මඩකලපුව සරසවිය රජයට පවරාගැනීමේ ඇති හැකියාව බලන්නැයි අගමැති කියයි
මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා වෙත ලියා දන්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට අද (12) උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.