(ජයන්ත සමරකෝන්)
විශ්‍රාමිකයන් 640,000ක් සඳහා සෑම මාස 6කට වරක්ම විශ්‍රාම වැටුප් පත්‍රිකාවක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තීරණය කර ඇත.
කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශ්‍රාමික සමිති සාමාජිකයන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
රාජ්‍ය සේවකයින් 25,000ක් පමණ වාර්ෂිකව විශ්‍රාම යන අතර මාසිකව විශ්‍රාම ලබන සංඛ්‍යාව 2000ක් බවට ගණන් බලා ඇතැයිද අමාත්‍යවරයා පවසයි.
විශ්‍රාමිකයන් 640,000ක් රට පුරා සිටින අතර ඔවුන් සඳහා වාර්ෂිකව රජයට දැරීමට සිදුවී ඇති වියදම රුපියල් කෝටි 1900ත් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම රජයක්ම විශ්‍රාමිකයන්ට මසකට හෝ වර්ෂයකට ගෙවන මුදල ගැන කතාකරනවා මිසක් 1600000ක් පමණ වන රජයේ සේවකයින්ගෙන් වැන්දඹු හා අනත්දරු මුදලට කපාගන්න මුදල් ප්‍රමාණය ගැන කතාකරන්නේ නැහැ. මේ ගණන් සමහර විට දන්නෙත් නැතුව ඇති...
1988 ට පෙර කාලයේ අතින් ලියූ විශ්‍රාම වැටුප් පත්‍රිකාවක් සෑම විශ්‍රාමිකයෙකුට මෙන්ම වැන්ඳඹු විශ්‍රාම වැටුප් ලැබූ කෙනෙකුටමත් යවන ක්‍රමයක් තිබුනා එමගින් විශ්‍රාම වැටුප් ලබාගැනීම වෙනුවෙන් අත්සන් ගැනීමකුත් සිදුවුනා.1987 සිට විශ්‍රාම වැටුප් සකස්කිරීම විමධ්‍යගත කර පරිගණක ගතකර ගෙවීම් ආරම්භ කිරීමේදීත් පරිගණක ක්‍රමයට සකස්කල පත්‍රිකාවක් යවන ක්‍රමයක් තිබුනා කියා කියන්නේ ඒකාලයේ එම පත්‍රිකාව සකස්කිරීමට මමද දායකවුන නිසාත් මමත් ඒවා ලබාගත් නිසාත්ය. එක්දහස් නවසිය අනූපහෙන් පසුව රජයේ සාමාන්‍ය ලිපිවලටත් තැපැල් ගාස්තු අයකිරීමට පටන්ගැනීමෙන් පසුව වියදම අධිකබව කියා මෙම පත්‍රිකා යැවීම නතරකලා.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමිකයින්ට කොපමණ කෙනෙහිලි වෙනවද යන්න ඔබතුමා නොදන්නවා ඇති නේද? කොපමණ දෙනෙකුට තම විශ්‍රාම වැටුප නොගෙවනවද කියලා හොයලා බලන්න. අතිශයින්ම දූෂිත රාජ්‍ය ආයතනයක්...
ඔබතුමාගේ වචන ටිකක් වෙනස් කරගත්තොත් නරකද? විශ්‍රාමිකයන් 640,000ක් රට පුරා සිටින අතර ඔවුන් සඳහා වාර්ෂිකව රජයට දැරීමට සිදුවී ඇති වියදම රුපියල් කෝටි 1900ක් කියා කියනවට වඩා, නරකද රටට සේවය කළ අයට උපහාර දැක්වීම සඳහා රුපියල් කෝටි 1900ක් වැය කරනවා කියලා කිව්වොත්?. ඔබතුමාලා දේශපාලකයින් හැටියට රටටකළ සේවයට වඩා සේවයක් ඒ විශ්‍රාමිකයින් රටට කර ඇති බව ඔබතුමාට අමතක වෙලා ඇති. ඔවුන් රටට සම්පතක් බව අමතක කරන්න එපා...
රජයේ සේවක වැටුපෙන් ලොකු මුදලක් මාසිකව අය කරගන්නවා මේ මුදල් නිසි පරිදි කළමනාකරණය කරගත්තොත් මීට වැඩ විශ්‍රාමිකයනට පහසුකම් සලසා දිය හැකිනේද අද කාලේ ලෙඩ දුක් වලින් විශ්‍රාමිකයෝ බොහෝ ගැහැට විදිනවා