( ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සැකකරුවන් කොළඹ ඇතුළු තදාසන්න අධිකරණවෙත ඉදිරිපත් කිරීමට ආරක්ෂාව සැලසීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
ඒ අනුව අද ( 06) එම ආරක්ෂාව යටතේ කංජිපානී ඉම්රාන් ඇතුළු මත්කුඩු හා පාතාල අපරාධකරුවන් කිහිප දෙනකුම කොළඹ අධිකරණ වෙත ඉදිරිපත් කර ඇත.
මෙම ආක්ෂාව නොලබීම හේතුවෙන් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරුන් හා නිලධාරීන් විශාල පිරිසක් එම සැකකරුවන් අධිකරණයට රැගෙන යාම ප්‍රතික්ෂේප කර තිබිණි.
මෙම බන්ධනාගාරයේ පාතාල සහ මත්කුඩු ජාවාරාම් ඇතුළු වැරදි සම්බන්ධ විශේෂ ගණයේ අපරාධකරුවන් 13 දෙනකු රඳවා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොටම වඩා අති විශේෂ ගණයේ අපරාධකාරයන් ඉන්නේ එළියේ. ඔවුන්ට එස්.ටී එෆ් එකටත් වඩා ඉහළ ආරක්ෂාවක් තියෙනවා. අවංක වහල්ලු පවා මං මේ කියපු දේට එකඟ වෙයි.