(ඉන්දිකා රාමනායක)
රාගම කැන්දලියද්දපාලූව ප‍්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රීයේ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා හිටපු කපිතාන්වරයකු අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර කපිතාන් යුද හමුදාවේ දක්ෂතම වෙඩිකරුවකු බවත් ඔහු වෙඩි තැබීමේ තරග වෙනුවෙන් යුද හමුදව නියෝජනය කරමින් පදක්කම් රැසක් ද ලබා සිටි පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.
අයිස් නැමැති මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහිව සිටින මෙම සැකකාර කපිතාන් මීට මාස දෙකක පමණ කාලයක සිට යුද හමුදා සේවයට නොගොස් සැඟව සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මියගිය ෂේන් හෙට්ටිආරච්චි හා සැකකාර කපිතාන් කාලයක පටන් මිතුරන් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් අනාවරණය කර නොමැති අතර අයිස් නැමැති මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබා ගැනීම නිසා සැකකරුගේ මනස විකෘති වීමෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා අල්ලන්න එපා... ඔය රණවිරුවෙක් ...!!!
ඔන්න රණවිරු ගාය අරවා මේවා හෙම කියන්න එපා දැන් හොඳේ.
රණවිරුවන් අත්අඩංගුවට?
කොහොමද මනස විකෘත්ති වුනාම සැලසුම් කරලා මිනි මරන්නේ ?
නීතිවේදී මේජර් අජිත් ප්‍රසන්න හෝ ගම්මන්පිල මහත්තය හරි තවම කට ඇරියේ නැහැ මේ රණවිරුවාගේ ක්‍රියාකලාපය ගැන.
බුදු අම්මෝ මෙන්න රණවිරුවන් අත් අඩංගුවට ගන්නවෝ. අහ්, නෑ නෑ, මට වැරදුනා. මේක අපේ ආණ්ඩුව බව අමතක වුනා. මේ හාදය මනස විකෘති වෙච්ච කෙනෙක් නොවැ. එතකොට අර ගොඩට වැටෙන්නේ නෑ. .