ඉන්දියාව සඳට යැවූ චන්ද්‍රයාන්-2 යානයේ සුන්බුන් සොයාගත් බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
පසුගිය ජූලි මාසයේ ඉන්දියාව චන්ද්‍රයාන්-2 මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ ලොව ප්‍රථම වරට සඳේ දකුණු අර්ධයට යානාවක් යැවීමේ ගෞරවය හිමිකර ගැනීමේ අපේක්ෂාවෙනි.
කෙසේ වෙතත් ගොඩබෑමට නියමිතව තිබූ ස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ ඉහළදී පාලක මැදිරිය සහ යානය අතර සම්බන්ධතා බිඳ වැටීමෙන් සැලසුම් කළ පරිදි මෙහෙයුම සාර්ථක කර ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත් යානය සඳ මතට දෘඩ ගොඩබෑමක් කර ඇති බවට නාසා ආයතනය පසුව අනාවරණ කළේය.
අනතුරුව නාසා ආයතනයේ චන්ද්‍රිකාවකට යානයේ සුන්බුන් සොයා ගැනීමට හැකිවී ඇති අතර එය සනාථ කෙරෙන ඡායාරූපයක් ද නිකුත් කර ඇත.
-226-
(එන්.එච්.කේ. ඇසුරෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාර්ථක උනත්, ජනගහනයේ වැඩි පිරිසකට වැසිකිලි නැති වුනත්, හුස්මගන්න ඔක්සිජන් ටිකක් නැති වුනත්, මේක නම් අගය කල යුතු උත්සාහයක්. මොකද අපට හීනෙන්වත් හිතන්න බැරි දෙයක්
දැන් සුන්බුන් එකතු කරන්න හඳටත් මිනිස්සු යවන්න වේවි.
මේක අසාර්ථක වූ මොහොතේ මෝදී අදාළ නිලධාරීන්ගේ දුක නිවා දැමුවා. උත්සාහය අගය කළා. අපේ උනානම් නිදහසට කරුණු විමසනවා.