අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට පහර දුන්නැයි පැමිණිල්ලක් අඟුණකොළපැලැස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරින් පිරිසක් වධහිංසා කළැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. 16 January 2019
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 16 January 2019
සබරගමුව වෛද්‍ය පීඨය දේශපාලනඥයින් විවෘත කරනවාට සිසුන්ගේ විරෝධය සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධ කර ගැනීමට විරෝධය පළකරමින් විශ්ව විද්‍යාල සිසුහු අද (16) උද්ඝෝෂණයක් කළහ. 16 January 2019
ඩොලර් මිලියන 480 ක ආධාරය ගැන සාකච්ඡා ඇමෙරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබු තාවකාලිකව අත්හිටවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක ආධාර මුදල සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 16 January 2019
මත්පෙති-කරල් ලක්ෂයක් සමඟ අයෙක් අත්අඩංගුවට විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමඟ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විරගුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 16 January 2019
ආගමන - විගමන නීති කැඩූ චීන්නු දෙදෙනාට අධි චෝදනා ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් ලංකාව තුළ රැුදී සිට උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි කියන සිද්ධියකට අදාළ චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් කොළඹ 16 January 2019
ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහි නඩු කල් යයි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත්ට රැදී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (16) නියෝග කළේය. 16 January 2019
මන්නාරම් මිනී වලෙන් හමු වූ සිරුරු ගණන 300 ක් මන්නාරම් සමූහ මිනීවල දෙවැනි වතාවට පුළුල් කිරීමෙන් පසුව කළ කැනීම්වලදී අද (16) වන විට සිරුරු 300 ක් හමු වී ඇති බව කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි. 16 January 2019
ලංකාවේ රෝහල් 132 කට නව ගිලන් රථ ලංකාව පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන්රථ 132 ක් ලබා දීමට සෞඛ්‍ය හා පෝෂණ වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 16 January 2019
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුම ඡන්ද 230කින් පරාජයට බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මිය විසින් ඉදිරිපත් කළ බ්‍රික්සිට් ගිවිසුම ඡන්ද 230කින් ප්‍රතික්ෂේප වී ඇත. 16 January 2019
ෆොන්සේකා හිටියේ ඡන්දයක් දිනාගන්න බැරිව අනාථ වෙලයි සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු කියාගෙන අපේ පක්ෂයට අවා. අපේ ඡන්ද ගත්තා. ඊට පස්සේ දා ගත්තා ගිනි සිළුවක්. ඡන්දයක් දිනාගන්න බැරිව අනාත වෙලා හිටියේ. අපේ නායකතුමාට පිංසිද්ධ වෙන්න එයා නැවත අපේ පක්ෂයට ආවා. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමකුත් දුන්නා. මැතිවරණ කොමසාරිස්තුමාට මා අභියෝග කරනවා ඔබ කළ මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරදි. සුදුසු නැති කෙනකුට මන්ත්‍රීකමක් දීම වැරදි යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා යටදොලවත්තේදී අද (15) පැවැසීය. 15 January 2019
මැතිවරණය සමානුපාතික ක්‍රමයට පවත්වන්න නව කෙටුම්පතක් මැතිසබේට පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමටය කඩිනමින් පැවැත්වීම සඳහා රජය නව කෙටුම්පතක් පාර්ලිමේන්තු සම්මත කර ගැනීමට තීරණය කර තිබේ. 15 January 2019
උතුරු සංවර්ධන අමාත්‍යධූරය වෙනස් වන බව සුමන්තිරන් කියයි උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය. 15 January 2019
චීන්නු සඳමත බීජ පැළ කරති චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳ වෙත ගෙනගිය බීජ සාර්ථකව පැළවී දළු ලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි. 15 January 2019
ගුවන් ටිකට්පත් වංචාවක් නිසා සැපයුම් අංශ නිලධාරියකුගේ වැඩ තහනම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගුවන් ටිකට් පත් මිල දී ගැනීමේ දී සිදුකළ වංචාවක් හේතුවෙන් එහි සැපයුම් අංශයට අනියුක්තව සේවය කළ නිලධාරියෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි එම කාර්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 January 2019
ව්‍යාපාරිකයෙක් පැහැරගෙන යමින් සිටි තිදෙනෙකු දක්ෂිණ අධිවේගීයේදී අල්ලයි අහංගම නගරයේ ව්‍යාපාරිකයෙකු මෝටර් රථයක දමාගෙන පැහැර ගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු සමඟ එම මෝටර් රථයද අද (15) දහවල් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව පොලිස් මුරපොල නිලධාරින්අත්අඩංගුවට ගෙන ඇත. 15 January 2019
ලොරියේ නැගී නුවරඑළි යන්න ගිය ‘සේනා‘ සේනාවම දඹුල්ලේදී නවතාගනී රජරට ප්‍රදේශවල ව්‍යාප්තව ඇති සේනා දළඹු විශේෂය නුවරඑළිය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට බෝවීමේ ඇති ප්‍රධානතම අවස්ථාවක් මඟ හැර දැමීමට අද (15) දඹුල්ල පොලිසිය සමත් විය. 15 January 2019
නව පාඨමාලා දෙකක් ලබන වසරේදී සරසවියට ලබන වසරේදී නව උපාධි පාඨමාලා දෙකක් අලුතින් හඳුන්වා දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. 15 January 2019
පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට පන්නල කපුවත්ත ප්‍රදේශයේ පියකු ඝාතනය කළැයි ඔහුගේ 35 හැවිරිදි පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි. 15 January 2019
හොර උපාධි සහතික සෑදූ සතොස ලොක්කාට ඇප සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස ආයතනයේ උසස් නිලධාරියකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත්රාත් සාලිය චන්න අබේරත්න මහතා නියම කළේය. 15 January 2019
වරාය නගරයේ ගොඩකිරීම් අවසන් කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 15 January 2019
හඳුනා නොගත් සලඹ විශේෂයකින් ලුණුගම්වෙහෙර ගම්වැසියෝ පීඩාවට හඳුනා නොගත් සලඹ විශේෂයක් ස්පර්ශ වීමෙන් ඇතිවන අසාත්මිකතාවයක් හේතුවෙන් ලුණුගම්වෙහෙර, රණවරනාව සහ දෙව්රම්වෙහෙර ප්‍රදේශවල ජනතාව ඉමහත් පීඩාවට පත්ව සිටිති. 15 January 2019
හංවැල්ල පාලම හරහා යන වාහන සීමා කරයි කොළඹ - ගම්පහ දිස්ති‍්‍රක් යා කෙරෙන හංවැල්ල පාලම හරහා වාහන ධාවනය නැවත දැනුම් දෙනතුරු සීමා කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අවිස්සාවේල්ල විධායක ඉංජිනේරු සංජීව එදිරිසිංහ මහතා පැවසීය. 15 January 2019
අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් පිරිසක් තමා හමුවී රටේ මෙන්ම පක්ෂයේද ප්‍රශ්න ඇති බව සඳහන් කරමින් ඔවුන් අතරමං වී ඇති බව පැවසීයැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. 15 January 2019
ප්‍රතිසංස්කරණය කරන්නේ සිංහරාජය අසළ වසර 50 ක් පැරණි පාරක් සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපන බවට පළවු තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය. 15 January 2019
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සඳහා පිලිපීනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස නිල සංචාරයක් සදහා අද (15) සිංගප්පුරුවට පිටත්ව ගියහ. 15 January 2019
කරාපිටිය රෝහලේ වහලයක මළ සිරුරක් එල්ලෙයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 04 වාට්ටුවේ කොරිඩෝවක වහලයේ එල්ලෙමින් තිබූ රෝගියෙකුගේ මළ සිරුරක් අද (15) අලුයම හමුවූ බව රෝහල් පොලීසිය පවසයි. 15 January 2019
ගලෙන් බිඳුණුවැව ගොවිමහතාගේ මතයට කීට විද්‍යාඥවරියගේ අවධානය දුන්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යෙදීමෙන් තම බඩඉරිඟුවගාවේ සේනා දළඹුවන් විනාශ කිරීමට හැකිම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා සිය බඩ ඉරිඟු වගාවේ සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව ගලෙන්බිඳණු වැව තෝඩාමඩුව, යකල්ලේ ගොවි මහතෙකු කියයි. වූ බව තෝඩාමඩුව යකල්ලේ බී. විජේසිංහ ගොවි මහතා පවසයි. 14 January 2019
පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා උසාවි යන්න සැරසෙයි පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (14) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 14 January 2019
මෝර වරල් 500 ක් - මුහුදු ජීවීන් 130ක් සමඟ 4ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කළ වියළන ලද මෝර වරල් කිලෝ 500 ක් සහ මුහුදු අශ්ව විශේෂයට අයත් දුර්ලභ මත්ස්‍ය වර්ගයක් වන පයිප් ෆිෂ් (pipe fish) හෙවත් මුහුදු බූරුවන් කිලෝ 130 ක්, කල්පිටිය උච්චිමුණේ දූපත අසල පිහිටි ඔත්තුප්පනඩිය අසල තිබියදී කල්පිටිය පොලිසිය අද (14 ) අත්අඩංගුවට ගෙන තිබේ. 14 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026