(ටී.කේ.ජී.කපිල )
රුපියල් මිලියන 58 ක් වටිනා රන් බිස්කට් 65 ක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පෝටර්වරයකු අද (5) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
41 ක් හැවිරිදි වියේ පසුවන මෙම පෝටර්වරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තම සිරුරේ උදර ප්‍රදේශයේ කිලෝ ග්‍රෑම් 6 යි ග්‍රෑම් 500 ක් රන් බිස්කට් 65 බැඳගෙන , කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යාමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රත්තරන් විකුණලා දුප්පත් අයට ගෙවල් හදලා දෙන්න. ලබන සතියේ වැඩේ පටන්ගන්න...