ඉරානය ඇමෙරිකානුවන්ට කිසියම් ම හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබේ.
ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් මේ බව දක්වා ඇත.
ප්‍රහාර එල්ල කිරීමට නියමිත ස්ථාන ඉරානයට සහ එහි සංස්කෘතියට අතිශය වැදගත් බවත්, ඇමෙරිකාවට තවදුරටත් ඉරානයේ තර්ජන අවශ්‍ය නැති බවත් ඔහු පවසා ඇත.
එය ඇමෙරිකාව මින් පෙරදී පහර නොදුන් තරමේ ප්‍රහාරයක් විය හැති බවද ඔහු සඳහන් කර තිබේ.
හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු ආකාරයකින් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත.
(ඒ එෆ් පී ඇසුරිනි)
16844




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි සංස්කෘතියක් තියන ජාතින් තමා දන්නේ තම සංකෘතියේ වටිනාකම. එංගලන්තයෙන් පිටුවහල් කළ සමාජ දෝෂිතයින් හට මොන සංස්කෘතියක්ද? තම දෝෂිත සංස්කෘතිය ලොව පුරා ව්‍යාප්ත කිරීමට ගන්නා ක්‍රමවේදයන් ශිෂ්ඨ ලෝකයාහට අනුමත කළ හැකිද?