(ඩයනා උදයංගනී)
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් අද (08) සිය පත්වීම් ලිපි ලබා ගත්තේය.
නියෝජ්‍ය සභාපති ලෙස නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය ද සිය පත්වීම ලබාගත්තාය.
මෙම පත්වීම් ලිපි ප්රදානය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් වන අතර, නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක් වන්නීය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින් ගැන බලන්න ඕනේ අපචාර සම්බන්ධව පමණක් නෙමෙයි. තමන්ගේම අම්මා අතින් බැටකන අම්මා අතින් දිනපතා අසභ්‍යය වචනයෙන් බැනුම් අහන මානසික ශාරිරික හිංසාවිදින අහිංසක දරුවෝ කොළඹ අවටම ඉන්නවා. මෙවැනි දරුවන් විනාශ කරන්නේ අම්මාමයි. මානසික ලෙඩ තියෙන තරුණ අම්මලා ලග හැදෙන දරුවෝ මොන තරම්ගෙ පිඩනයක් අත් විදිනවද? සැමියාගෙන් පළිගැනිමට පුංචි දරුවට තඩිබාන අම්මලා ඉන්න රටක් මේක. මේවා නවත්වන්න. අපි හැමවිටම බලන්නේ ගැමි දරුවෝ අඩු ආදායම් ලබන දරුවෝ ගැන විතරයි. ඒත් තිත්ත ඇත්ත නම් මැද පන්තියේ සිටින දරුවෝ ඉන්නවා තමන්ගේම අම්මාගෙන් හිරිහැර විදිමින් කාටවත් කියාගන්න බැරැව ලතවෙන.............
හැම පාසැලකම පුංචි පන්ති වල දරුවො ඉන්න දෙමව්පියන්ව ගෙන්නලා ළමා අයිතිවාසිකම් ගැන දරුවන්ට කතා කරන විධිය, තරවටු කරන්කන වෙනවානම් එය සරලව දරුවට හානියක් නොවනන විිදියට කරන විධිය, දරුවන් ඉදිරියේ වැඩිහිටියන්ගේ හැසිරිම කෙසේ වියයුතුද යන්න පිලිබදව හා දරුවන් සම්බන්ධ නිතිරිති පිලිබදව දැනුවත් කල යුතුයි. හුගක් දෙමව්පියො දන්නේ නැහැ දරුවන්ට සැර විධියට බනින්න ලමා පෟරුෂ්තවය නැති කරන්න බැහැ. අමානුසික දඩුව්ම දෙන්නත් බැහැ කියලා. හිතන්නේ මගේ ලමය මට ඕන විධියට හදනවා ගහනවා පනිනනවා කියලා. එහෙම හදලා තමයි රටට අද වෙනකොට මේ ත්වෙට ගිහින් තියෙන්නේ. අද පවුල් ආරවුල් වැඩියි. එහෙම ආරවුල් ඇති තැන්වල ඉන්න නොදරුවො කන්න නැතුව ඉන්නවා. අම්මා උයන්නේ නැහැ කේන්තියට.
පවුල් ආරවුල් ඇති තැන් වල ඉන්න දරුවෝ හැම අතින්ම බැට කනවා. හැමදාම රණ්ඩු, පොලිසි යාම්. එහෙම කියලා ආරවුලු ඇති අයටත් දික්කසාද වෙන්න නොදී නිති තද කළැයි කියලා පවුල් රැකෙන්නෙත් නැහැ. දරුවෝ රැකෙන්නෙත් නැහැ. දරුවොත් දෙමව්පියෝ රණ්ඩු කරන ඒවා බල බල තැලි තැලි ලොකු වෙනවා. එහෙම දරුවො ලොකු වුනාම ඒ අය පවුල් ප්‍රශ්ණයක් ආවම තමන්ගේ අම්මලා ආදර්ශෙට අරන් රණ්ඩු කරනවා. මේක තේරුම් නොගත් රටක් මේක. සම්මතය “අනේ දරුවෝ නිසා පවුල රැකගන්න ඉවසන්න කිව්වට. ඇත්ත නම් එවැනි දෙමව්පියන් වෙන්වෙලා ඉන්නවානම්, කන්කරච්චලයක් නැතුව දරුවන්ට හැදෙනන් පුළුවන්. එක ගෙදර අම්මයි තාත්තයි මරාගන්න කොට දරුවෙක් නිදහසේ පොතක් බලන්නේ කොහොමද? මරා ගන්න අය වෙන් වුනානම් දරුවා කොහේ හරි රණ්ඩු ඇහෙන්න නැතුව හැදෙනවා. අම්මයි තාත්තයි එකටම ඉන්නම ඕනේ නැහැ දරුවෙක් හරියට හදන්න. පිටරට වල රස්සාව කරන අය එකට නැහැ. සැමියා/බිරිද මියගිය අය එකට නැහැ. නමුත් ඒ හැම පවුලෙම දරුවො හොදට හැදිලා නැද්ද?
මුදිත මහත්මයා , කරුණ කරලා මේ රටේ මනෝ විද්‍යා උපදේශනයට නියාමනයක් ගෙනල්ලා පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන්න . උපදේශනය අත්‍යවශ්‍ය කාලයක අපි දැන් ඉන්නේ. අපචාරයට ලක්වෙන දරුවන් වගේම ඒ අයගේ දෙමව්පියනුත් උපදේශනය ට යොමු කල යුතුයි. ඒ වගේම දුෂකයන්වත් උපදේශනයට යොමු කරවිය යුතු වන අතර ඔවුන්ට ඇප ලබාදීම ගැන දෙවරක් සිතිය යුතුයි .