වැලිගම වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල වැලිගම පොල්වත්ත පාලම ආසන්නයේ දී අද (21) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව මාතර පොලිසිය කියයි. 21 January 2019
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බව ටෙලෝ සංවිධානය කියයි දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පිළිගත හැකි විසදුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජනා කර නොමැති බවත් මේ හේතුවෙන් එම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය අවධාරණය කර සිටීයි. 21 January 2019
බැසිල්ට එරෙහි ලිත් නඩුව කල් යයි ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය. 21 January 2019
වළගම්බා රජ දවසේ පුරාවස්තු සොයා කැණිම් කළ 05 ක් අත්අඩංගුවට ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය ඉදිරිපිට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්බා රජුගේ වස්තුව තැන්පත් කර ඇතැයි පවසා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු බැකෝ යන්ත්‍රයක් ද සමඟ අද (21 ) සැකපිට දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2019
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැළසුම් කළැයි කිය සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 30 වැනිදා 21 January 2019
මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට කැත්තකින් කොටන්න යයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට කැත්තකින් පහරදිමට තැත් කළ බව කියන පුද්ගලයෙකු අග්බෝපුර පොලිස් වසමට අයත් අග්බෝගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 21 January 2019
මත් ද්‍රව්‍ය ජාවාරම්- අපරාධ ගැන දැනුම් දෙන්න නව අංකයක් මත් ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා අද (21) නව දුරකතන අංකයක් හඳුන්වා දී තබේ. 21 January 2019
දළඹු ’සේනා’වගෙන් කෙසෙල් - එළවළු බේරාගන්න ඇඹිලිපිටියේ ඉරිඟු වගා ගිනි තියති බඩඉරිඟු වගාවට හානි කරන සේනා දළඹුවා කෙසෙල් වගාවට බෝවීමේ අවදානමක් ඇතිබව ඇඹිලිපිටිය අවට කෙසෙල් ගොවීහූ පවසති. 21 January 2019
වෛද්‍ය සංගමයේ නව සභාපතිනිය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර ඇත. 21 January 2019
මන්ත්‍රී සනත් නිශාන්තගේ ජීප් රථය අනතුරකට ලක්වේ පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා ගමන් ගත් වාහනය ඊයේ ( 20 ) සවස වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ දි අනතුරකට ලක් වී ඇතැයි පොලිසිය පවසයි. 21 January 2019
හිටපු කොටි සාමාජිකයෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවට කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී ගිනිඅවි, පතොරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පලෙයි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 21 January 2019
නවකවදයට එරෙහිවූවන්ට පහරදුන්නැයි 12ක් සැකපිට අත්අඩංගුවට වයඹ සරසවියේ සිසුන් පිරිසකට පහර දුන්නේ යැයි සැකපිට එම විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 12 දෙනකු අද රාත්‍රී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 21 January 2019
මාධ්‍යවේදී පෝද්දල පැහැරගැනීම ගැන ඩීඅයිජී තෙන්නකෝන්ගෙන් ප්‍රකාශ ගනී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි. 20 January 2019
නල්ලතන්නි -ශ්‍රීපාද බැතිමතුන් සඳහා කඩිනම් පහසුකම් ලබාදීමට පියවර නල්ලතන්නිය-ශ්‍රීපාද වන්දනාවේ ගමන් කරන ශ්‍රීපාද වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් ගැටළු රැසක් ඇති බවත්, එම ගැටළු වලට කඩිනමින් අදාල අංශ සමග සාකච්ඡාකර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. 20 January 2019
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදිසියේ ගෙනඒම උචිත නොවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේදී හදිසියෙන් ගෙනඒම යෝග්‍ය නැතැයි උඩුමලගල මහින්ද ශ්‍යාමෝපාලි වංශික මහනිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහනාහිමි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති. 20 January 2019
කොටහේනේ වෙඩි තැබීමක් කොටහේන, හින්නි අප්පුහාමි මාවතේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 20 January 2019
කොටි වළ දැමු රන් සොයන්න ගිය 8ක් අත්අඩංගුවට කොටි සංවිධානයෙන් වළ දමන ලදැයි පවසන මුදල් සහ රන් සොයා මඩු ප්‍රදේශයේ මාවිල්ලු රක්ෂිතයේ කැනීම් කටයුතු කළ පුද්ගලයින් 8 දෙනකු අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. 20 January 2019
ඉතිරි කිරීමේ බැංකු සේවකයෝ වර්ජනයකට සැරසෙති ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවක සේවිකාවෝ මේ මස 24 වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. 20 January 2019
අල්ලස් පනත සංශෝධනය කිරීමට යයි අල්ලස් පනත යටතේ මෙතෙක් ආවරණය නොවු පෞද්ගලික අංශය ඇතුළුව අංශ කිහිපයක්ම අල්ලස් පනත යටතට පත් කරමින් එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතීය සංශෝධන කරමින් නීතී කෙටුම්පත් කරන බව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පැවසීය. 20 January 2019
බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි බළන්ගොඩ මූළික රෝහලේ දැඩිසත්කාර ඒකකය වසා දැමීම පියවර ගෙන ඇත. 20 January 2019
දුම්කොළ සමාගමට ඇමැති රාජිතගෙන් චෝදනාවක් දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට රට තුළ ජනමතයක් ඇති කිරිමට උත්සාහ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. 20 January 2019
කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ. 20 January 2019
රනිල්ගේ-සුමන්තිරන්ගේ රහසිගත තීන්දුවලට ඉඩ නෑ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 20 January 2019
නයිනමඩමේදී අනතුරට පත් මෝටර් රියේ තිබී පිස්තොලයක්-ජීව උණ්ඩ හමුවෙයි වෙන්නප්පුව - නයිනමඩම, බෝලවත්ත ප්‍රදේශයේදී පුද්ලගයින් 6 දෙනකු මරණයට පත් කරමින් අනතුර සිදුවූ මෝටර් රථය තුළ තිබී මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බව පොලීසිය කියයි. 20 January 2019
ප්‍රවීණ නළු මාර්ක් සැම්සන් අභාවප්‍රාප්ත වෙයි ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නළුවෙකු වන මාර්ක් සැම්සන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබේ 20 January 2019
ඌවේ දෙමළ පාසලක සිංහල ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් ගැන පැමිණිල්ලක් ඌවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නියෝග මත තමන් ස්ථාන මාරු කර යැවීමට සැරසෙන බවට බදුල්ලේ දෙමළ විදුහහලක සියලුම සිංහල ගුරුවරියන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ. 20 January 2019
කෘෂිකර්ම-ගොවිජන සේවා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ කෘෂි කර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරින් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ. 20 January 2019
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙති දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට(21) වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 20 January 2019
නයිනමඩමේ රිය අනතුරකින් 6ක් මරුට වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2019
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්බඩු සොරාගෙන කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මුදල් හා රන් බඩු ඇල්ල නගරයේ හෝටලයකදී අද අලුයම සොරකම් කරනු ලැබ ඇතැයි ඇල්ල පොලීසිය කියයි. 19 January 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026