(රන්ජන් කස්තුරි)
ලබන පාසල් වාරය ආරම්භ කරන පළමු දිනයේදීම සිසුන්ට හිඟ පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මේ වසරේ අවසන් පාසල් නිවාඩුව ලබාදෙන අවස්ථාවේ සිසුන්ට පෙළපොත් ලබාදී තිබූ නමුත් ඇතැම් පාසල් සිසුන්ට පොත් කිහිපයක් අඩුවෙන් ලැබී තිබිණි.
ඒ අනුව, එම හිඟ පෙළපොත් ලබන පාසල් වාරය ආරම්භ කරන ජනවාරි 2 වැනි දින ලබාදෙන බවද, ඒ සඳහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවද එම අමාත්‍යංශය පවසයි.
පෙළපොත් පිළිබඳ කිසියම් දැනුම්දීමක් තිබේ නම් දුරකතන අංක 0112784815 ඔස්සේ ඒ බව දැනුම්දෙන ලෙසද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය වෙලාවට තමයි අර ටැබ් කතාවෙත් ඇත්තක් තියෙනවා කියල හිතෙන්නේ. ටැබ් දෙන්න මුදල් වැයවෙන්නේ එක වතාවයි. නමුත් එයින් පස්සේ සියලුම පෙළ පොත් අන්තර්ජාලය හරහා එක සැනින් බෙදා හරින්න පුළුවනි. ඒ වගේම ඒ පෙළපොත් වල අවශ්‍ය නවීකරණයන් සහ වෙනස්කම් වෙනුවෙන් අලුතින් පොත් මුද්‍රණයක් කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ලොවේ නවතම තාක්ෂණය සහිත පෙළපොත් පසුදාම සිසුන් අතරට යැවීමෙන් අපේ සිසුන් දැනුම අතින් ඉදිරියෙන්ම තැබීමට හැකිවෙනවා. එත් ඉතින් මුලික වියදම තමයි ප්‍රශ්නේ?