(උපාලි ආනන්ද)
ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට බන්දුල ගුනවර්ධන අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයට විරෝධය පළ කරන බවත් එම ප්‍රකාශය තුලින් රජයේ පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීම ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට පටහැනි බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා මේ පිළිබදව තවදුරටත් අදහස් දක්වමින් මෙසේද සදහන් කළේය.
ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට ඇමති ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා කර ඇති ප්‍රකාශයට මෙරට සමස්ථ ගුරුවරුන් විරුද්ධයි ඊට හේතුව මෙම බදවා ගැනීම රජයේ පාසල් වලට ගුරුවරුරන් බදවා ගැනීෙමි ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් .
එක් අතකට මෙය ශ්‍රමය කොල්ලකෑමක් පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීමට අප විරුද්ධ නැහැ හැබැයි ඒ සියලු බදවා ගැනීම් සිදු කල යුත්තේ ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව විධිමත් ක්‍රම වේදයකටයි.
උසස් පෙළ සමත් පිරිස් වලට ගුරු සහයක පත්වීම් දෙනවාට අප විරුද්ධයි අපි කියන්නේ ගුරු පුරප්පාඩු පිරවීම සදහා ගුරුවරුන් ලෙස උපාධිධාරීන් පමණක් ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව බදවා ගන්නා ලෙසයි මීට පෙරද ධර්මාචාර්ය විභාගය සමත් පිරිසක් ගුරු සහයකයින් ලෙස බදවා ගත්තා ඔවුන්ට ගෙවන්නේ රුපියල් 10000 ක වැටුපක් පමණයි.මේ ලාබෙට ශ්‍රමය කොල්ලකෑමක් උසස් පෙළ සමත් වූවන් ගුරු සහයකයින් ලෙස බදවා ගැනීමට යාම මෙරට අධ්‍යාපනයේ ගුනාත්මක භාවය පහත දැමීමක් බන්දුල ගුනවර්ධන අමාත්‍යවයා කර ඇති මෙම ප්‍රකාශ පිලිබදව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ස්ථාවරය කුමක්දැයි අප ප්‍රශ්න කරනවා .
මෙරට සියඵ ගුරු සංගම් වල සහ සමත්ත ගුරුවරුන්ගේ විරෝධය මැද ගුරු සහයකයින් බදවා ගැනීමට රජය කටයුතු කරන්නේ නම් ඊට විරෝධ්ය පල කරමින් දිවයින පුරා ගුරුවරුන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවටද අනතුරු හගවන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ස්ටාලිං මහතා ඊටද රජය ඇහුම් කන් නොදෙන්නේ නම් අධිකරණ ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට ලංකා ගුරු සංගමය පසුබට නොවන බවද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල සර්, ඔය තක්කඩි වෘත්තීය සංගම් කියන දේ අහන්න එපා. ඒ අය හදන්නේ අපේ ආණ්ඩුවක් හදන්න උදව් කළ දුප්පත් කොල්ලෙක්ට, කෙල්ලක්ට ආණ්ඩුවේ රස්සාවක් ගන්න තියෙන අවස්ථාව නැති කරන්න.
මේ ගොල්ලන්ට ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක් නැහැ. වැඩකරපු ගෝල බාලයන්ව දාගන්න හදන්නේ. ගුරු සේවයට දෙවි පිහිටයි ! කෝ ලොක්කා කියපු රට ? පව් ඡන්දේ දීපු මහා ජනතාව.
නැවතත් ඉතින් අතිරික්තයක් හෙන්චයියන්ගෙන් පුරවලා රාජ්‍ය ආයතන විනාශ කරලා දාන්න හදන්නේ. රටේ සමස්ත අදායමෙන් මුළු ණය වාරිකයවත් ගෙවාගන්න බැහැ කියලා කව්ද ගිය සුමානේ පත්තරේ ලියලා තිබුනා.
දැම්ම මේ විදිහට ව්‍යවස්ථාව කඩනවානම් - 2/3 හම්බ උනොත් කොහොම තියෙයිද?
මෙතුමා හැමදාමත් කිව්වේ මේ වගේ මෝඩ කතා. පුදුමේ කියන්නේ මේ ගොල්ලම තමයි හැමදාම ඇමතිලා.
බාහිර උපාධිධාරීන් ගැන බලනවා කිව්ව අය කෝ දැන් ?
මෙයා මේ වැඩේ කරයි. එතකොටනේ මෙයාගේ පරණ පුරුදු රස්සාව දැන් කරන අයට සපෝර්ට් එක දෙන්න පුළුවන්. ආ තවත් ටියුෂන් කාරයින්ගේනුත් ඡන්දෙට මුදල් ගරාගන්න පුළුවන්. ටියුෂන් කාරයන්ටත් වෙනමම සම්මන්ත්‍රණයක් තිබ්බනේ පහුගිය ඡන්දෙට සපෝර්ට් එක ගන්න. අනික අර පහුගිය කාලේ කිවේ රුපියල් 2500.00 න් මාසයක් කන්න පුළුවන් කියලා. ඉතින් ඔය සහයක ගුරුවරුන්ට ඒ ගාණ දුන්නම ඇතියි කියලා හීන මවාගෙන ඇති. අධ්‍යාපනය කන තරමට තමා මේගොල්ලන්ගේ පැවැත්ම.
රටක උපාධිධාරීන්ට විතරක් රස්සා දෙන්න ඕනේ කියනවා නම් ඒ උපාධිධාරීන් බිහි කරන්න බදු ගෙවලා බර ඇදපු මිනිසුන්ට කරන ලොකුම නිග්‍රහය. රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 20% වත් උපාධිධාරීන් නොවෙයි. ඔවුන් සිටිය යුත්තේ ව්‍යවසයිකයින් විදියට. වෙනත් රටවල් උපාධිධාරීන් බිහිකරන්නේ ව්යවසයිකත්වය දියුණුකරන්න මිසක් රැකියා ඉල්ලා හිඟාකන්න නොවෙයි. ඒ ගැනත් හිතලා බලන්න.
ලංකාවේ අධ්‍යාපනේ ගැන 'උගතුන්' පිරිසක් මේකේ දාලා තියෙන අදහස් දැක්කම අප්‍රසන්නයි. ලංකාවේ උසස් පෙළ සමත්කමක් කියන්නේ නොසලකා හැරිය යුතු දෙයක්ද? ඉන්දියාවේ ඊටත් වඩා පහළ අධ්‍යාපනයක් තියෙන අයටයි උපාධි දීලා තියෙන්නේ. ගුරු සේවයේ සහායකයින් විදිහට උසස්පෙළ සමතුන්ව බදවා ගැනීම ඉතාමත් කාලෝචිතයි. එයින් අඩු වයසකදී සුළු වැටුපකට නමුත් රාජ්‍ය ගුරු සේවයට එක් වෙන්න ලැබීමත්, ඉන් එහාට එම සේවයේ ඇති සුදුසුකම් සපුරමින් තමන්ගේ වෘත්තීය මට්ටම ඉහලට ගොඩනගා ගැනීමට හැකි වීමත් ඒ දරුවන්ගේ අනාගතයට වඩාත් ඵලදායි වේවි. තවද මේවන විට ලංකාවේ බොහෝ පාසල්වල ඇති ගුරු හිඟයට හොඳ පිළිතුරක් ලැබෙනු ඇත.
අපි කියන්නේ ගුරු පුරප්පාඩු පිරවීම සදහා ගුරුවරුන් ලෙස උපාධිධාරීන් පමණක් ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට අනුව බදවා ගන්නා ලෙසයි. දැනට ඉන්න අයගෙන් කී දෙනෙකුට උපාධිය තියෙනවද කියලා කියනවද? කොපමණ ගුරුවරු ඉන්නවද උපාධිය නැතුව ?
ගුරු සේවයට උපාධිධාරීන් පමණක් ගන්නවනම් විද්‍යාපීඨ පත්වීම් දෙන්නේ කොහොමද? ස්ටාලින් කියන්නේ ගුරු සේවය විනාශ කරපු අයෙක්. 1-5 ශ්‍රේණිවල ඉගැන්වීම් කිරීමට ගුරු සහායකයින් අත්‍යාවශ්‍යයි. දියුණු රටවල එම ක්‍රමය පවතිනවා. අනෙක උසස් පෙළ විශාල ගුරු හිගයක් තියෙනවා. විද්‍යා විෂයන් ඉගැන්වීමට ගුරුවරු හිගයි. ඒකට උපාධිධාරින් බදවා ගන්න. ස්ටාලින් මේවා ගැන කතා කරන්නේ නැහැ. අනෙක විද්‍යා පීඨ සියල්ලම උපාධි(අධ්‍යාපනවේදී) පිරිනැමීමේ ආයතන බවට පත්කරන්න ගන්නා උත්සාහය ප්‍රශංසනීයයි. ඉදිරියේ දී ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කරලා මේ යෝජිත ක්‍රම ක්‍රියාත්මක කරන්න.
මේ කරන්නෙ තමන්ට ඡන්ද වැඩ කරපු අයට සලකන්න ජොබ් දීමක් වගේ දෙයක්.
අනේ ඔය විහිළු ගණන් ගන්න එපා. මෙයාමනේ කිව්වේ රුපියල් 2500 න් පවුලකට කාලා බීලා හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්දරේ හිටියනම් අන්දරේගේ ජොබ් එකත් ගහලා යනවා මෙයාගේ දස්කම් නිසා.
මේ ගුරු සංගම් කරුණාකරලා කියන්න අවංකවම තම සේවය පාසල් දරුවන්ට දෙනවද කියලා. එහෙමනම් අමතර පන්ති මොනවටද? එහෙමනම් අමතර පන්තිකාරයින්ට විරුද්දව කටයුතු කරන්න
මේ රජයේ ඉන්න සේරම බමුණුට සර් වෙලා
රටම පොහොට්ටුවට කඩේ යවන්න හදන්නේ බොහොම හොදයි අපි බලන් ඉමු
දැන් එතකොට මේ ස්ටාර්ලින් මහත්තයා උසස් පෙළ ළමයිට උගන්වන්නේ නැතිද? උසස් පෙළ විභාග රාජකාරි යන්නේ නැතිද? උසස් පෙළ ලියන්නේ මෝඩයෝද? ඒ ළමයින්ට මොලයක් නෑ කියලාද කියන්නේ, උසස් පෙළ සමත් අය ගුරු සේවයට ගන්න බෑ කියලා ලංකාවේ නීති පොතේ කොතනක හෝ තියෙනවාද? ඔබතුමා උසස් පෙළ සමත් නොවීය වෙනත් ක්‍රමයකින් ද උසස් අධ්‍යාපනය ලබාගෙන ගුරු වෘත්තියට ආවේ? එතකොට ලංකාවේ අධ්‍යාපනය පිලිබදව තීරණ ගැනීමේ අවසන් බලධාරියා ඔබතුමාද? කරුණාකරලා මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
උසස් පෙළ සමතුන් විද්‍යා පීඨ වලට බඳවාගන්න පුහුණුකර ගුරුවරු වශයෙන් පාසල්වලට යවන්න.
ගුරුවරයා උපාධියක් තිබූ පමණින් බිහි නොවේ... විෂයානුබද්ධ කරුණු වලදි බුද්ධිය වැදගත් සේම ගුරුවරයා සතුව තුන් කල් දක්නා නුවණක් මෙන්ම ප්‍රඥා සහිත විය යුතුයි.
උපාධිය ගත්තට ගුරුවරයෙක් ලෙස ළමයි තෙරුම් ගෙන ඔවුනට ඉගැන්වීමට නොහැක. මන්ද ඔවුන් අධ්‍යාපන මට්ටමින් උසස් උවත් ළමයි තේරුම් ගෙන ඉගැන්වීමට නොහැක. ගුරු සහයකයන් ලෙස උසස් පෙළ සමතුන්ට මෙය තෙරුම් ගත හැකිය . මෙය සෑම කෙනෙකුට අදාල නොවේ.