(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලි)
අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
මේ උත්සවය ආරාධිත අමුත්තන් පැමිණීම පෙරවරු 9.00ට ආරම්භ වූ අතර පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදුවිය.
කතානායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහත්වරුන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගනු ලැබූ අනතුරුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති ධජය උඩුකුඹු කළේය.
අනතුරු ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කරනු ලැබිණි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන යාම පෙ.ව 10 ට සිදු කෙරිණි.
ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) අනුව නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද සිදු කෙරිණි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට දක්වා තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරාධිත අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








( ඡායාරූප - ඉෂාන් සංජීව )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එදා සිට කෑ මොර ගහපු මහා බැංකු මංකොල්ලයේ කෝප් වාර්තාවත් හබක්ද ? එහි වාර්තාව අනුව 2015 පාඩුව කෝටි 1100 යි 2002 සිට 2015 දක්වා කොල්ලය කෝටි 88900 ක්. ඒක නිසා බලයට ආපු අයගේ කොල්ලය වහගන්න ඕන නිසා වහනවද කියල සැකයි. බලපුවහම රට මෙහෙම තියෙන එකත් පුදුමයක්නේ.