බණ්ඩාරගම ප්‍රා.ලේකම් පුටුවට ඉහළින් ආවාට විරෝධය බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරිය සිටියදී එහි රාජකාරි කටයුතු සඳහා නව ප්‍රාදේශීය ලේකම්වරියක පත් කිරීමට විරෝධය පළකරමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 10 January 2019
ඥානසාර හිමිට නිදහස් දිනයේ පොදු සමාව දෙන්නැයි ඉල්ලයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙත ලබන 4 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ දී පොදු සමාව ලබා දෙන ලෙසට පැවිදිහඬ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 10 January 2019
‘දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවනවා’ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් දින 51ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10)පැවසීය. 10 January 2019
ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් 5000 සහ 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි. 10 January 2019
විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට උපදෙස් දීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අනිද්දා(11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 09 January 2019
කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගන්න රජය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමයේ විරෝධය කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 ක් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවත් වහාම මෙම කැබිනට් තීරණය අහෝසි කොට පාසල්වලට කී‍්‍රඩා පුහුණුකරුවන් බඳවා ගැනීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 09 January 2019
මැතිසබේ කලහයේ වාර්තාව අනිද්දා කතානායකට මැතිසබයේ ප්‍රචන්ඩකාරී සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කතානායකවරයාට අනිද්දා බාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 09 January 2019
පලිගැනීම් මුවාවෙන් දෙන වැටුප් වර්ධක නවත්වන්නැයි ඉල්ලයි දේශපාලන පලිගැනීම්වලට සාධාරණය ඉටුකිරීමේ මුවාවෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවය ඇතුලු සේවාවල නිලධාරින් පිරිසකට වැටුප් වර්ධක ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද එය වහා අත්හිටුවා ඔවුන්ට සාධාරණ වන්දි මුදලක් පමණක් ලබාදෙන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 09 January 2019
ජනවාරි සිට වාහන වලට කාබන් බද්දක් 2018 මුල්‍ය පනත යටතේ ඩීසල් සහ පෙට්‍රල් වාහන සියල්ලටම ජනවාරි 1 පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් පනවන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 09 January 2019
රෙජිනෝල්ඩ්ට - නිලුකාට සංස්ථා සභාපතිකම් දෙකක් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන්ද සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. 09 January 2019
ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් කෝටි 40 ක් ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 40 ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 January 2019
කීර්ති ඌවෙන් දකුණට - මාර්ෂල් පෙරේරා ඌවට ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති. 09 January 2019
අල්ලස් - දූෂණ විමර්ශන පනත සම්මත කරගන්නයි ජනපතිගෙන් ලිඛිත ඉල්ලීමක් කැබිනට් අනුමැතිය හිමිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභා සංශෝධිත පනත් කෙටුම්පත සම්මත කරගැනීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කතානායකවරයා වෙත ලිපියක් මගින් දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවසීය. 09 January 2019
යුද්ධයේදී රසායන අවි භාවිතා කළ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා මෙරට යුද්ධයේදී රසායන අවි හා පොකුරු බෝම්බ භාවිතා කළ බවට නගන චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය ලෙස ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2019
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශ්‍රවේන්ද්‍රට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව කියයි. 09 January 2019
මොළය මියගිය රෝ්ගීන්ගේ අවයව බද්ධ කිරීමට අවබෝධතා ගිවිසුමක් හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (9) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය. 09 January 2019
නාවික හමුදාපති යුද හමුදාපති හමුවෙයි නව නාවික හමුදාපති වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (9) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය. 09 January 2019
ජලයටත් මිල සූත්‍රයක් එයි මිල සූත්‍රයට මුවාවී තෙල් මිල වැඩි කරන්නට සැරසෙන ආණ්ඩුව ඉදිරියේ දී විදුලි බිලටත්, ජල බිලටත් සූත්‍රයක් ගෙන ඒමට කටයුතු යොදමින් සිටින බවට විශ්වාසදායක ආරංචි වලින් වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (9) ප්‍රකාශ කළේය. 09 January 2019
‘පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් වෙන්නේ නෑ’ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය. 09 January 2019
අභියාචනාධිකරණ - ශ්‍රේෂ්ඨාධිකරණ නව විනිසුරුවරු සිව් දෙනෙක් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (9) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 09 January 2019
නිදහස් වෙළඳ ගිවිසුමේ පෙත්සම 22 වැනි දාට කල්යයි ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් මැයි මස 22 වැනි දා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය. 09 January 2019
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී - දැව සංස්ථා සභාපතිට රට ගමන් තහනම් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝගයක් නිකුත් කළාය. 09 January 2019
පාතාලේ යතුරුපැදි ශූරයා අත්අඩංගුවට කොළඹ වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ පාතාලේ යතුරුපැදිකරු වන ‘‘පප්පා’’ නැමැත්තා මත්කුඩු හා අත්බෝම්බ දෙකක් සමඟ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කෙත්තාරාම මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 09 January 2019
ලක්ෂ 35 කප්පම් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට දුරකථනයෙන් බියවද්දා රුපියල් ලක්ෂ 35 ක් කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 09 January 2019
මුල්ලේරියාවේ ඉඩමකින් දිරාගිය අස්ථි කොටස් හමුවේ මුල්ලේරියාව අවිස්සාවෙල්ල අටේකණුව වැලිපිල්ලෑවේ ඉඩමක තිබී මිනිස් සිරුරක දිරාගිය අස්ථි කොටස් සොයාගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 09 January 2019
‘‘ අද බොහෝ දෙනෙකුට බණ්ඩාරනායක අමතක වෙලා‘‘ දේශීයත්වය අගය කරමින් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාකියන්ට විශාල සේවයක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බොහෝ දෙනකුට අමතකව ගොස් ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අධ්‍යාපනවේදී නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ අද (8) කීහ. 08 January 2019
කතානායක අසුනේ වාඩිවීම ගැන අරුන්දික සමාව ඉල්ලයි පාර්ලිමේන්තුවේදී ගැටුම්කාරී තත්ත්වයක් පැවති ඉකුත් නොවැම්බර් 16 වැනිදා තමන් කතානායක අසුනේ වාඩිගෙන සිටීම වරදක් නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 January 2019
හමුදා ට්‍රක් රථයක් ත්‍රීරෝද රියක ගැටී 3ක් මරුට කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් හා ත්‍රී රෝද රථයක් අද (08) ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පලෙයි පොලිසිය කියයි. 08 January 2019
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 08 January 2019
මාර්ෂල් පෙරේරාට දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයම දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි වාර්තාවේ. 08 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026