‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය පක්ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ ගැන අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය. 17 January 2019
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් (තිරසර සංවර්ධන) චන්ද්‍රරත්න පල්ලේගම මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත. 17 January 2019
අක්කරේපත්තුව උප නගරාධිපතිට ඇප අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සනෝජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළාය. 17 January 2019
ආසියානු සංවර්ධන බැංකුව සමඟ ජනාධිපතිවරයා ගිවිසුමක් අත්සන් කරයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරිණි. 17 January 2019
ශ්‍රී ලංකා වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත්කර ඇත. 17 January 2019
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 17 January 2019
තලවතුගොඩ - හෝකන්දර මාර්ගයේ ගිලාබැසීමක් තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ හෝකන්දර හන්දියේ සිට මීටර් 200ක පමණ දුරින් මාර්ගයේ කොටසක් අද(17) ගිලා බැස ඇතැයි තලංගම පොලිසිය පවසයි. 17 January 2019
ඊ- හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරියේදී ලංකාවේ ජීවත්වන සියලුම ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 17 January 2019
මහා භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් කෝටි 9000 ක් රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ. 17 January 2019
කොකේන් ජාවාරම්කරුට මරණ දඬුවම් කොහුවල ප්‍රදේශයේ කොකේන් මත්ද්‍රව්‍ය බේදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(17) මරණ දඬුවම නියම කළේය. 17 January 2019
අක්කරේපත්තුව උප නගරාධිපතිවරයා අත්අඩංගුවට අක්කරේපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆීර් අස්මී මහතා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 17 January 2019
‘ලංකාව රටවල් 9කට බෙදා වෙන්කිරීමේ සැලසුමක් ඇතැයි ගෝලීය ලාංකික සංසදය කියයි‘ වත්මන් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුව තුළ එළිදක්වන ලද නව ව්‍යවස්ථා යෝජනා ඒකීය ශ්‍රී ලංකාව රටවල් නමයකට බෙදා වෙන් කිරීමේ සැලසුමක් යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය කියා සිටී. 17 January 2019
බඹර ප්‍රහාරයකින් සිසුහු 70ක් රෝහලේ බඹර ප්‍රහාරයකින් ඇල්ල බල්ලකැටුව ප්‍රදේශයේ පාසලක සිසුහු 70 දෙනකු රෝහල් ගත කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 17 January 2019
කටුනායක කර්මාන්තශාලාවක සේවකයෝ අඛණ්ඩ උපවාසයක කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා එහි සේවකයින් 05 දෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව එහි සේවකයෝ දින 07 ක සිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නියැලී සිටිති. 17 January 2019
ලංකාව-පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව ලංකාව සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තබා තිබේ. 17 January 2019
ගෝඨාට එරෙහි මූල්‍ය චෝදනා නඩුව දිනපතා විභාගයට ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මෙ මස 22 දා සිට දිනපතා විභාග කරන්නැයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ. 17 January 2019
තෙරේසා මේ විශ්වාසභංගය ජයගනී බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත. 17 January 2019
කෝටි හයක හෙරොයින් කඩුවෙලින් අල්ලයි රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුතු හොරොන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 17 January 2019
මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. 16 January 2019
මැතිවරණ කොමිසමෙන් ජනපතිට- අගමැතිට ලිපියක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී ඉක්මන් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ. 16 January 2019
ශ්‍රී ලංකා - පිලිපීන ජනපතිවරු සාකච්ඡා අරඹති පිලීපීනයේ නිල සංචාරයක් සදහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු විය. 16 January 2019
ජනපති අරමුදල් කාර්යාලය නව ස්ථානයකට මේ වන විට කොළඹ 01, ජනාධිපති මාවත, රේණුකා ගොඩනැඟිල්ල, අංක 41 ස්ථානයේ පිහිටුවා ඇති ජනාධිපති අරමුදල් කාර්යාලය අනිද්දා (18) සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය. 16 January 2019
ඉන්ධන පිරවුම්හලේදී බවුසරය ගිනි ගනී ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්ධන පිරවුම්හලේ භූගත ටැංකි සඳහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය සහ ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය විනාශයක් වළක්වා ගැනීමට අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරිහු අද (16) සමත්වූහ. 16 January 2019
නැවත අගමැතිකම ලබාගත්තේ දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකඟතාවක් අනුවයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට නැවත අගමැතිකම ලබාගන්න දෙමළ ජාතික සන්ධානය සහය දුන්නේ ඔවුන් අතර ඇති කරගත් එකඟතාවයකට අනුව බව සුමන්තිරන්ලා කැබිනට් මණ්ඩලය ගැන උතුරේදී කරන ප්‍රකාශ අනුව පැහැදිලි වෙනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (16) පැවසීය. 16 January 2019
මහින්දගේ පෙත්සම සළකා බැලීම කල්යයි පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා මහින්ද ගොනු කර තිබූ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියමය කළේය. 16 January 2019
නාමල් - විමල් - ශෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ශෂි වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ. 16 January 2019
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ප්‍රහාරයට වසර 10 ක සිරදඩුවම් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ල කර කඳවුරු ගුවන් පථයේ නවතා තිබු ගුවන් යානා 16ක් විනාශකර රුපියල් කෝටි 400ක අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකුට වසර 10 බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කිරිමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය. 16 January 2019
අඟුණකොළපැලැස්ස සිදුවීම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිදු වී යැයි කියන සිරකරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. 16 January 2019
චීනයෙන් ඩොලර් මිලියන 300 ක ණයක් ගන්න යයි චීනයේ ‘බෑන්ක් ඔෆ් චයිනා’ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 16 January 2019
කන්දකාඩුව කපන්න සුදානම් මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ති‍්‍රකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කර ඇත. 16 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026