුලේ ඥාතීන්ටද ඒ බව දැනුම් දී ඔවුන්ගේද ලිඛිත එකඟතාව මත කැණීම් නතර කළ බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
වැඩි දුර අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේද පැවසීය.
“වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ තිබෙන මෙම ගල්කොරිය පවත්වා ගෙනයාමට භූවිද්‍යා සහ පතල් කැණිම් කාර්යාංශය බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ. ගල් කොරිය සම්බන්ධයෙන් මහජන විරෝධයක් පවතිනවා. නැවත ගල්කොරිය ආරම්භ කරනවා නම් ඉහළ මට්ටමේ තාක්ෂණික පරීක්ෂණයක් සිදු කරන ලෙසත් මම ලිඛිතව දැනුම් දුන්නා.
ඒ අනුව මෙම ගල්කොරිය වහාම අත්හිටුවන්න කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් නියෝගය ලැබුණා. මෙහෙයුමේ නිතරව සිටි කාලයේ මෙම ගල්කොරියේ කටයුතු සිදු වුණේ නැහැ. ඉදිරියටත් ගල් කොරියේ වැඩ නොකරන්න භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශය කටයුතු සුදානම් කරලා තියෙනවා. මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියද ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය දැනුවත් කරලා තියෙනවා” යැයිද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
ගල් කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර ඇති බලපත්‍රය අහෝසි කරන ලෙස බලකරමින් වලපනේ ප්‍රදේශයේ මහ සංඝ රත්නය සහ ප්‍රදේශවාසීහු ඊයේ (03) වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ නාරම්තලාව ප්‍රදේශයේදි සත්‍යග්‍රහයකද නිතර වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිස්ත්‍රික් ලේකම්තුමනි, ඔහොම උත්තර දෙන්න ඔබතුමා දිසාපති වෙලා ඉන්න උවමනා නෑ. කච්චේරියේ ආරච්චි හිටියම ඇති.
දැන් ඔය කියන ආයතනවල අයට විද්‍යා, භූ ගර්භ විද්‍යා, පරිසර විද්‍යා දැනුම නැතුවද පරිසරයට ආදරයක් නැතුවද හැමතෑනම ගල් කොරි, පස් කැපීම් ආදියට බලපත්‍ර දෙන්නේ?
කාගේ කාගේත් අැස් ඇරෙන්නේ දෙයක් උනාට පස්සේ තමයි.
විනාශයක් වෙලා ජිවිතයකුත් නැති වුණාට පස්සේ තමයි හැම තහනමක්ම කරන්නේ. ඔය ගල් කොරියට මුලින්ම අවසරය දුන් කෙනාට විරුද්ධවත් ක්‍රියාමාර්ගයක් ගන්න.