බැදුම්කර වංචාවේ විත්තිකරුවන්ට නඩු පවරන දිනය අධිකරණයට දැනුම් දෙන්නැයි නියෝග
මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීමෙන් අක්රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව අර්ජුන් මහේන්ද්රන්, අර්ජුන් අලෝසියස් ඇතුලු දස දෙනෙකුට එරෙහිව ස්ථීර ති්රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන්නේ කවදාදැයි යන්න නිශ්චිත දිනයක් නීතිපතිවරයාගෙන් විමසා ලබන 19 වැනිදාට පෙර අධිකරණය වෙත දැනුම් දෙන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) පැමිණිල්ලට නියෝග කළාය.