(අජිත්ලාල් ශාන්තඋදය)
අභාවප‍්‍රාප්ත, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතාගේ ආදාහන කටයුතු ලබන ඉරිදා (8) ගොඩකවෙල මහජන ක‍්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට පැවැත්වේ.
සිංගප්පුරුවේ ප‍්‍රධාන රෝහලේදී ඊයේ(4දා) උදෑසන අභාවප‍්‍රාප්ත වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයාගේ දේහය එදින රාත‍්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපළට ගෙනෙනු ලැබුවේ යූ.එල් 309 දරණ ගුවන යානයෙන් බව සිංගප්පුරුවේ සිට පැමිණි ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත බණ්ඩාර ගුණතිලක මහතා පැවසුවේය.
බන්දුල ගුණවර්ධන, ඩලස් අලහපෙරුම අමාත්‍යවරු ඇතුලූ දේශපාලන අධිකාරින් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
දේහය අද(5) උදෑසන 8.00ට ගොඩකවෙල, මස්ඉඹුල නිවසට ගෙනයාමට නියමිත අතර ගෙනයන අතරවාරයේදී රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට සුලු වේලාවක් අවමංගල පෙරහර නතර කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව දිනවන්න මාර කැපකිරීමක් කල පුද්ගලයෙක්. ඔබට නිවන්සුව.!
හොඳ බෞද්ධයෙක් හැටියට නිවන් සුව පතනවා !
යහපාලනය නම් මේ රට විනාශ කළ අයට විරුද්ධව ඉතා ඉහළ කැපවීමකින් රටට යහපතක් කිරීමට වෙහෙසුනු ඔබතුමාට නිවන්සුව !