බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘රාජ්‍ය දෙකක්’ යන සඳහන ශ්‍රී ලංකාවට අදාළ නොවන බව එම පක්ෂයේ උපසභාපති පෝල් ස්කූලි මහතා අවධාරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
සිය පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ රාජ්‍ය දෙකක් යන පදය භාවිතකොට ඇත්තේ මැදපෙරදිග, ඊශ්‍රායලය සහ පලස්තීන සම්බන්ධයෙන් පමණකැයි කොන්සර්වේටිව් පක්ෂයේ උපසභාපතිවරයා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරියට ලිපියක් මගින් දන් ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය සම්බන්ධයෙන් ස්ථාවරය වනුයේ බෙදුනු
සමාජ දෙකක් සංහිඳියාව හා සාමය ඇති කිරීමේ දැනට පවතින වෑයමට සහයෝගය දීම බවද පක්ෂයේ උපසභාපතිවරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වෙත එවාඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බවද අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ 53 වැනි පිටුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබේ. “ලෝකය පුරා සංහිඳියාව ස්ථාවරත්වය සහ යුක්තිය ස්ථාපිත කරනු පිණිස අන්තර්ජාතික වශයෙන් කෙරෙන උත්සාහයන්ට අපි නොකඩවා සහායදෙන්නෙමු. එසේම මින් පෙර ගැටුම් පැවති සයිප්‍රසය සහ ශ්‍රී ලංකාවේත් මැද පෙරදිගත් රාජ්‍ය දෙකක් ඇතිකිරීමේ විසඳුමකට දෙන සහයෝගය අපි පවත්වාගෙන යන්නෙමු” මෙම ප්‍රතිපත්ති ප්රකාශනය ප්‍රසිද්ධියට
පත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර මහත්මිය මේ පිළිබඳව කොන්සර්වේටිව් පක්ෂයේ
සම සභාපති ජේම්ස් ක්ලෙවර්ලි මහතාට දැඩි ලෙස කරුණු ඉදිරිපත් කිරීමට කඩිනම් පියවර ගත්තාය.
මහකොමසාරිස්වරිය ඉකුත් 27 වැනිදා ඔහුට ලිපියක් යවමින් ශ්‍රී ලංකාවට රාජ්‍ය දෙකක් අවශ්‍ය බවට මැතිවරණ ප්රකාශනයේ ඇති සඳහන කිසිසේත් නොපිළිගන්නා බවත් එක්සත් රාජධානියේ කිසිදු දේශපාලන පක්ෂයක මෙවැනි ස්ථාවරයක් නොතිබූ බවත් සඳහන් කර තිබේ.
වරින්වර පත්වූ බ්‍රිතාන්‍යයේ සියලුම ආණ්ඩු මෙන්ම දේශපාලන පක්ෂද එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සාමයහා සංහිදියාව ස්ථාවර කිරීමට සහය පළකර ඇති බවද සඳහන් කර ඇති මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොන්සර්වේටිව් පක්ෂය දරන ස්ථාවරය පැහැදිලිව ප්රකාශවන ආකාරයට මැතිවරණ ප්රකාශනයේ අදාළ ඡේදය සංශෝධනය කරන ලෙසද දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය එම ලිපිය මගිනුත් කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මගිනුත් කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොන්සර්වේටිව් පක්ෂයේ උපසභාපති පෝල් ස්කූලි මහතා කරුණු පැහැදිලි කරමින් මහ කොමසාරිස්වරිය වෙත ලිපියක් එවා ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරත්වයේ වෙනසක් සිදු වී නැති බවත් පැහැදිලිව හා නිශ්චිතව දක්වතොත් එම
ඡේදයේ “රාජ්‍ය දෙකක්” යන පදය භාවිත කොට ඇත්තේ ඊශ්‍රායල් පලස්තීන තත්ත්වය සහ මැදපෙරදිග සම්බන්ධයෙන් පමණක් බවත් ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් කතාවක් පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකේ බලය ගන්න
මිනිස්සු බයකරලා ඡන්දෙ ගන්න මෙන්න තවත් කුමන්ත්රනයක්
එයාලගේ ප්‍රතිපත්ති වලින් අපිට වැඩක් නැහැ. අපි රටක් විදිහට නැගී සිටින්න ඕන. අපි ස්ථාවර නැති උනොත් හැමෝම අපිව යටත් කරගෙන එන්න හදන්නේ.
මොවුන් විසින් නුතන යටත්විජිතකරණය උග්‍ර ලෙස ආරම්භ කර ඇත. මෙවර එහි ස්වභාවය සහ අරමුණු සර්වපුර්නව වෙනස්ය. එංගලන්තයේ වෙසෙන ද්‍රවිඩ ජන්ද උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණෙන් මෙවැනි ප්‍රකාශන නිකුත් කර ඇත. සජිත්ගේ මැතිවරණ ප්රකාශනයේ තිබු නමුත් රට ගැන සිතු ජනතාව අතින් පරාජයට පත් වූ ලංකාව බෙදීමේ සැලැස්ම එංගලන්තය විසින් ක්‍රියාත්මක කරමින් තිබේ.
එහෙනං ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අයින් කරන්න කියන්න. තාම ඒක අයින් කරලා නැහැ. වැරදිලා දැම්මා නම් අපිට විතරක් නෙමේ රටටත් කියලා සමාව අරන් අයින් කරන්න ඕනේ. දෙමල ඡන්ද පෙරේතකමට දාලා අපේ රටේ අයත් ඉල්ලන් කාලා තියෙන්නේ. කවදා හරි ඒ අය ඔයාලගේ රටෙන් කෑල්ලක් ඉල්ලනකොට අපිත් ඒ අයට උදව් දෙනවා.
" අපි ජාත්‍යන්තර සංහිදියාව, ස්ථායිතාව සහ සාධාරණත්වය සඳහා වන කටයුතු වෙනුවෙන් දිගින් දිගටම සහයෝගය දක්වන්නෙමු. යුද්ධයන් පවතින සහ අවසන්වූ යුධ කලාප වන සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග ප්‍රදේශ වල අප පවත්වාගෙන ආ රාජ්‍ය දෙකේ විසඳුම තවදුරටත් පවත්වාගෙන යන්නෙමු." - 53 වන පිටුව.
එයාල ලංකාවේ ක්‍රමය අනුගමනය කරනවා. අපිට එකක් කියලා ඒ රටේ ද්‍රවිඩයන්ට තව එකක් කියනවා. ලංකාවේ දකුණට එකක් කියලා උතුරට තව එකක් කියනවා වගේ
පෝල් ස්කූලි කියන්නේ ඉංගිරිසි කියවන්න බැරි සුද්දෙක්ද කොහෙද. අපේ ගම්මන්පිල මහත්තයට කියල හරියට තේරුම් කරවගන්න. එයා ඕස්ට්‍රේලියාවේ සුද්දන්ටත් ඉංගිරිසි උගන්නපු කෙනෙක්.
මං මේ කල්පනා කලේ රෑ ඉස්කොලේකටවත් යන්න ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. කොසර්වෙටිව් නායකතුමා හිතේ මොනවා තියාගෙන ඒ වචන ටික ලිව්වද අපි දන්නේ නැහැ. මට නම් තේරෙන්නෙම "රාජ්‍ය දෙකක්" කියන වචනය පලස්තීනෙට විතරක් නෙමෙයි ලංකාවටත් අදාළ වෙනවා කියලයි. ඒ ගොල්ලන්ගේ මැතිවරණ ප්රකාශනයේ 53 පිටුවේ තියෙන ඔය වගන්තිය කියවල කවුරු හරි පැහැදිලි කරලා දෙනවද?
නොවැම්බර් 17 වෙනිදා රටේ පාලනය වෙනස් වුණා කියලා දන්නේ නැතුව ඇති.
තාම හිතාගෙන ඉන්නේ ලංකාව තමන්ගේ යටත් විජිතයක් කියලා. සුද්දන් එන්ට පෙර, ලංකාවේ සියලු ජාතීන් සමගියෙන් වාසය කරා. මිනිසුන් බෙදා පාලනය කරන්නට පටන් ගත්තේ මේ අයයි. කොහොමත් ඔය කොන්සර්වේටිව් පක්ෂය එන මැතිවරණයේදී හැඳි ගෑවිලා යනවා. දෙමල ඡන්ද වලින් ඔය රටවල කල හැකි කජ්ජක් නැහැ.
තමන්ගේ රටේ ප්‍රශ්න විසඳාගන්න.
මේ ගොල්ලන්ට කන්න ලැබෙන්නේ අයිසිස් කාරයින්ගෙන්.. ඒකට වැඩිකල් යන්නේ නැහැ. දැනටමත් සමහර ප්‍රාන්තවල අරාබි මිනිස්සු පොලිසියට පාරේ යන්න දෙන්නෙත් නැතුව ලොකුකම් පෙන්වනවා.. මේ ගොල්ලෝ අපිට ලොකුකම පෙන්වන්න හදනවා. අපි තවම යටත් රටක් කියලා හිතාගෙන වෙන්න ඇති.. ලංකාව රටවල් දෙකක් කියලා පෙන්වන්න හදන්න කියන්නකෝ.. ඒක එහෙමද කියලා මුල ඉඳලා පෙන්වලා දෙන්න..
එතකොට අපේ ගම්මන්පිල කිව්වේ බොරුවක්ද?
ගම්මන්පිල කියන්නේ එසේ මෙසේ කෙනෙක්ද? නොදන්න දෙයක් නැහැ කියලා හිතාගෙන ඇති. කාලයක් තමුන්ගේ ලොක්කා ලියාම් ෆොක්ස් එක්ක කරපු ඩීල් දන්නේ නැතුවවගේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නම් ඔය ගැන රාවයකුත් තිබුණා.