( නිශාන්ත කුමාර )
මහියංගනය අධ්‍යාපන කලාපයට අයත් අරාව විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී අද (04) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිය නිවසේ සිට කැලෑබද මාර්ගයක් ඔස්සේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යාවක් මහ මගදී සර්පයකු දෂ්ට කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව අද (04) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබේ
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මහියංගන අධ්‍යාපන කලාපයට අයත් රිදීමාලියද්ද දික්යාය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යාවකි.
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අතිශය දුෂ්කර ගම්මානයක් වන බෙරලිය ගම්මානයේ සිට ප්‍රධාන මාර්ගය වෙත ඒමට ඇති කිලෝමීටර් තුනක් පමණ වූ දුෂ්කර කැලෑබද අඩිපාරක් ඔස්සේ පැමිණෙමින් සිටියදී ඇය මෙම සර්ප දෂ්ඨනයට ලක් ව ඇත.
සිද්ධියෙන් පසුව දෂ්ඨකල සර්පයා සහ දැරියද රැගෙන ඇයගේ ඥාතීහු රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබාදී ඇත.
ප්‍රධාන මාර්ගයේ සිට එක්වරම ඉහළට විහිදුණනු කඳු ගැටයක් මත පිහිටි මෙම ගම්මානය වෙත යාමට ඇත්තේ ගස් ගල් දිය කඳුරු මැදින් වැටුණු අනාරක්ෂිත අඩි පාරකි.
ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් පමණ ඈතින් පිහිටි මෙම ගම්මානයයට කිසිදු පොදු පහසුකමක් නොමැති අතර අද වන විට මෙහි ජීවත් වන්නේ පවුල් තුනක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. ඊනියා ජාති ද්‍රෝහී යහපාලනේ අවුරුදු 5 ක් හිටියත් අඩිපාරක් හැදුවේ නෑ. එත් අපේ ආණ්ඩුව හයිවේ හැදුවා, රටපුරා ම පාරවල් හැදුවා. ඒවා ඇඟිල්ලෙන් පෙන්වන්න ඕන දේවල් නෙවේ. පව් අසරණ ළමයා.... දැන් අවුරුද්දකින් පසුබහින්න වෙන්නේ. අපේ ආණ්ඩුව දිගටම තිබ්බ නම් මෙහෙම අසරණ වෙන්නේ නැහැ.
ඉක්මන් සුවය ලබා හෙට සිට සියලුම විෂයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව ලැබේවා !
ඒ දුවට ඉක්මන් සුවය ලැබේවා !
ලංකාවේ බොහෝ ගම්බද ජීවත් වන අයගේ තත්වය ඕකයි. සර්පයින්ගෙන්, වල් අලින්ගෙන් සිදුවන ගැහැට අපමණයි. නගරබදව ජීවත්වෙන පරිසරවේදීන්ට නම් ඕව සුළු සිද්දීන්.