(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඒ මහතාට ඊයේ (01) බන්ධනාගාරයෙන් අවසර ලැබී නොමැත.
ඒ මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවය ඊයේ කොළඹ හෝටලයක පැවති අතර එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් කිරීමට ඔහුට නියමිතව තිබිණි.
මෙම අවසරය ලබා ගැනීම සඳහා සැකකාර පොලිස්පතිවරයා වැලිකඩ බන්ධනාගාරයෙන් අනුමැතිය ඉල්ලා තිබුණේ මීට සති කිහිපයකට පෙරය.
මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතාගෙන් විමසූවිට ඒ මහතා කියාසිටියේ කිසිඳු සැකකරුවෙකුට හෝ සිරකරුවෙකුට තම මව්පියන්ගේ මරණ වලට සහභාගී වීම හැරුණු විට මංගල උත්සව හෝ වෙනත් කිසිඳූ උත්සවයකට සහභාගි වීමට බන්ධනාගාර අඥා පනතේ ප්‍රතිපාදන නොමැති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය නවන්න ගිය මනුස්සයාට අන්තිමට නීතියෙන්ම වුණු දේ. මේක අපි සියලු දෙනාට පාඩමක්...
එලියට එන්න නම් නීතිඥවරුන් නෙවෙයි ව්ශේෂඤ වෛද්‍යවරයකු හමුවී උපදෙස් ගන්න
කිසිම ත්‍රස්ත ක්‍රියාවක් නොකර බන්ධනාගාර ගතවුණ කෙනෙක්.
සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් ලෙස සිටිනා කාලයේ මෙතුමා මොන තරම් ජනප්‍රිය චරිතයක්ද ? එත් පොලිස්පති උනාම අමුතුම පුද්ගලයෙක් උනා.
අයියෝ මෙයාට නීතිය නවාගන්න බැරිවෙලානේ.කොහොමද ඒ දවස්වල සද්දේ ?
නිලධාරීන්ට හොඳ පාඩම්... කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න එපා.. මොකද ඔවුන් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. බොරුවට මාධ්‍ය සන්දර්ශන දාවි. හැබැයි අන්තිමට අමාරුවේ වැටෙන්නේ තමන්මයි...
පුතාට බඳින්න තිබුන හදිස්සිය නිසා පියාට එම උත්සවයට සහභාගිවී, අත්සන් කිරීමේ අවස්ථාවත් අහිමි උනා ! පියා නිදහස්වී ගෙදර පැමිණෙන තුරු තව ටික කලක් බලා හිටියානම්, පවුලේ අය සමග එකතුවී ජයට මගුල් කන්න තිබ්බා නේද ? මගුල් කෑම පාර්සලයක්වත් රිමාන්ඩ් එකට ගෙනගොස් පවුලේ අය එක්ක බෙදා හදාගෙන කන්න රජයෙන් අවසර ලැබේවිද ? දුක හිතෙන කතාවක් ! ! !
සමහර අයට දෙන නීතියේ සැලකීම් දුටුවාම මේක නම් අසාධාරණ දෙයක්.
තාත්තා එලියට එනකල් පුතාට පොඩ්ඩක් ඉවසන්න තිබුනනේ. ඔච්චර හදිස්සිය?
ඉතාම සංවේධි දෙයක්.
දේශපාලකයන්ට කඩේ ගිහින්ලා කොරගත්ත දෙයක්. මෙයාට රස්සාව කරන්න වෙලාවක් තිබුනේ නැහැ ඇත්තටම, මොකද වැඩිපුරම වෙලාවක් වැය වුනේ ගොන් පාර්ට් වලට.
සමන් මම හිතන්නෙ දේශපාලන හයියක් තියෙන කෙනෙක්.. සාමාන්‍ය අපිට නම් නීතියෙ දෙවඟන නැවුනු තැන් ඉතිහාසයෙ නැහැ...
මොනවා උනත් වැඩේ වැරදියි. තමාගේ එකම පුතාගේ මගුල්ගෙදර කියන්නේ ජිවිතේ එක පාරක් විතරක් එන දෙයක්. මිට වඩා මානුෂික වෙන්න තිබුනා.
මානුෂීය හේතු මත මොහුට පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා අවසර දීමට තිබුනා. මොහු ඉතා දක්ෂ අවංක නිලධාරියෙක්. පොලිසියේ නීතිය නැවීම අනාධිමත් කාලයක සිට තිබුන එකක් වන අතර, එකම වෙනස මොහු එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. මොහුව බොහෝවිට විවේචනයට ලක්වුයේ මාධ්‍ය සමග සමීපව කටයුතු කිරීම නිසයි. වර්තමානයේ සිටින වැඩ බලන පොලිස්පතිවරයා මාධ්‍ය සමග අතේ දුරින් සිටින බැවින් ඔහු නිතර දෙවේලේ විවේචනය නොවෙයි.
"නීතිය" ඒක නම් ඔහුට මගුල් ගෙදර යාමට ඉඩ නොදීම හරි. නමුත් මෙතන තිබෙන්නේ නීතිය රැකීමට වඩා ඔහුට රිදවීමක් කිරීම බව ඕන කෙනෙකුට පෙනෙනවා. පුජිත සිරකරුවෙක් නොවේ. රැඳවියෙක් පමණකි. තමාට විරුද්ධව තිබෙන චෝදනා ඔප්පු වන තුරු ඔහු නිර්දෝෂීය. කොමසාරිස්ට ඉහළ කෙනෙක් මේ නියෝගය කළ බව හිතන්න අමුතු මොලයක් උවමනා නොවේ. ලංකාවේ සිරකරුවෝද මනුෂ්‍යයෝය. එහෙත් රැඳවියෝ මනුෂ්‍යයෝ නොවෙති. ආණ්ඩුව අකමැති රැඳවියෝ කොහෙත්ම මනුෂ්‍යයෝ නොවෙති. ඔවුහු පළිගැනීමට ලක්වෙන අමනුෂ්‍යයෝ වෙති.
තම පුතාට සියලු සැප සම්පත් ලබා දීපු තාත්ත හිරේ ඉද්දි , ඒ මනුස්සයව නොසලකා හැරලා එයා නැතුව මහා හදිස්සියේ කසාද බඳින පුත්තු ඉන්න රටේ තමන්ගේ නොවන ඕන එකෙක් මැරුණට කමක් නැහැ අපිට බලය ලැබෙනවානම් කියල හිතන මිනිස්සු කොච්චර ඇද්ද ?
මාර පුතෙක්නේ... තාත්තා හිරෙන් එනකන් ඉවසන්න බෑනේ...
දෙන්නෙක් එකතුවෙලා හදපු ආණ්ඩුවේ හරියාකාර ප්‍රතිපත්ති තිබුණේ නැති නිසා තමයි අප්‍රේල් 21 ප්‍රහාරය සිදු වුනේ. එමනිසා මෙතුමලා දැන් දුක් විඳිනවා.
ඇත්ත. මෙයා රත්නපුරේ හෙම ඉන්න කාලේ ඉතා හොඳ මානව හිතවාදී පොලිස් නිලධාරියෙක්. මෙයා නරක් වුණේ පහුගිය රජයේ ඇමතිවරුන්ට කඩේ ගිහිල්ලා.
තනතුරු රැකගන්නත්, තනතුරු ගන්නත් දේශපාලනේ පිටුපස යන අයට ගන්න තියෙන ආදර්ශය තමයි අන්තිමට තමන්ගේ පුතත් නෑ කියලා...
ත්‍රස්තයින්ට ත්‍රස්ත ක්‍රියාවලට අනුබල දීමත්, ත්‍රස්ත ක්‍රියාවක් බව දැන්වත් ඉගෙන ගන්න. මොලේ සෛල තව බොහොම බෙදෙන්න තිබෙනවා වගේ පෙනෙන්නේ... මොලේ වැඩෙනකොට සෛල බෙදනවා නේද?